සී . ඩි .වික්‍රමරත්න යළි පොලිස්පති ධුරයට

නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මාර්තු 24 වනදා රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ජාවක් සිදු නොවන බව එහි සමාජික පාර්ල්මේන්තු මන්ත්‍රී කමීර් හසීම පවසයි .

හසීම් ඒසේ පැවැසුවේ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාකච්ජා කිරීමට නියමිත ද යන්න පිළිබදව විමසු අවස්තාවේදීය .

වත්මන් පොලිස්පති සී . ඩි . වික්‍රමරත්නගේ සේවා කාලය මාර්තු 25 දින අවසන් වීමට නියමිත තිබෙන අතර නව පොලිස්පතිවරයෙකු පත් නොකරන්නේ නම් ඔහුට සේවා දිගුවක් ලබාදිියයුතුය. කබීර් හසීම් පවසන්නේ පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීමේ කටයුත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස් සභාවට අයත් කාර්යයක් නොවන බවයි .

මේ තත්වය තුල වැඩිදුරටත් වාර්තාවන්නේ පොලිස්පපති සී. ඩි .වික්‍රමරත්නට තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට සේවා දිගුවක් ලැබීමේ තත්වයක් මතු වී ඇති බවයි .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *