හමුදා බුද්ධි අංශ මැරයෝ වානාතමුල්ලේ මවක් වෙඩි තබා ඝාතනය කරති

හල්ගහ කුඹුර බොරැල්ල පොලිස් වසමට අයත් ප්‍රදේශයකි . හල්ගහ කුඹුර යනු කුඹුරු වලින් ග්‍රහනව පැවති ගමකි . මිට අවුරුදු 30 කට පමන පෙර කුඹුරු ගොඩ කර පැල්පත් ඉදිකර ඇත . මහල් නිවාස පිටුපස එම පැල්පත් පිහිටා තිබේ . මෙම පැල්පත් වල ජිවත් වන්නේ නව ලිබරල් ආර්ථිකයේ ආශ්චර්යට පින්සිදු වන්නට ජිවිතය පවා අහිමි වී , මිනිස් දුවිලි බවට පත් කළ ජනතාවකි . ඔවුන්ට ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත . ජිවිතය ගැටගසා ගැනීම සදහා සමහරු විවිධ රැකියා වල නිරත වන අතර තවත් සමහරු නීති විරෝධී ක්‍රියා වල ද නිරත වෙති . ඔවුන්ගේ දුගී දුප්පත් භාවය නිසාත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් විම නිසාත් එම ජනයා රාජ්‍ය නිලධාරීන්ගේ , මැතිඇමතිවරුන්ගේ , පොලිසි වල , උසාවි වල , ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සහ පාතාලයේ තාඩන පිඩනයට නිතර ලක් වෙති .

පොලිසිය සහ විහේෂ කාර්ය බලකාය මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සොයා නිතර සෝදිසි මෙහෙයුම් කරන නිසා හල්ගහ කුඹුරට ආරක්ෂක අංශ කඩා වැදීම සමාන්‍ය දෙයකි . එහෙත් 2023 පෙබරවාරි 13 වෙනි දා රාත්‍රියේ භායානක සිදිධියකට එම ජනයාට මුහුණ දෙන්නට සිදු විණ .

හමුදා බුද්ධී අංශයේ මැරයෝ දෙදනෙක් හල්ගහ කුඹුරට කඩා වැදි කාන්තාවක් වෙඩි තබා මරා දැමුහ . මෙසේ වෙඩි තබා මරා දමන ලද්දේ අවුරුදු 25 ක් වයසැති ශ්‍රී වික්‍රම පට්ම්විලගේ මෙලනි කාංචනාය . ඇය දෙදරු මවකි . ඇයගේ ස්වාමීයා මහ බෙත්මගේ සමීර සම්පත් උදය කුමාර (අවුරුදු 27) වේ . ‌එම සිද්ධිය මෙසේ දිගහැරේ .

පෙබරවාරි 13 වෙනිදා වේලාව රාත්‍රි 08 ට පමන පිස්තෝල දෙකාක් අතැතිව හල්ගහ කුඹුරට කඩා වැදුණු පුද්ගලයන් දෙදනෙක් , මත්ද්‍රව්‍ය ඉල්ලා තරුණයෙකුට අතින් පයින් පහර දෙන්නට වුහ . ආයුද අතැතිව සිටි එක් පුද්ගලයෙක් තරුණයාගේ මුහුණ දිගින් දිගටම පහරදීම නිසා කෝපයට පත් වු හල්ගහ කුඹුර ජනයා ඊට විරෝධය පල කර ඹවුන්ව වටකර ‌ගෙන තිබේ .

ජනයා වට කර ගැනීම නිසා බිය පත් වු ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදනා එම ජනයාට පි් එල්ල කර , අපි “විලාසිතා “පොලිසියෙන් ලගට අවොත් තොපේ අම්මලාට ආහවල් දේ කරනවා යැයි කුනුහරුපයෙන් බැණවැදි තර්ජනය කර ඇත.

රුමේෂ්ට ගහන කොට මට කෑගැහුණා . පි්ය අපේ පැත්තට දික් කරලා තොපි එකෙක්වත් ලගට එන්න එපා , අවොත් තොපේ අම්මලාට ආහවල් දේ කරනවා කියලා තර්ජනය කරපු නිසා අපි පස්සට ගිය බව එම සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි අනුුුෂා පිරිස් අප සමග පැවැසුවාය .

“විලාසිතා” පොලිසිිිිියෙන් යයි සන්නද්ධ පුද්ගලයන් පැවැසීමත් සමග හල්ගහ කුඹුර ජනයා නිහඩ වි සමහරු එතැනින් පිටව ගොස් අත . මෙම සිද්ධිය සැලවිමත් සමග විශාල ජනකායක් ඒතැනට එන්නට පටන් ගැනීමත් සමග බියට පත් වු සන්නද්ධ පුද්ගලයන් දෙදනා එම ජනයා භය කර ගැනීමට තරුණයාට අමානුෂික ලෙස පහර දී තිබේ . එම පහර දෙන අවස්ථාවේ සන්නද්ධ පුද්ගලයන් අත තිබු එක් පිස්තෝලයක් පත්තු වි ඇත . පිස්තෝලය පත්තු විමත් සමග ඒතැන සිටි පිරිස් සන්නද්ධ පුද්ගලයන්ගේ බෙල්ලෙන් අල්ලා ඔවුන් කවුදැයි ප්‍රශ්න කර තිබෙි . ඒ විට තමන් හමුදා බුද්ධ අංශයේ බව සන්නද්ධ පුද්ගලයන් දෙදනා පාපා්ච්චාරණය කර ඇත.

මෙලනි තමන්ට වෙඩි වැදුණු බව පවසනවාත් සමග ඇය බිම ඇද වැටි ඇත . මෙලනි වෙඩි වැදි ඇතැයි කෑගැසීමත් සමග සන්නද්ධ පුද්ගලයව අල්ලාගෙන සිටි ගම්වාසීන් ඔවුන්ව අතහැර මෙලනි ලගට ‌ගොස් ඇත. ඒ අතරවරේ සන්නද්ධ පුද්ගලයන් ඒතැන සිටි පිරිස් වලට පිස්තෝල පෙන්නා පැන ගොස් තිබේ . පසුව හල්ගහ කුඹුර ප්‍රදේශයේ ත්‍රිවිල් රියදුරෙකුගේ බෙල්ලට පිස්‌තෝලයක් තබා ඔවුන් ත්‍රිවිලයේ නැගි පලා ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති .

සන්නද්ධ පුද්ගලයන් රුමේෂ්ට පහර දෙද්දි අන් අය මෙන්ම මෙලනි ද එහි පැමිණ ඇත්තේ සිදු වන්නේ කුමක්දැයි සොයා බැලීමටය .

වෙඩි වැදුණු මෙලනිව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය රෝහලට රැගෙන යද්දීත් මිය ගොස් සිටි බව ‌වෛද්‍යවරු ඥාතීන්ට පවසා ඇත . මෙලනිට වෙඩි වැදි ඇත්තේ ඇයගේ පපුව ප්‍රදේශයටය . සන්නද්ධ පුද්ගලයන් අත තිබු පිස්තෝලයක් නොදැනුවත්ත ක්‍රියාත්මක වී මෙලනිට වෙඩි වැදුනා ද නැති නම් එතැන සිටි පිරිස් භය කිරීම සදහා ඔවුන් මෙලනි වෙඩි තැබුවාද යන ප්‍රශ්නයට අපරාධ පරික්ෂකවරුන්ට උත්තර සෙවිය යුතුය . ජනතාව පලවා හැරීම සදහා සන්නද්ධ පුද්ගලයන් මෙලනි වෙඩි තැබු බව එම සිද්ධිය වු අවස්ථාවේ ඒතැන සිටි පිරිස් පවසති . ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කර සිටියේ නම් මෙම චෝදනාවට තර්තයක් ඇත.

මෙම පහර කෑමට ලක් වු තරුණයා හල්ගහ කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රුමේෂ් මධුසංඛය . සන්නද්ධ පුද්ගලයන් ුුුු රුමේෂ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්ගහ කුඹුර ප්‍රදේශයේදිිය. රුමේෂ්ව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඔහුගේ ඔලුවට පිස්තෝලය තබා මත්ද්‍රව්‍ය ඉල්ලා ඇත. මත්ද්‍රව්‍ය නොදුන් තැන ඔවුන් රුමේෂ්ට පහර දී තිබේ . රුමේෂ් හෝ ඔවුන් කලින් දැැනසිටි අය ‌නොවෙ.ති . ඔවුන් රුමේෂ්ව අත්අඩංගුවට ගන්නේ ුඅහම්බෙනි . සන්නද්ධ පුදු්ගලයන්ගේ හැසිරිමෙන් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බව රුමේෂ් මෙන්ම එම සිද්ධිය වු ස්ථානයේ සිටි පිරිස් ද පවසති .

‘එක පාරටම නාදුනන පුද්ගලයන් දෙන්නෙක් ඇවිල්ලා මාව අල්ලා ගත්තා . පස්සේ පිස්තෝලයක් මගේ ඔලුවට තියලා කුඩු ඉල්ලුවා . ඊට පස්සේ කුඩු ඉල්ලලා මට අතින් පයින් පහර දුන්නා . මගේ අත් දෙක පිටුපසට කරලා මාංචු දාලා මුහුණට පහර දුන්නා . ගමේ අය මට ගහන්න එපා කියලා කෑගැහුවා . කුඩු ඉල්ලලා පහර දුන්නාට මාව පරික්ෂා කළේ නැහැ . පොලිසියෙන් නම් අල්ලා ගත් ගමන් පරික්ෂා කරනවා . මට ගහලා කුඩු ඉල්ලපු පුද්ගලයන් කුඩු බීලා සිටි බව’ රුමේෂ් පැවැසීය .

මෙලනිට වෙඩි වැදුණු පසු සන්නද්ධ පුද්ගලයන් දෙදනා පැන ගියේ රුමේෂ්ව පමනක් නොව මාංචු කුට්ටම ද අතහැර දමාය .

බොරුල්ල පොලිසියට එම සිද්ධිය දැනුම් දුන් පසු පොලිසිය සිද්ධිය වු ස්ථානයට පැමිණ ඇත . එහි දී සිද්ධිය වු ස්ථානය පරික්ෂා කළ පොලිසිය සිද්ධිය ඇසින් දුටු අයට පොලිසියට එන්නැයි දන්වා රුමේෂ්ව පොලිසියට රැගෙන ගොස් මාංචු ගලවා ගෙදර එවා ඇත .

මෙලනිට වෙඩි තබා ඝාතනය කළ සන්නද්ධ පුද්ගලයන් හමුදා බුද්ධි අංශ සමාජිකයින් ද නැතිනම් පොලිසියට අයත් පුද්ගලයන් ද එසේ ‌නැතිනම් වෙනත් පිරිසක් ද යන්න බොරැල්ල පොලිසිය හෙළි කළ යුතුය . මොහුන් ආරක්ෂක අංශ වලට සම්බන්ධ අය නම් ඔවුන් හල්ගහ කුඹුරට පැමිණීීීමට පෙර ඉහල නිලධාරීන් මෙන්ම බොරැල්ල පොලිසීය දැනුවත් කර පැමිණියේ ද යන්න සොයා බැලීය යුතුය . මෙම සන්නද්ධ පුද්ගලයන් හල්ගහ කුඹුරට පැමිණ ඇත්තේ බොරැල්ල පොලිසිය දැනුවත් නොකර බව එහි නිලධාරීන් එම ගම්වාසීන්ට පවසා ඇත. හල්ගහ කුඹුරට පැමිණි සන්නද්ධ පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතා කර පැමිණි ඇති බවට ජනතාව එල්ල කරන චෝදනාව බරපතළ එකකි .

පොලිස් දෙපාර්මේන්තුවේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පොලිස් නිලධාරින් 156 දෙනෙක් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත් වු පොලිස් නිලධාරීන් 130 ක්ද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 21 සිටින බව පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න පසුගිය දා වාර්තාවකින් මගින් හෙළි කළේය .

ආයුද අතැතිව මෙසේ අයාලේ යමින් ආරක්ෂක අංශ සමාජිකයන්ට මිනිස්සු මරන්නට අවසර ලැබුණේ කෙසේ ද? පසුගිය මාස කිපය තුළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ පොලිස් අත්අඩංගුවේ දී පහර දි හෝ ආයුද පෙන්නනට ගොස් මරා දැමු සංඛාව ඉහල ගොස් ඇත. පසුගිය දිනවල තැනින් තැන දමා ගොස් තාබු නාදුනන මළ සිරිරු ගණනාවක් සොයා ගැනිණ . සාමය සහ නීතිය ආරක්ෂා කරන්න සිටිනවා යැයි කියන පොලිසිය නීතිය තමන්ට කැමැති පරිිිදි අවභාවිතා කරමින් සිටි . මෙම සිද්ධීන් අහඹු සිදුවීම් ලෙස තවදුරටත් සැලකිය නොහැකිය . ආණ්ඩුව කැසකවන්නේ පොලිස් රාජ්‍යයකට යන්න සැකයක් පවති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *