සිරි ධම්ම ,මුදලි රදවා සිටින ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා දක්වති

ත්‍රස්ත පනත යටතේ රදවා තබාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිිිිිිිරි ධම්ම හිමියන් හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නැයි බල කර අද (27) පොල්හෙන්ගොඩ ත්‍රස්ත විමර්ශන කෙට්ඨාශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම උද්ඝෝෂණය අන්තර් විශ්ව වද්‍යාල භික්ෂු හා ශිෂ්‍ය බල මණ්ඩල් මගින් සංවිධානය කර ඇත .

පොල්හෙන්ගොඩ ත්‍රස්ත විමර්ශ එකකය පවත්වා ‌ගෙන යන බුටානියා කැට ගොඩනැගිල්ල ඉදරිපිටට රැස් වු විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් උද්ඝොෂණයේ නිරත වුහ .

උද්ඝෝෂණය අවසානයේම ඒම ස්ථානයේම රැලියක් ද පවත්වන ලදි .

සිරි ධම්ම හිමියන්ව පසු ගිය දින ජාතික රෝහලට ඇතුළත් කළ අතර සිදු කළ පරින්ෂණ වලින් උන්වාහන්සේට ඩෙංගු උණ වැලදි වැල දි ඇති බව අනාවරණය වි ඇතැයි වෛද්‍යවරු පවසති .

සිරි ධම්ම හා මුදලිගේ රදවාගෙන සිටින ගොඩනැගිල්ල නිරූපමා රාජපක්ෂට අයත් ගොඩනැගිල්ලක් බවත් එම ගොඩනැගිල්ලට මාසයකට කුලී වශයෙන් කෝටියක් ගෙවන බවත් වාර්ථාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *