සුදු වෑන් සංස්කෘතිය පාට පාට වෑන්වලට මාරුවෙයි

The white van culture is shifting to colored vans

‌‌

පෙරේදා (30) පැවැති විරෝධතා පෙළපාලියට පහර දී අත්අඩංගුවට ගැනීමට විරෝධය පා එදිනම සවස කොළඹ ඩින්ස් පාක්රේ සමාජ හා සමයික කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවට කඩා වැදුනු පොලිසිය වෙනසකට තාරුණ්‍යයක් ව්‍යාපාරයේ ජාතික සංවිධායක ලහිරු විරසේකර ගෙන් කට උත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව දන්වා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ කොළඹ අපරාධ කොඨාශයේ සහාකාර පොලිස් අධිකාරීවරයෙකු විසිනි.

ඔහු සමඟ නිල ඇදුමෙන් නිලධාරීන් දෙදනෙක් සිට තිබේ.

අරගලකරුවන් සහාකාර පොලිස් අධිකාරීවරයා ගේ එම ඉල්ලීමට එරෙහිව විරෝධය පල කළහ.

විරසේකර ගෙන් කට උත්තරයක් ගන්නා මුවාවෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට සහාකාර පොලිස් අධිකාරීවරයා පැමිණ ඇතැයි චෝදනා කළ අරගලකරුවන් විරසේකරට එරෙහිව වරෙන්තුවක් ඇද්දැයි විමසා ඇත .

වරෙන්තුවක් නැතැයි සහාකාර පොලිස් අධිකාරීවරයා පැවැසීමත් සමඟ නොසන්සුන් වු අරගලකරුවන්, වරෙන්තුවකුත් නැති හදිසි නීතියකුත් නැති තත්වයක් ඇතුලේ අත්අඩංගුවට ගත නොහැකි බව පෙන්වා දී තිබේ .

අරගලකරුවන් සහා සහාකාර පොලිස් අධිකාරීවරයා අතර වාග් ප්‍රහාර උත්සන්න වෙද්දී, සමාජ හා සමයික කෙන්ද්‍රයේ ප්‍රධානි රෝහාන් ද සිල්වා පියතුමා ඊට මැදිහත් වි තත්වය පාලනය කර ඇත.

පසුව අරගලකරුවන් ශාලාවෙන් එළියට පැමිණි පසු සහාකාර පොලිස් අධිකාරීවරයා WP – NA – 0410 අංකය සහිත සුදුපාට කේ .ඩ් .එච් .වාහනයේ පිටව ගොස් ඇත.

පැහැර ගෙන ගොස් ඇත්තේ ,WP- NA – 0410 අංක තහඩු සහිත රතු පාට වැන් රථයකින් බව ඇසින් දුටුවෝ පවසති .

කොළඹ අපරාධ කොට්ඨාශය එකම අංක තහඩුව භාවිතා කරමින්, පාට පාට වහන වලින් පුද්ගලයින් පැහැර ගෙන යන බවට සාලින් ද ඇතුළු පිරිස පැහැරගෙන යෑම ප්‍රබල සක්ෂියකි .

එල් .ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව ගෙන ගිය යුද්ධයේ දී මැද කොළඹ පමණක් 700 පමණ දෙමළ තරුණයන් පිරිසක් පැහැර ගෙන ගොස් අතුරුදන් කර ඇති බවත් පැහැර ගෙන ගිය අයගෙන් තොරතුරු ලැබි ඇත්තේ ,44 දෙනෙක් ගේ පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

මෙසේ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇත්තේ, කොළඹ අපරාධ (දෙමටගොඩ ) කොට්ඨාශයටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *