සෙනට් යෝජනාවකින් කියවෙන ලංකාවේ අර්බුදයට හේතුව

The reason for the crisis in Sri Lanka as read by a Senate resolution

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු විනිවිදභාවයකින් යුතුව වෙන් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ සෙනෙට් යෝජනා වේ සඳහන් කර ඇත.

වැරදි කෘෂිකාර් මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් ආර් ථික වශයෙන් සාර් ථක නොවන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා චීනයෙන් බිලියන ගණනක් ණයට ගත් බවත් එම යෝජනාවෙන් කියැවෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩෙස්,සෙනෙට් සභිකයින් වන ඩික් ඩර් බින්,පැට්‍රික් ලීහී සහ කෝරි බුකර් ශ්‍රී ලංකාව පිළිබඳ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

පසුගිය රජයේ දුර්වවල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථක අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් මෙම යෝජනාව මගින් ඉල්ලා ඇත.

ආර්ථික වර්ධනය තුළින් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ප්‍රදානය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක මූල්‍ය සහාය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව එම යෝජානාවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සාමකාමී විරෝධතා ශ්‍රී ලංකා රජය ඉලක්ක කර බව එම යෝජනාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් විසඳුම් සෙවීමට විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව එම යෝජනාවේ දැක්වේ.

එසේම සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ නිත්‍යානුකුල අයිතීන්ට ආරක්ෂක අංශ ගරු කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකවේ ආර් ථිකයට බලපාන වංචා සහ දුෂණ ඇතිවීමට ඉඩකඩ ඇති අවස්ථා විසඳීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශංසා කරන බව එම යෝජනාවේ දැක්වේ.

එසේම ජාත්‍යන්තර සංවර් ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඩ්. සංවිධානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳවද ප්‍රශංසා කරන බවද එහි සඳහන් වේ.

මෙම කරුණු ඇතුළුව තවත් කරුණු රාශියක් මෙම යෝජනාවේ ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *