සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරන්නැයි ආණ්ඩුවට එරෙහිව විරෝධය පාති

සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරන්නැයි ආණ්ඩුවට එරෙහිව විරෝධය පාති

සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරනු සහ වසා දමා ඇති පාලි බෞද්ධ සරසවිය වහා විවෘත කරන්නැයි ආණ්ඩුව බල කර අද (27) දහවල් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ( ඉසුරුපාය ) ඉදිරිපිට විරෝධතා උදඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මගිනි .

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදරිපිටට රැස් වු විරෝධතාකරුවන් පලවා හැරීමට ‌පොලිසිය උත්සහ දරද්දි, පොලිසිය සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වි තිබේ .

අධ්‍යාපන අමාත්‍යංශයේ වගකිව යුතු බලධරයෙක් මුණගැසී තමන් මුහුණ දෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට අස්වථාවක් ලබා දෙන ලෙසට උද්ඝෝෂකයින් විසින් ඉල්ලා ඇති අතර ‌‌පොලිසිය මුල දි හයදෙනෙක්ට (06) සාකච්ඡාවට සහභාගි විය හැකි යයි කියා පසුව දෙදනෙක්ට සීමා කර ඇත . පසුව නැවතත් දෙපිරිස අතර බහින්බස්විමක් හට ගෙන තිබේ .පොලිසිය මේ වැනි දේ කරන්නේ උද්ඝෝෂයින් කුපිත කිරීම සදහාය .

පසුව ‌උද්ඝෝෂකයින් දෙදනෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධොරියෙකු මුණ ගැසි සාකච්ඡා කර ඇති බවත් එම නිලධාරයා අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරියෙකු නොවන බවත් අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු නිලධාරීන් සමග තිස්වෙනිදා සානච්ඡාවක් ලබාදිමට ඔහු පොරොන්දු වි ඇත.

සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරන්නැයි ආණ්ඩුවට එරෙහිව විරෝධය පාති
සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරන්නැයි ආණ්ඩුවට එරෙහිව විරෝධය පාති
සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරන්නැයි ආණ්ඩුවට එරෙහිව විරෝධය පාති
සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරන්නැයි ආණ්ඩුවට එරෙහිව විරෝධය පාති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *