හර්තාලයට සහය දැක්වන පෙළපාලියක් රාජගිරියෙන් සිට පාර්ලිමේන්තුව දක්වා.

හර්තාලයට සහය දැක්වන පෙළපාලියක් රාජගිරියෙන් සිට පාර්ලිමේන්තුව දක්වා.

 හර්තාලයට සහය දැක්විම සදහා අද( 06) උදේ 10 රාජගිරිය පාලම යටින් පෙළපාලියක් පාර්ලිමේන්තුව දක්වා ගමන් කිරීමට නියමිත බව වාර්තාවේ .

මෙම පෙළපාලිය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මගින් සංවිධානය කර ඇත . * ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පාලනය අවසන් කිරීම .විධායක ජනාධිපති ක්රමය අහෝසි කර රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් පුලුල් වන ජනතාවාදී ව්යවස්ථාවක් සකස් කිරීම . * ව ෘත්තීයසමිති නායකයින් , කම්කරුවන් නියෝජිතයින් ගොවි ධිවර ,ඇතුළු බහුජන නායකයින්ගෙන් සමන්විත ව්යුහයක් සක්ස් කොට ජනතාව බලගැන්විම . * රාජපක්ෂ පවුල ඇතුළු දේශපාලකයින් ,ගජමිතුරු ව්යාපාරිකයින් හෝ උල්ලංඝණය කරමින් අයථා ලෙස උපයා ඇති මහජන මුදල් නැවත මහජනයා සතු කිරීම * ඉන්ධන ඇතුළු අත්යවශ්ය භාණ්ඩ සහ සේවාවල මිල වහාම පහත හෙලීම .ගොවි , ධිවර සහ සුළු පරිමාන ව්යාපාරිකයින්ට සහන සැලසීම .හිවන අංකයට අනුව රාජ්ය අර්ධ රාජ්ය වතු හා පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීම .ක්ෂුදා මුලය ණය ව්න්දිතයන්ගෙන් ණය කපා හැරීම . * කිසිදු මහජන දේපළක් පෞද්ගලිකරණය නොකිරීම .බලවත් රාජ්යයන්ගෙන් ආර්ථික හා දේශපාලන උපාය්මාර්ගික උගුල් වලට ගොදුරු නොකිරීම .වැඩකරන ජනතාව ප්රමුඛ පොදු ජනතාව් පීඩාවට පත් කරන මුල්ය අරමුදලේ කොන්දේසි වලට එරෙහි විම . යන කෙටි කාලීන ඉලක්ක පහක්  වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මගින් ඉදිරිපත් කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *