සියලුම සේවකයින්ට රු. 20.000 දීමනාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවකයින් ආණ්ඩුවට බල කරති

සියලුම සෞඛ්‍ය සේවකයින්ට රුපියල් 20.000 ක දීමනාවක් ඇතුළු ඉල්ලීම් 08 ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කර අද (07) දහවල් (කෑම පැයේ )12 ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .-

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ,ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසිනි .

අමතර දිනයට 1/30 ක දිමනාවක් ලබා නෙ ලෙසත් , බැංකු පොලී අනුපාත පහල දමන ලෙසත් ,සෞඛ්‍ය සේවක හීගය වහා පියවන ලෙසත් අතිකාල රේට් ක්‍රමයට ලබා දෙන ලෙසත් විධිමත් රාජකාරී ලැයිස්සතුවක් හා ස්ථාන මාරු ලබා දෙන ලෙසත් රාජයේ රෝහල්වලට ගෙවන වාට්ටු එපා යන ඉල්ලීම් ඊට අයත් විය .

උද්ඝෝෂකයින් පැයකට ආසන්න කාලයක් සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *