සීමා නිරණය හරහා ආණ්ඩුව ඡන්ද කල් දැමීමේ උත්සහයක

පළාත් පාලන ආයතන ඡන්දය විමසීම් නොපැවැත්වීම ආණ්ඩුවේ මීලග උත්සාහය බවත්, එම ආයතන වල සභික සංඛ්‍යාව අඩු කිරීමේ සීමා නිර්ණය කොමිසමේ වාර්තාව ලබා ගැනීමත් පසුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ,දැනට ලබාගෙන ඇති නාමයෝජනා අහෝසී කිරීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් වාර්තාවේ .

ඒම වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු අතර පළාත් පාලන ඇමතිවරයා වන දිනේෂ් ගුණවර්ධනට එම වාර්තාව ලැබිමෙන් පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට යොමු කළ යුතුය .

මේ ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පළාත් පාලන ආයතන වල නාම යෝජනා අහෝසී යෝජනාවක් සරල බහුතරයෙන් සම්මත කිරීම පමනක් ප්‍රමානවත් වන අතර ඒ අනුව පළාත් පාලන ආයතන නාම යෝජනා අහෝසී වී ඒ සදහා නව සභිකයින් සංඛ්‍යාවක් යළිත් නාම යෝජනා කැදවීමට සිදුවේ .

සිය වාර්තාව ලබාදීම සම්බන්ධයෙන් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ දැනට එම වාර්තාව සකස් කර අවසන් බවත් එය මාර්තු 31 වැනිදාට අගමැතිවරයාට බාර දෙන බවත්ය .

එමෙන්ම ම සීමා නිර්ණ යෝජනා ලබාදුන් දේශපාලන පක්ෂවලට මාර්තු 28 දක්වා එම වාර්තාව පරිශිලනය කරන ලෙස දැනුම් දී ඇති බවත් ඒ අනුව පක්ෂ තුනක් සීමා නිර්ණ වාර්තාව පරිශීලනය කළ බවත් ඔහු පැවැසීය .

මාර්තු 19 වැනිදා ධුර කාලය අහෝසී වන පළාත් පාලන ආතන සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ එම කාලයේ පසු ඒවාහි පාලනය නාගරික කොමසාරිස්වරු හා ලේකම්වරු යටතට පත්වන බවයි .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *