උතුර, දකුණ එක්කරන මහජන පෙත්සම කොළඹට

People's petition to unite north and south to Colombo

ත්‍රස්තවාදී පනත අහෝසි කිරීමට සහ අනීතිකව අත්අඩංගුවේ සිටින සියලු සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර අද (22) සවස කොළඹ ගාලුමුවදෝර පිටියේ දී මහජන පෙත්සමක් අස්සන් කරන ලදි.

පසුගිය 10වෙනිදා එම පෙත්සම් අස්සම් කිරීම කන්කසන්තුරෙන් ආරම්භ වු අතර එය උතුර ,දකුණ එක්කරන නව පියවර ලෙස හැදින්විණ.

දෙමළ සන්ධානයේ තරුණ සංවිධානය , සර්වජන යුක්ති සන්ධානය සහ ව ෘත්තීය හා බහුජන සංවිධාන විසින් සංවිධානය කරන ලදී.

මහජන පෙත්සම අස්සම් කිරීමේ ව්‍යාපාරය ඔක්තෝබර් ( 02) හම්බන්තොටින් අවසන් වීමට නියමිතය.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ නයකයින් හා නියෝජිතයින් වෘත්තීය සමිති නායකයින් සමාජ ක්‍රියාකාරීන් සහ කලාකරුවෝ ඊට සහභාගි වි සිටිහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *