ෆොන්සේකා ජනතා විප්ලවය පාරට කැදවයි

රාජය සම්පත් හා ආයතන විකිණීම වහා නතර කරන්නැයි ආණ්ඩුවට බල කර අද (11)සවස නගර සභා පිටිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

ජනතා විප්ලවය නැමැති සංවිධානයක් මගින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි . . ජනතා විප්ලවය සංවිධානයේ නායකයා වන්නේ සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාය .

විරෝධතා උද්ඝෝෂණය සදහා 500 ක පමණ පිරිසක් සහභාගි වී සිටියහ . කම්කරු -පීඩිත මහජනයා මුහුණ දෙන බරපතළ සමාජ ආර්ථීක ප්‍රශ්න නියෝජනය කරන සටන් පාඨ පාට සහිත පුවරු ඔවුන් ඔසවාගෙන සටන් පාට කියමින් උද්ඝෝෂණයේ නිරත වුහ .

පොලිසීය ,කැරැළි මර්දන පොලසීය සහ සන්නාසන්නද්ධ හමුදා සෙබළු ඇතුළු 1000 ක පමණ පිරිසක් උද්ඝෝෂණය මැඩපැවැත්වීම සදහා ආණ්ඩුව විසින් යොදා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *