“හිගන සුද්දන්” යැයි කළ අවමානයේ එල්ලෙන පානි විජේසිරිවර්ධනගේ තත්කාර්යවාදය

“ජවිපෙ නායකයා ගේ සංචාරක “හිඟන සුද්දන්” ගැන මාක්ස්වාදී සටහනක්” යන ශීර්ෂය යටතේ සසප දේශපාලන කමිටුවේ පානි විජේසිරිවර්ධනගේ ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශය දෙසැම්බර් 29 දින පල කර ඇත.

මාක්ස්වාදී විධික්‍රමයට අනුව සැලකූ කල, මධ්‍යම පන්තික විරෝධතා ආකර්ෂනය කර ගන්නා සුලු උත්සාහයක් නො ඉක්ම වූ පානිගේ ප්‍රකාශය “මාක්ස්වාදී සටහනක්” ලෙස නම් කිරීම නො ඉවසිය හැකි වරදකි. තමන්ට රිසි ලෙස ලියන කියන දෙයක් මාක්ස්වාදයේ නමින් ඉදිරිපත් කිරීමට නිර්භීත වීම, මාක්ස්වාදයේ ඓතිහාසික හා විද්‍යාත්මක පදනම් ගැන තැකීමක් නැති කම හෝ ඒ් ගැන වැහෙීමක් නැතිකමේ ස්වභාවය වන අතර, ඒය ශ්‍රී ලංකාවේ ඒකම කම්කරු පන්තික විප්ලවවාදී ප්‍රවනතාව වන සසප තුලින් මතු වීම හා ලෝසවෙ අඩවිය ඒවැනි කටයුක්තක් සදහා යොදා ගැනීමට හැකි විම විශේෂයෙන් සලකා බැලිය යුතු ය.

පානි සදහන් කරන පරිදි, “සංචාරක කර්මාන්තය දියුනු කිරීමට නම් ‘හිඟන සුද්දන්’ ගෙන්වාගෙන පලක් නැතැයි, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගය (ජාජබ) දෙසැම්බර් 23 දා කුරුනෑගල දී පැවැත්වූ රැස්වීමක දී ප්‍රකාශ කලේය.

“චූන්පාන් වෑන් එකෙන් උදේටත් බනිස්, දවල්ටත් බනිස් කන සුද්දො. ඔවුන්ගෙන් හොයන්න පුලුවන්ද ඩොලර්?” යනුවෙන් දිසානායක වර්තමාන සංචාරක ව්‍යාපාරය පිලිබද මතු කෙරී ඇති සමාජ මතයකට ආමන්ත්‍රනය කර ඇත.

ඒ් නිසා, “ඒ්ගොල්ලන්ට තියෙන්නෙ හිගන සුද්දන් ගේන්න. අපිට තියෙන්නෙ ලෝකෙ රස විඳින්න පුලුවන් ඉහල සංචාරකයන් ගේන සැලැස්මක්” ය යි දිසානායක පංපෝරියක් ද ගසා ඇත.උක්ත සටහන මෙම අවලාදවලට පිලිතුරු දීමට සෑහෙන කාලයක් කා දමයි. ඇත්තට ම නම් ඔහු යෝජනා කරන්නේ සංචාරක ව්‍යාපාරයේ නිරත සුලු ව්‍යාපාර වෙනුවට ඉහල ම ප්‍රාග්ධන හිමියන්ගේ ව්‍යාපාරයක් ලෙස මෙම කර්මාන්තය වර්ධනය කිරීමට ය. ලෝක ආර්ථික අර්බුදයේ ගිලී සිටින ශ්‍රී ලංකාවේ ආන්ඩුවට හා ධනපති පන්තියට මෙබදු ව්‍යාපාර තුලින් ඩොලර් උපයාගෙන ලෝක අර්බුදයේ බලපෑම පිටු දැකිය හැකිය යන මිත්‍යාව වැපීරීමේ ඒක නිදසුනක් ලෙසය දිසානායක ‘හිගන සුද්දන්’ වෙනුවට ‘පොහොසත් සුද්දන්’ මතු කර පෙන්වන්නේ.

එහෙත් පානි මෙම ධනේශ්වර පිලිවෙත්වලින් පැන නංවන මූලික ආරථික දේශපාලන හැඩගැසීම් ඒල්ලකරන අභියෝගයෙන් කම්කරු පන්තියේ අවධනය ඉවතට හරවමින්, දිසානායකගේ අවලාදවලට හේතු සාධක සෙවීම මහා විශාල කාර්යක් කර ගනි.

“මෙවන් නින්දිත ගර්හාවන් ඔහුගේ මුවින් අහම්බෙන් ගිලිහුනා නොවේ. කලකට පෙර ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වූ ජවිපෙ ඉතා දැනුවත්ව පෙනී සිටින්නේ ධනපති රාජ්‍යයේ සහ මහ ධනපතියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙනි,” යි පානි සිය සොයා ගැනීම නිවේදනය කරයි. ජවිපෙ ධනපති අවශ්‍යතාව නියොජනය කරන බව පානි සොයා ගන්නේ මෙම නින්දිත ගර්හාව නිසා ය!

අනතුරුව පානි, බරසාර ලෙස සිය හාන්සි පුටුවේ තැන්පත් වී කම්කරුවන්ට මෙසේ නිවේදනය කරයි:

“ධනපති සමාජයේ සියලු දෑ නිෂ්පාදනය කරන ජාත්‍යන්තර කම්කරු පංතියට අයත් විදේශීය කම්කරුවන් ‘හිඟන සුද්දන්’ ලෙස හෙලා දකින දිසානායක සහ ජවිපෙ, එම කම්කරු පංතියටම අයත් තමාට සලකනුයේ එලෙසම බව ශ්‍රී ලංකාවේ කම්කරුවන් අවබෝධ කරගත යුතුය.”

මෙම ප්‍රකාශය “මාක්ස්වාදී සටහනක්” ලෙස පින්තාරු කිරීම සඳහා ඔහු එංගල්ස්ගේ “ඒංගලන්තයේ කම්කරු පන්තියේ තත්වය” නමැති කෘතියෙන් උපුටනයක් ගෙන හර පායි.

ධනවාදය තවමත් නැඟෙමින් පැවැති කාල පරිච්ඡේදයක කම්කරු පන්තිය මුහුන දෙමින් හුන් දුඃඛිත තත්ත්වයන් ගැන එංගල්ස් ලියූ දේ සන්දර්භයෙන් උගුලුවා ඉදිරිපත් කරන එකී උපුටනය මඟින් සිය දියාරු සහ වැනෙනසුලු අදහස් මාක්ස්වාදයට ඈඳීමට පානි දරන උත්සාහය බොලඳ ය. එය හුදු පන්ඩිතමානය හුවා දැක්වීමකට වැඩි යමක් නො වේ. වත්මන් කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ පද්ධතිමය බිද වැටීම මගින් ගිනියම් කර ඇති ක්ෂමා විරහිතව යුද්ධයට හා ප්‍රතිවිප්ලවයට තල්ලු වූ ධනවාදයට ය.

පානි සිය සටහන හෙලිදරව්වක් ලෙස සැලකුවත්, මාක්ස්වාදී හෙලිදරව් කිරීම් යනු අනුභූතීන් පෙනෙ හා අතට අසුවන ලෙසින් ම ඇද බෑම නො ව, ප්‍රවනතාවන්ගේ ඓතිහාසික වෛෂයික පදනම් සොයා මතු කිරීම වන අතර ඒ්වා තුලින් විප්ලවවාදී ප්‍රවනතාව වටහා ගැනීමට හා ක්‍රියා මාර්ගයක් වර්ධනය කර ගැනීමට කම්කරු පන්තියට අවස්ථාව ලබා දීම ය.

පසුගිය ශත වර්ෂයේ සංචාරක ව්‍යාපාරයේ තියුනු උන්නතිය පදනම් වූයේ ඍජුව ම ප්‍රවාහන තාක්ෂනයේ ශීඝ්‍ර හා තීව්‍ර දියුනුව මත ය. ගුවන් හා දුම්රිය ගමනාගමනය හුදෙක් ඉහල ම ආදායම්ලාභීන්ට පමනක් සීමා නො වීමේ තතු තුල ලෝකයේ නො දුටු විචිත්‍ර දර්ශන දැක ගැනීමේ මිනිසාගේ පිපාසය වර්ධනය වූ අතර, එය හඳුනා ගනිමින් පාලක ධනපති පන්තිය එම සංචාර ලාභ ලබන කර්මාන්තයක් ලෙස වැඩි දියුනු කලේ ය.ඒය සංචාරකයන් සඳහා ප්‍රවාහන, නවාතැන් හා විනෝදාස්වාද පහසුකම් සැපයීම ධනපති පන්ති ඒකාධිකාරයක් බවට පත් වී ඇත.

එහෙත් සංචාරක කර්මාන්තයට ද බල පෑ තාක්ෂනයේ පොදු වර්ධනය ධනපති පන්තියට නව ව්‍යාපාරික අවස්ථා සම්පාදනය කර දී ධනවාදය ඒහි ‌ෙඒනද්‍රීය අර්බුදයෙන් නිදහස් කර ගත්තා නො වේ. ජාතික රාජ්‍ය පද්ධතිය හා පුද්ගලික දේපල අයිතිය පවතින තාක් කල්,නිෂ්පාදන බලවේගවල වර්ධනය මනුෂ්‍ය වර්ගයා ම්ලේඡත්වයේ නව රූපකාරයන් තුලට ඇද දැමීමේ තර්ජනය මතු කරයි, යන මාක්ස්වාදී ඉදිරි දර්ශනය සහතික කලේ ය. ජවිපෙ ඇතුලු ධනපති පකෂ හා ආන්ඩු ගන්නා ඔ්නෑම පියවරක් මේ සත්‍යට යටත් ය.

මෙම අර්බුදය විසදිය හැක්කේ සමාජ නිෂ්පාදනයේ සැබෑ නියෝජිතයා වන කම්කරු පන්තිය අතට සියලු කර්මාන්ත හා මූල්‍ය ආයතන පත්වීම මගින් පමනි. ධනේශ්වර අර්බුදය වේගයෙන් කම්කරුවන් තුලට මෙම අවබෝදය ගෙන ඒ්මේ කොන්දේසි වර්ධනය කර ඇත. මේ තතු යටතේ ප්‍රශ්නය වන්නේ දිසානායක ඇතුලු ධනපති නියෝජිතයන් කම්කරු පන්තිය හෙලා දැකීම නො ව, අප විසින් කම්කරු පන්තිය මෙම තත්වයට මැදිහත් වීම පමා කරනු ලැබුවහොත්, සුලු ධනේශ්වර කොටස් කම්කරු පනතියට ඒරෙහි මිනීමරු බලවේගයක් ලෙස මෙහයවා ගැනීමට නියමිත ය යන්න ය. මහජන උද්ඝෝෂෂනසංචාරක ව්‍යාපාරයට විනාශකාරීය යන ධනපති ප්‍රකෝපකරනය දැනටමත් සෑහෙන විශ්වාසයක් දිනාගෙන ඇත.

විජේසිරිවර්ධනගේ ලිපිය නොගැඹුරු, අප්‍රමානවත් හා නොමඟ යවන සුලු එකක් වන්නේ එය මේ අර්බුදයේ සැඟවුනු මේ නූල් පොටවල් තෝරා මතු නො කොට හුදෙක් දෘෂ්‍යමානය පමනක් විවේචනය කරන හෙයිනි. ඒ් මගින් මධ්‍යම පන්තියට ඒකග විය හැකි විරෝධතා ප්‍රකාශයක් මතු කිරීම එම පන්තිය සමග ආවෘත හා අනියම් සංධානයකට මග පාදයි.

“එනමුදු ධනවාදයේ පරාජය සනිටුහන් කරනු ඇත්තේ කම්කරු පන්තිය පන්තියක් හැටියට අනෙක් සියලු ම පන්තීන්ගෙන් වෙන් කර දේශපාලන වශයෙන් දැනුවත් බලවේගයක් බවට පත් කිරීමට මාක්ස්වාදීන් ගෙනයන සටන මිස මතුපිටින් බැලූ කල ශක්තිමත් ලෙස පෙනෙන පලල් වරගවල ඒකමුතුකම් නො වේ.” (කීර්ති බාලසූරිය, ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය, පිටුව 18)

මෙම ප්‍රස්තුත රචනයේ දී පානිට පක්ෂයේ ම ඒවන් පොහොසත් ඉතිහාසයෙන් කැපී වෙන් වීමට සිදුවෙයි. ඔහුට අනුව ජවිපෙ කම්කරුවන් හෙලා දැකීම ඒය ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වීමෙන් පසු සිදු වූ දෙයකි. ඒනම් 1989න් පසු කාල පරිච්ඡේදය වන තෙක් ජවිපෙ කම්කරු පන්ති විරෝධී පක්ෂයක් නො වේ.

කීර්ති බාලසුරියගේ 1970 දී ලියූ ඓතිහාසික ලියවිල්ලක් වන ‘ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය’ කෘතිය තුල මතු කල, මෙහි සදහන් ඉතා ජනප්‍රිය හා සුප්‍රකට ප්‍රකාශය තමන්ට මගහැරුනේ කෙසේ ද යන්න පානි පමනක් නො ව ලෝසවෙ සිංහල අංශයේ කතෘ මන්ඩලය තමන්ගෙන් ම විමසාගත යුතු ය.

“ජනතා විමුක්ති පෙරමුනේ වතු කම්කරු විරෝධය, අද නිකම් ම සිංහල ජාතිවාදය ලෙස හැදින්වීම වැරදි ය. මන් ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ලාංකික ධනේශ්වරය තම පන්ති උවමනාකම් මත සිට වතු කම්කරුවන් වැනසීමට යත්න දරන කාලයක, ඉස්මතු වන සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒ්කාධිකාරී ධනවාදයේ නග්න උපකරනයක් බවට කෙලින් ම පරිවර්තනය වන බැව්නි.”

(ඒම, පිටුව 121)

ඒ අනුව, කීර්ති බාලසූරිය පෙන්වා දුන්නේ, එහි සම්භවයෙන් ම කම්කරු විරෝධී සංවිධානයක් බව ය. මෙය නො තකන පානිගේ ප්‍රකාශය පැරනි වම කම්කරු පන්තියේ සවාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා යයි 2015 දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශනයක දී, ශිෂ්‍යයන්ට ඔහු කී වගකීම් විරහිත කතාවට ම සමාන ප්‍රකාශයක් වන්නේ අවස්ථා දෙකේ දී ම ඔහු ඉතිහාසය විකෘත කරන හෙයිනි.

මේ අනුව කීර්ති බාලසූරියගේ ඉහත දැක්වූ කීර්තිමත් ලේඛනයේ හා පානි විජේසිරිවර්ධනගේ මෙම ලිපියේ ප්‍රවිෂ්ඨයන් එකිනෙකට මුලුමනින් පිලිමල් අයුරින් පිහිටා ඇති බව පැහැදිලි ය. කීර්ති බාලසූරිය ප්‍රශ්නයට ප්‍රවේශ වන්නේ පරස්පර විරෝධී – එනම් අපෝහක – පන්ති අතර සම්බන්ධතාවලිනි. ප්‍රතිවිරුද්ධ පන්තිවල ඓක්‍යය වන පන්ති සමාජය තුල ජවිපෙ දරන ස්ථානයෙනි. පානි පටන් ගන්නේ හුදු එකී බලවේගවල පරස්පරය වන පන්ති ගැටුම සමස්ත පන්ති සම්බන්ධතාවලින් කපා වෙන් කොට ගෙන, සිය අතට අසුවන මානයේ රඳවා ගැනීමෙනි. ඔහු ආමන්ත්‍රනය කරන්නේ දෘශ්‍යමානය මත පදනම් වූ එකී තර්ක වඩාත් ඒත්තු ගන්වා ගත හැකි සමාජ ස්ථරයට ය. මෙය පහසුවෙන් ජාම් බේරා ගත හැකි පරිදි පවතින දෘෂ්ඨිවාදයට අනුගත වීමකි. අනුභූතිවාදය හා තත්කාර්යවාදය යනු මෙයයි.

ඓතිහාසික අත් දැකීම් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් වර්ධනය කරමින් සාමූහිකව ජය ගත යුතු මෙම ප්‍රශ්න මාක්ස්වාදී ව්‍යාපාරයට නුහුරු ඒ්වා නො වේ. පූර්ව විප්ලවවාදී තත්වයක පසුවන සමාජයක් වන වත්මන් සමාජයට ඒ් සදහා තවත් කල් මැරීම ඉවසා සිටිය නො හැකි වන අතර, එසේ කිරීම ලේ වැකි පරාජයන් කම්කරු පන්තියට උරුම කරන අපරාධයක් වනු ඇත.

නන්දන නන්නෙත්ති

03 ජනවාරි 2023

ReplyForward

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed