හම්බන්තොට හිටපු ලොකුම බිල්ලා මහින්ද රාජපක්ෂ

ශාන්ත විජේසුරිය විසිනි

1989 -88 හම්බන්‌තොට දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණට සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධව සිටි තරුණ -තරුණියන් පවා දුන් ලොකුම ගොනිබිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පියා වන හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ බව කුඩාවැල්ල‌ේ ධීවරයෙකු ලංකා ස්කයි නිව්ස් සමග පැවැසීය .

ඔහු එසේ පැවැසුවේ මෙවර පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් ඌව පරණගම ආසනයට සඳහා තරග වදින අපේක්ෂකයා 1988-89 යේ ගෝනි බිල්ලෙකු ලෙස කටයුතු කළ අයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්විමක් වශයෙනි .

රාජපක්ෂ එසේ ප්‍රකාශ කර ඇත්තේ , කොලොන්නාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි .

1988 -89 යේ ජනතා විමුක්ති පෙමුණේ තිස්සමහරාම ආසන සංවිධායක ලෙස කටයුතු කළ මානවහිතවාදියෙකු වු නීතිඥ විජේදාස ලියනාරච්චිව පවා දුන්නා යැයි රාජපක්ෂට චෝදනා එල්ල වි ඇත.

ලියනාරච්චිව පැහැරගෙන ගොස් රදවාගෙන සිටියේ සුප්‍රසිද්ධ බටලන්ද වධකාගාරයේය . බටලන්ද වධකාගාරය ගම්පහ ආසනයේ පිහිටුවා තිබු අතර එවකට එම ආසන සංවිධායක ලෙස මෙන්ම වධකාගාරය භාරව කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය විසිනි .

රාජපක්ෂලාට හම්බන්තොට පැවති ලොකුම අභියෝගය ජ . වි .පෙ . විය . ඌරා කැකුණ තනන විට හබන් කුකුළන්ට රජ මගුල් සේ 1988 -89 කාලයේ හබන් කුකුළෙකු ලෙස හැසිරුණු හිටපු ජනිධිපති රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජ .වි . පෙට සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධව සිටි තරුණ ,තරුණියන්ගේ නාම ලේඛණ රජයේ මෙන්ම පැරා මිලිටරි ( ප්‍රා) කණ්ඩායම් වලට දුන්නා යැයි වෝදනා එල්ල වි ඇතැයි ධීවරයා වැඩිදුරටත් පැවැසීය .

1989 යේ හම්බන්තොට නෙටොල්පිටියෙදී , කුඩාවැල්ලේ පදිංචිකරුවෙකු වන සුසන්තව නාදුනන පිරිසක් විසින් පැහැරගන ගියහ . ඔහුව පැහැරගෙන ගොස් ඇත්තේ තංගල්ලේ එවකට පිහිටි “වාසල” කදවුරයටය . පුතා බෙිරා දෙන්නැයි සුසන්තගේ මව තංගල්ලේ කාල්ටන් නිවස ගිය අවස්ථාවේ බොරු කියන්න එපා පුතාව අල්ලාගෙන තියෙන්නේ රණබිම පත්තරය මිටිය සමග බව රාජපක්ෂ අම්මාට පත්තර මිටිය පෙන්නා එළවාගෙන තිබුණු බව සුසන්තගේ සහෝදරයෙකුගෙන් අප කළ විමසුමකදී පැවැසීය

1989යේ 88 කාලයේ කුඩාවැල්ලෙන් ,දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරයට සම්බන්ධව සිටි තරුණ ,තරුණියන්ට තමන් සමග විවෘත සංවාදයකට එන්නැයි ආරාධනාවක් කර ,විදේශ ඔත්තු සේවාවක නියෝජිතයෙකු සමග රාජපක්ෂ එහි ගොස් ඇති අතර එහි දි ඔවුන්ව මරන්නට සැළසුමක් ඇතැයි හෙළි විමත් සමග රාජපක්ෂ ඇතුළු පිරිස පැන ගොස් තිබේ . සාකච්ජාවකට එන්නැයි රාජපක්ෂ දේශප්‍රේමි සන්නද්ධ අංශයේ තරුණයන්ට අරාධනා කර ඇත්තේ කුඩාවැල්ලෙන් එම සංවිධානයට වැඩකරන තරුණයන්ව අනාවරණය කරගෙන දඩයම් කිරීමටය . දේශප්‍රේමී සන්නද්ධ අංශයෙන් රාජපක්ෂලා මරන්නට සිටින බවට තොරතුරු සැප වු නිමල් සමරකොන්ව පසුව දේ .ස .ව . අංශයෙන් මරා දමන ලදී . එවකට තංගල්ල ආසනයේ දේ, ස .ව. අංශය නායකයාව සිටියේ ගැමුණු නැමැත්තෙකි .

රාජපක්ෂ “නිල් කොටි” නමින් නිල නොවන හමුදා කණ්ඩායමක් පිහිටුවා ගනිමින් රජයේ හමුදා කණ්ඩායම් වලට සහ ප්‍රා සහ කහ බළල්ලු වැනි කුලි සන්නද්ධ කණ්ඩායම් සමග එකතු වි තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා එල්ල වි තිබේ .

ජ .වි .පෙ .නායක රෝහණ විජේවීර සැගවි සිටින බවට ලැබුණු තොරතුරක් මත 1988 දෙසැම්බර් 08 හමුදාව විසින් කුඩාවැල්ල වටලන ලදී . පබල , ගුවන් සහ නාවික හමුදාව එකාබද්ධව සිදු කරන ලද එම මෙහෙයුම මෙහෙවන ලද්දේ , කර්නල් ගෝඨාභය රාජපත්ෂ විසිනි .එහි දී තරුණයන් 80 පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි . මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි රංජිත් ප්‍රියන්ත ජ. වි .පෙට සම්බන්ධයි කියා මරා දමා ඇත. එම තරුණයන්ව ගොනිබිල්ලෙකු ලෙස පෙනි සිටිමින් පාවාදී ඇත්තේ වර්තමානයේ ධීවර සංස්ථාවේ සභාපති සහ දකුණු පළාක් සභවේ සභාවේ හිටපු මහ ඇමති ඩි .වි . උපුල් බවට කුඩාවැල්ලේ මහජනයා චෝදනා කරති . උපුල් රාජය ඇමති ඩි .වි . ජානකගේ පියා වේ .

1988 හම්බන්තොට දිස්ත්‍රික්කය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උඩුගම්පොලට මරා දමන්නැයි රාජපක්ෂ විසින් සිය අත්අකුරෙන් ලියා ලබාදුන් නාම ලේඛනයක් උඩුගම්පොලට තමන්ට පෙන් වු බව දැනට පල වන ප්‍රධාන පුවත්පතක ර්තෘවයෙකු ලියුම්කරු සමග පැවැසීය .

රාජපක්ෂලා ඒක්සත් ජාතික පක්ෂයේ කොළ කොටි සහ රජයේ හමුදා සමග එකතු 1989 සහ 88 සිදු කරන ලද අපරාධ වලින් සිද්ධීන් කිපයක් පමණයි ලංකා ස්කයි නිවි්ස් මෙසේ ලියා දිගහැරීයේ.

රාජපක්ෂ කියන්නේ මොන තරම් නරුම මෘගයෙක් ද යන්න එළිමහනට කාන්දු වන්නට පට ගන්නේ ඝාතකයා තමන් විසින් මරා දැමුවන්ගේ ජිවත්විමේ අයිතිය සදහා ජිනිවා යැමයි . ඊට පසු ඔහු මේ රටේ අගමැති සිට ජනාධිපති දක්වා ගමන් කිරීමය . රාජපක්ෂ විසින් මරා දැමුවා යැයි සහ පාවාදුන්නා යැයි කියන තරුණ තරූණියන් නියෝජනය කළ ජ.වි.පෙ. 2005යේ ඔහුව ජනාධිපති කිරීම එහි ඛේදවාචකයයි .

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ගැමි සුළු ධනේශ්වර ව්‍යාපාරයක් ලෙස හැඩි වර්ධනය වු ජ.වි.පෙ . ධනේශ්වර පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් ඇත .ජ.වි.පෙ .ආරම්භයේ ඇත්තට නොවුනත් කම්කරු -පිඩික ජනයා ගැන දෙඩව්ව ද අද ඔවුන් කතා කරන්නේ ධනකුවේරයන්ගේ ලාභ රෙට්ටු ආරක්ෂා කිරීම ගැනය . ධනේෂ්වර පරස්පරතාවයන් තිව්‍ර වෙද්දී විපලිසරභාවයට පත්ව ජ.වි.පෙ . වටා රැලි වී සිටින සුළු ධනේහවර සහ මධ්‍යම පාන්තික කොටස් තම පන්ති අවශ්‍යතා වෙනුවෙන් ඔීනෑම පවාදීමක් කරන්නට මැලිවන්නේ නැත . ජ .වි .පෙ .2005යේ රාජපක්ෂ ජනාධිපති කරවන ලද්ද‌ේ උතුරු -නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිවය .

2005යේ බලයට පත් රාජපක්ෂ ටිරාන් අලස් යොදාගෙන එල් .ටි .ටි ඊ. යට වරදාන වරප්‍රසාද ප්‍රදානය කර හිලෑ කර ගැනීමට ගත් උත්සහය කඩාකප්පල් කර රාජපක්ෂලාව යුද්ධයට ඇද දැමුවේ ජ.වි.පෙ. සහ ජාතික හෙළ උරුමය විසිනි .

ජ.වි.පෙ . හිටපු නායක සෝමවංශ අමරසංහ එල් .ටි .ටි .ඊ . සංවිධානයට එරෙහිව යුද්ධය ගෙන යන්නැයි අමරසිංහ රාජපක්ෂ ඉල්ලා සිටියේය . යුද්ධ කරන්නේ මොකෙන් දැයි රාජපක්ෂ පෙරළා අමරසිංහගන් ප්‍රශ්න කර සිටියේය . තියෙන ලබ්බකින් කරන්නැයි කී අමරසිංහ අවශ්‍ය නම් තම සාමාජිකයින් පනස්දාක් හමුදාවට බදවන්නැයි රාජපක්ෂට පිළිතුරු දෙමින් පැවැසීය. රාජපක්ෂලා දෙමළ ජනතාවට එරෙහිව උසිගැන් වු ජ.වි.පෙ .දෙමළ ජනතාවගේ ලේ අතේ ගත්තා පමනක් නොව වර්ගවාදී හා අන්ත පසුගාමී පවුලක් රජකරවිම නිසා කම්කරු පිඩිත මහජනයාව අන්ත දුගී භාවයට ඇද හෙළන දමන ලදී

” අද වන විට ජනතා විමුක්ති පෙරමුණේ ඉතිරිව ඇත්තේ ගොනිබිල්ලන් පමණක් බවත් එදා ආණ්ඩුවෙන් හැටදහසක් ඝාතනය කෙළේ නම් ඉතිරි විය හැක්කේ ද පාවා දුන් අය පමණක් බව ” නාමල් රාජපක්ෂ පවසයි

ජ.වි .පෙ . අද ඉතිරිව සිටින්නේ 1988 -89 පවාදුන් ගොනිබිල්ලන් පමනක් බව නාමල් රාජපක්ෂ චෝදනා කරයි . 1989 යේ හැට දහසක් මරා දැමු බවත් ඉතිරි අය ඔහුට අනුව ගොනිබිල්ලන්ය .වර්ෂ 2005යේ එවකට අගමැති රාජපක්ෂව ජනාධිපති කරන ලද්දේ, නාමල්රාජපක්ෂට අනුව ගොනිබිල්ලන් වන ජ.වි.පෙ. විසිනි .

ජ .වි .පෙරමුණේ අද ඉන්නේ ගෙනිබිල්ලන් සහ තාත්තාට සහ බාප්පාට වැරදුනා යැයි අදෝනා කියමින් නාමල් රාජපක්ෂ කැසවන්නේ තම පවුලට සහ ධනපති ක්‍රමයට එරෙහිව කැරැළි ගැසු කම්කරු පිඩිත මහජනයා යළිත් නොමග යැවීමටය .

ලෝක පරිමානව ධනපති ක්‍රමයට කම්කරු පිඩිත මහජනයාගේ අතිමුලික ප්‍රශ්න විසදීමට අපොහොසත්ව ඇතුවා පමණක් නොව මහජනයා වළපල්ලට ඇද දමා ඇත . ජ.වි.පෙ. බදු ව්‍යාපාරයක් වන සිරිසා (රැඩිකග් වාම සන්ධානය ) ව්‍යාපාරය ග්‍රීසියේ තුළ කම්කරු පිඩිත මහජනයා දිව්‍ය ලෝකයට රැගෙන යනවා කියා රුදුරු ප්‍රතිවිපාකයන්ට ගොදුරු කර දි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *