හමුදාවේ සහ වතු පාලනාධිකාරීයේ බලපෑම් හා බියගැන්විම් මැද “වතු කිකිළියෝ” රගදක්වයි

බගවන්තාලාවේ කොටියාගල වත්තේ තරුණ පිරිසක් විසින් ” වතු කිකිළියෝ ” නමින් පෙන්වීමට ගිය නාට්‍යය නතර කර දමන්නැයි හමුදාවෙන් සහ කොටියාගල වත්තේ පාලනාධිකාරීය එම තරුණයන්ට බලපෑම් දමා ඇත .

හමුදාවේ සහ කොටියාගල වත්තේ පාලනාධිකාරීයේ බලපෑම යට නොවු තරුණයෝ ඊයේ (09) කොටියාගල වත්තේ දේවස්ථානය ඉදිරිපිට එළිමහනේ එම නාට්‍ය පෙන්වා ඇත .

මෙම නාට්‍ය පිටපත සදහා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලැබි තිබේ .

“වතු කිකිළයෝ” නැමති නාට්‍ය මුල දී කොටියාගල ක්‍රීඩාංගණයේ පෙන්වීමට කටයුතු කර තිබුන ද පසු එම ක්‍රීඩාංගණයේ ගරු ක්‍රීඩා සංගමයේ සුභසාධක නිලධාරීයා නාට්‍ය එහි පෙන්වන්නට එපා යැයි දැනුම් දී තිබේ . නාට්‍ය පෙන්වීමට සියලු කටයූතු සුදානම් කර තිබියදී එපා යැයි කියන්නේ මන්දැයි එම නාට්‍යයේ නිෂ්පාදක රාසයියා ලෝගානන්දන් එම සුභසාධක නිලධාරීයාගෙන් විමසා ඇති අතර මාඋස්සා කැලේ හමුදා කදවුරෙන් නාට්‍ය පෙන්වීම නතර කරන්නැයි තමාට දැනුම්දුන් බව එහිදී ඔහු පවසා ඇත.

මාඋස්සා කැලේ හමුදා කදුවුරෙන් යැයි කියා ගත් පුද්ගලයෙකු ලෝගානන්දන්ගේ දුරකතනයට කතා කර ඔයා ලෝගානන්දන් නේ ද? ඔයාගේ හැදුණුම්පත් අංකය මේක නේදැයි , ඔයා නාට්‍යයක් පෙන්වනවා නේද ලයත්තු කෝළිගල් කියන ඒකේ සිංහල තේරුම මොකක්ද? දැයි විමසා තිබේ . ලෝගානන්දන් ඒසේ ප්‍රශ්න කරන්නේ ඇයි දැයි හමුදා නිලධාරීයාගෙන් ලෝගානන්දන් විමසු අවස්ථාවේ තොරතුරු දැන ගැනීම සදහා පමණක් බව පැවසු බවත් නාට්‍ය පෙන්වීම නතර කරන්නැයි තමාට උපදෙස් දුන්නේ හමුදාවෙන් බව සුභසාධන නිලධාරීයා තමන් සමග පැවසු බව ලෝගානන්දන් කී විට එසේ බලපෑම් නොකළ බව හමුදාවේ යැයි කියා ලත් පුද්ගලයා පවසා ඇත.

නාට්‍ය රග දක්වන එකේ අපට කිසිම ප්‍රශ්නයක් නැහැ .නමුත් අපේ කලාපයේ රගදක්වනවා නම් අපිට ලිපියක් මාර්ගයෙන් දන්වන්න ඔීනේ .එහෙම නැතිනමි හදිසි තත්වයක් ඇති වුනොත් අපට බලපෑමක් ඇති වෙන්න පුළුවන් .වත්තේ සබාපති හරහා නාටය ගැන අපට දැනුම් දෙන්න ඔිනේ .එහෙම දැනුම් දුන්නාට පස්සේ , අපි මේ ගැන බගවන්තාගාව පොලිසීයට දැනුම් දෙනවා .ඊට පස්සේ නාට්‍ය රගදක්වන්න පුළුවන් යැයි කොටියාගල වත්තේ උසස් නිලදාරියෙකු තරුණ කළ විමසුමකදී පවසා ඇත.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් දකුණු ඉන්දියාවේ සිට වතුකරයේ ජනයා වහලුන් ලෙස මෙරටට රැගෙවිත් අවුරුදු 200 ක් ගතවීමත් ඒතැන් පටන් වතුකරයේ ජනයා මුහුණ දුන් අතිශ්‍ය අමානුෂික තාඩනපීඩන හා සුරාකෑමේ මිලේච්ජ්ත්වය වගේම අපේ ජිවිත වල ඇත්ත තත්වය පෙන්වන්ට “වතු කිකිළියෝ ” නාට්‍යයෙන් උත්සහ ගත් බව එහි අධ්‍යක්ෂක ලෝගානන්දන් ලංකා ස්කයි නිවිස් කළ විමසුකදී පැවසීය .

වතු කිකිළියේ නාට්‍යයට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ අවසර ලැබි තිබියදීත් හමුද්‍ර බුද්ධි අංශ සහ වතු පාලනාධිකාරීය ඒම මණ්ඩලය පවා අභිබවා යමින් සිදුකරනු ලබන බලපෑම් හා බියගැන්වීම් භාෂණයේ ප්‍රකාශනයේ අයිතීයට මෙන් කලාවට සිදු කරන බලවත් ප්‍රහාරයකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *