හිටපු පළාත් සභා ඇමති ඩි.වි. උපුල්ගේ මිනී මරුවාට පොලිස් ආරක්ෂාව

හම්බන්තොට කුඩාවැල්ලේ මහජන ක්‍රීඩාංගණයේ ජුලි (24) වෙනිදා පැවති සංගීත සංදර්ශනයේදී දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකුගේ පෞද්ගලික ආරක්ෂයෙකු සහ තරුණයෙක් අතර ඇති වු ගුටිහුවමාරුවකින් පසු ඇමති ආරක්ෂකයා එම තරුණයගේ නිවසට එදිනම රාත්‍රීයේ ගොස් ඔහුගේ පියාට උල් ආයුධයකින් ඇණ කපා කොටා , ඔත්පලව සිටි මවට ද තියුනු ආයුධයකින් පහර දී ඇත.

පහර කෑමට ලක් වු එච් .එම් සරත් රෝහණ කුඩාවැල්ල රෝහලට ගෙන යන අතරතුරු මිය ගොස් ඇති බවත් මව තංගල්ල රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මරුකර යවා ඇත. ඇයගේ අත කැපීම නිසා, එම මව ජිවිතය බේරා ගැනීමට සමහර විට අත පවා ඉවත් කිරීමට සිදු වෙතැයි ද වෛද්‍යවරු අනතරු අගවා ඇත. ඇමති ආරක්ෂකයා තරුණයාගේ බිරිදට පහර දීම සදහා අය පසුපස පන්නා ඇති අතර ඇය නිවසක් ඇතුළට ගොස් දොරගුලු දමාගෙන ජිවිතය බෙිරාගෙන ඇත.

සරත් රෝහණව තියුණු අයුධයකින් කපා කොටා මරා දමා ඔහුගේ බිරිදව ද අයුධයකින් පහර දීබරපතළ තුවාල සිදු කර ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු ඇමති සහ ධිවර සංස්ථාවේ සභාපති ඩි.වි.උපුල්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වන චමිල එදිරිසුරිය හෙවත් වික්ටර් සුද්දාය නැමැත්තෙකි .

වික්ටර් සුද්දා සංගීත සදර්ශනයේ දී පහර ඇත්තේ එම් .එම් උදාන විකුම් නැමති 29 හැවරදි තරුණයාටය. වික්ටර් සුදු්දා පහර දේදී උදාන විකුම් පෙරළා ඔහුට පහර දීම එම ගැටුමට හේතු වි ඇත.

පොලිස් ආරක්ෂාව ලබා දිය යුත්තේ පහර කෑමට ලක් වු තරුණයට හා ඔහුගේ නිවසට වුවත් පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ ඇමති මැරයාගේ නිවසටය .

උදාන විකුම්වත් මරා දමා තමා පොලිසීයට භාර වන බව වික්ටර් සුද්දා පවසා ඇතැයි වාර්තාවේ.

මෙමත්‍රිපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී උදව් කළා යැයි 2016ය වර්ෂයේ වික්ටර් සුද්දා සනත් ගාමිණි නැමති තරුණයගේ දකුණ අතට කඩුවකින් පහර දී කපා දැමුණි . ඔහුට එරෙහිව පැවති නඩුවේදී වික්ටර් සුද්දාට අවුරුදු 20 කට එළියට දඩුවම් කර සනත් ගාමිණීට රුපියල් ලක්ෂ 30 ක් ගෙවන්නැයි අධිකරණය නියෝග කර සතියක් යන්නට මත්තෙන් මෙම අපරාධය සිදු කර ඇත

ඩි.වි. උපුල් සහ ඔහුගේ පුත්‍රයා වන ඛනිජ තෙල් ඇමති ඩි.වි. ජානක සුද්දාව ඔවුන්ගේ දේශපාන විරුද්ධවාදීන් බිය ගැන්වීමට යොදා ගන්නා බවත් ඒ හයියෙන් වික්ටර් සුද්දා ගමේ චණ්ඩියෙකු ලෙස හැසිරෙමින් මිනිස්සුන්ට පහරදිම් සහ කපා කොටා මරා දැමීම් සිදු කරන බවත් ඒ සැම අවස්ථාවකදීම තාත්තයි පුතයි ඔවුන්‌ගේ බලය පාවිචිච් කර ඔහුව බේරා ගන්නා බව.ත් කුඩාවැල්ලේ ජනතා පවසති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *