අලි සබ්රී මහා මණ්ඩලයට

Ali Sabri to the General Assembly

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත ඇත.

පසුගිය 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා වාරය 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගිවීමට අමෙරිකාවේ නිව්යෝක් නුවර වෙත ගොස් සිටින විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිත කණ්ඩායම් නායකයින් රැසක් හමුව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී, විදේශ අමාත්‍ය සබ්රි ජනාධිපති ජෝ බයිඩ්න් හා එම මහත්මිය හමුවි ඇත

අමාත්‍ය අලි සබ්රි බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මීන්ද හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *