LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ආර්ථික ඓතිහාසික බැඳුම්කර වංචාව සහ විදේශ විනිමය අර්බුදය.

පතුළක් නොපෙනෙන අගාධයකට වැටෙමින් පවතින ආර්ථිකයේ ගැලවුම්කරු ලෙස නව අගමැතිවරයා බොහෝ දෙනෙකු විසින් වැළද ගන්නා බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් අප අද මුහුණ දෙමින් සිටින විදේශ විනිමය අර්බුදය තීව්‍ර කළ රනිල් වික්‍රමසිංහ රෙජීමයේ චූඩාමාණික්‍ය බදු කුප්‍රකට බැදුම්කර වංචාවේ බලපෑම පිළිබද එකදු වචනයක් හෝ නොකීමට ඔවුන් වග බලාගනි. බැඳුම්කර වංචාව විසින් රාජ්‍ය භාණ්ඩාගාර සුරැකුම්පත් වෙළදපොළට ඇති කරන ලද කම්පනය මෙම ලිපිය අවසානයේදී දැකගත හැකිවෙනු ඇත. එය සංසන්දනය කළ හැක්කේ ලක්ෂ සංඛ්‍යාත පොදු මහජනයා අතර මන්දපෝෂණය ඇති කරමින් ජීවනෝපායන් විනාශ කරමින් සියලු කෘෂි රසායනික තහනම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ විසින් හිටි හැටියේ ගනු ලැබු තීරණයටයි. බැදුම්කර වංචාවට හවුල් වූ ආයතන සහ පුද්ගලයින් විසින් අත්පත් කරගත් රුපියල් බිලියන 12ක් පමණ වන සෘජු ප්‍රතිලාභයන් මගින් අපරාධයේ වපසරිය තීන්දු කළ නොහැකි අතර සමස්ථ මූල්‍ය වෙළදපොල හා සංසන්දනයේදි එම මුදල නොගැණිය හැකි තරමේ ඉතා කුඩා ප්‍රමාණයකි.

කෙසේ නමුත් එය විසින් ශ්‍රි ලංකා රජයේ බැඳුම්කර වල ආයෝජනය කළ විදේශික ආයෝජකයින් වෙත නිකුත් කළ මූල්‍යමය මරණ වරෙන්තුව නිසා භාණ්ඩාගාර බිල්පත් වෙළදපොලේ සියලුම විදේශ ද්‍රවශිලතාවයන් සිදී යන ලදි. කුප්‍රකට බැඳුම්කර වංචාව සිදු වීමට දින දෙකකට පෙර එනම් 2015 පෙබරවාරි 25 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 3.4 ක් වටිනා රජයේ සුරැකුම්පත් විදේශිකයින් සතු විය. බැඳුම්කර වංචාව සිදු වීමත් සමගම ඔවුන් විසින් විදේශ අයිතිය යටතේ තිබු සමස්ථ භාණ්ඩාගර බැඳුම්කර සහ බිල්පත් වසර කිහිපයක් තුළ බිංදුවටම කඩාවැටෙන තුරු ඒවා ඉවත් කරගෙන යාම සිදු කරන ලදි. මේ ආකාරයේ රට තුළට ගලනු ලබන විදේශ ණය හි සුවිශේෂීම ලක්ෂණයක් වනුයේ විදේශිකයින් විසින් වෙළදපොලෙන් මුදල් ඉවතට නොගෙන සිටින තාක් ඔවුන්ට දේශීය මුදල් ඒකක වලින් මෙම බැඳුම්කර සඳහා ගෙවීම් සිදු කර හැකි වීමයි.

බැඳුම්කර වංචාව හේතුවෙන් විදේශ ආයෝජකයින් සිය අරමුදල් ලංකා රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොලෙන් ඉවත් කරගැනීම නිසා ගෙවුම් ශේෂය තුළ ඇති කරනු ලැබු හිඩැස විශාල මිලක් නොගෙවා ලෙහෙසියෙන් වැසිය හැක්කක් නොවුනි. යහපාලන රජයට ඔවුන් සිදු කරන ලද සාහසික අපරාධය විසින්ම පොළබවනු ලැබුයේ රජයේ සුරැකුම්පත් වෙතින් ඉවත් වෙන විදේශිකයින් නිසා පහල බසින විදේශ සංචිත වර්ධනය කර ගැනීම වෙනුවෙන් තව තවත් අන්තර්ජාතික ස්වෛරී බඳුම්කර නිකුත් කිරීමටයි. කෙසේ වෙතත් වෙරිටේ රිසර්ච් සහ අනෙකුත් ව්‍යාජ ලිබරල්වාදීන්ට අනුව යහපාලන රජයට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට හේතු වූයේ හුදෙක්ම ඔවුන්ට පවතින විදේශ ණය පියවීමට සිදු වූ නිසයි. සමුපූර්ණයෙන්ම බැඳුම්කර වංචාව නිසා එළියට ඇඳී ගිය අතිමහත් විදේශ විනිමය සහ පහත වැටෙමින් තිබුණු විදේශ සංචිත යළි ගොඩනැගීම සදහා වන එකම ක්‍රියාමාර්ගය ලෙස අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සදහා එය විසින් නිර්මාණය කරල ලද අවශ්‍යතාවය සම්බන්ධයෙන් හෝ වෙරිටේ රිසර්ච් කිසිවක් කියන්නේ නැත.

සිහිතබා ගතයුතු කරුණ වනුයේ විදේශිකයන් භාරයේ ඇති රජයේ භාණ්ඩාගාර බිල්පත් මෙන් නොව බැඳුම්කර වංචාව නිසා හටගත් බාහිර අංශයේ කඩා වැටීම ක්ෂණිකව විසදා ගැනීම සදහා නිකුත් කළ අන්තර්ජාතික ස්වෛරි බැඳුම්කර පියවිය යුත්තේ විදේශ විනිමය මගින් වීමයි. එම නිසා බැඳුම්කර වංචාව මගින් අවුළවනු ලැබු ආර්ථිකයෙන් ඉවතට විදේශ විනිමය ගලා යාම සමාන විය යුත්තේ විදේශිකයින් ඔවුන් සතුව තිබි ඉවත්කර ගෙන ගිය රජයේ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම මෙන් දෙගුණයක් සහ මෙතෙක් කාලයක් තුළ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර වලට ගෙවනු ලැබු පොළිය එකතු කිරීමෙන් ලැබෙන අගයයි. එහි සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 8.6 කට වඩා වැඩිය. මෙම අගය ශ්‍රී ලංකාවේ වර්ථමාන ජාතික ආදායමෙන් සීයට දහය ඉක්මවන අතර එය වළක්වනු ලැබු අනාගත විදේශ විනිමය ගලා ඒම් සහ වර්ථමාන අර්බුදයට එය කරන බලපෑම තවදුරටත් මෙම අගය ඉහළ දමනු ඇත. බැඳුම්කර වංචාව මගින් විදේශ අරමුදල් වලට දේශීය මූල්‍ය පද්ධතියෙන් ඉවත් වීමට බල නොකෙරුණේ නම් ශ්‍රී ලංකාවට මෙවන් ආර්ථික සහ මානුෂීය ව්‍යවසනයකට මුහුණ දීමට සිදු නොවෙනු ඇත. එම නිසා නව අගමැතිවරයා සමග ආර්ථික සුරක්ෂිතභාවය වෙත යාත්‍රා කිරීම සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු තබා ගැනීම වනාහි හුදෙක්ම ලිබරල් ෆැන්ටසිමය ප්‍රාර්ථනාවක් පමණක් බව ඉදිරියේදි ඔප්පු වෙනු ඇත.

පරිවර්ථනය – ඉෂාන් චාමර

මෙය ධනුෂ ගිහාන් පතිරණ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද The Historic Bond Scam and the Foreign Exchange Crisis යන ලිපියේ දළ සිංහල පරිවර්ථනයකි.

2 thoughts on “ආර්ථික ඓතිහාසික බැඳුම්කර වංචාව සහ විදේශ විනිමය අර්බුදය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *