අරගලකරුවන් පස් දෙනාට ඇප

Bail for the five activists

අරගලකරුවන් සිහි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර දී පැවැත්වූ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත් අරගලකරුවන් පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (10) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රොෂාන් ප්‍රනාන්දු, ධනුෂ්ක ලක්මාල් ජයමාන්න, ලියනගේ විමලසිරි, මොහොමඩ් අයිරාෆ් මොහොමඩ් සහ දේශාන් ඉම්රෝන් නැමැත්තන්ය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සාලිය පීරිස්, රියෙන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න යන මහත්වරුන් ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් ගාලුමුවදොර පිටියේ සිටින ජනතාවට මහජන පීඩාවක් වන අයුරින් මෙම පිරිස කටයුතු කළ බවත් දෙසීයක පමණ පිරිසක් එක්ව සිටි මෙය නවතා දමන ලෙසට පොලීසිය ඉල්ලීම් කළද විරෝධතාකරුවන් එය පිලි නොගෙන කටයුතු කල  බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සාමකාමීව රැස්ව සිටි පිරිස ප්‍රකෝපකාරී කළේ පොලීසිය බවත් පොලීස් නිලධාරීන් කටයුතු කළ  ආකාරය වැරදියි සහගත අතර දරුවන්ට පවා හිරිහැර වූ බවත් ජනාධිපති නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදා හැරිමට නියෝග කළේය.

2 thoughts on “අරගලකරුවන් පස් දෙනාට ඇප

  1. රනිල් , ටිරාන් පරපිඩක ආණ්ඩුව පරදවමු !

    ත්‍රස්තවාදී වැළැක්විමේ පනත. ඇතුළු මර්දන අණ පනත් අහෝසී කරන්නැයි
    බල කර සහ ගාලුමුවදෝර පැවති විරු සමරුව කඩාකප්ප කර ,නීති විරෝධිව අත්අඩංගුවට ගැනිමට එරෙහිව නීතිඥවරුන් සහ සිව්ල් සමාජ ක්‍රියාකාරීන් ඊයේ 10) සවස ගාලුමුවදෝර විරෝධතා උද්ඝෝෂණක් පැවැත් විණ –

    ත්‍රස්තවාදී වැළැක්විමේ පනත අහෝසී කරන ලෙසත් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය තහවුරු ලෙසත් , රනිල් ;ටිරාන් පරපිඩක ආණඩුව පරදමු යැයි සඳහන් සටන් පුවරු රැගත් උද්ඝෝෂකයින් පෙළපාලියෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළ අතර පසුව පොලිසිය උද්ඝෝෂකයින් ගේ ගමන වැළැක්විම සඳහා බැරියල් යොදා පාර වසා දමන ලදී.

    පසුව උද්ඝෝෂකයින් බැරියල් ඉදිරිපිට රැස්විමක් පවත්වා විසිර ගියහ .

  2. විසි දෙකට එරෙහි පොදුජන පෙරමුණ සිට ගනි

    ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ගෙන එමට නියමිත විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් ජන්දය නොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි .

    විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අත්ම ගරුත්වයක් ඇති තමාට ද ජන්දය ප්‍රකාශ කළ නොහැකි බව කාරියවසම් පැවැසීය .

    රටට විශාල විනාශයක් ඇති කළ සහ රට ආරාජික කිරීමට හේතු වු දහනවම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සඳහා 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝනයට පක්ෂව ජන්දය දුන් පිරිසක් ලෙස නැවැතත් 19 වැනි කෙටුම් පනතට ජන්දය දෙන්නේ කෙසේදැයි කාරියවසම් ප්‍රශ්න කර සිටියේය .

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 20 සහ 21 යන දෙදින පැවැත්විමට නියමිත අතර පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ජන්දය විමසීම 21වැනිදා පැවැත්වේ .

    22 වන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා දේශපාලන පක්ෂ කිපයක් විසින් සංශෝධන දැනටමත් රාජයට බාර දී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *