කොළඹ ක්‍රියාකාරී කමිටුව පිහිටුවයි

The Colombo Action Committee is established

කම්කරු පීඩිත මහජනයා ගේ දැවෙන ප්‍රශ්න විසදන්නට ජානාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව අසමත්ව ඇතුවා පමනක් නොව මහජනයා කනත්ට දක්කමින් සිටියි.

බෙහෙත් නැති කම්කරු පීඩිතයින් මියැදෙති. ආහාර නැති පාසැල් ළමුන් ක්ලන්ත වි ඇද වටෙන අතර ළමුන්ව මන්දපෝෂණයෙන් වෙලා ගෙන ඇත .

ලෝක ධනපති ක්‍රමය ස්වකිය ඉතිහාසය තුල පෙර නොවු විරු අර්බුදයක එරි ඇත .

මිට පෙර මෙන්ම ධනපති පංතිය කම්කරු පීඩිත ජනයා කර මතින් ගොඩ යැමට මාන බැලීය .

දියුනු ධනපති රටවල පමනක් නොව පසුගාමී අප වැනි රට වල පවා කම්කරු පිඩිත ජනයා විදී බැස ඔප්පු කර ඇත්තේ ධනපති පංතියේ අර්බුදයේ බරට කර ගසන්නට සුදානම් නැති බවයි.

ගාලුමුවදෝර අරගලය මගින් පෙරට ගෙන අවෙත් එම පණිවිඩමය .

කම්කරු පීඩිත ජනයා ගේ වැටුප් කප්පාදුවට ,බඩු මිල ඉහල දෑමීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කිරීමේ ධනපති පංතියේ ප්‍රයත්නයන්ට එරෙහිව සටනට අවතීර්ණ වි ඇත .

වෙන කවරදාටත් වඩා ලෝක පරිමානව ධනපති ක්‍රමයට එරෙහිව අරගල ඇවිලෙමින් තිබේ .

ගාලුමුවදොරට රැස් වු කම්කරු පීඩිත ජනයා ඉල්ල සිටියේ ධනපති පාර්ලිමේන්තුව එපා, (225) ක්‍රමයේ වෙනසකි .

ධනපති ක්‍රමයේ මරලතෝනිය අවසන් කිරීමට නම් ලංකාව තුලත් ලෝක පරිමානවත් නිර්ධන නායකත්ව අර්බුදය විසදාගත යුතුය. මානව වර්ගයා මුහුණ දෙන ප්‍රධාන අර්බුදය, නිර්ධන පංති නායකත්වය පිළිබඳ අරබුදයයි.

එම අර්බුදය විසදා ගන්නේ නැති තාක් පරාජයන් ගෙන් සංලක්ෂිත විම වැළැක්විය නොහැකිය .

ස්ටැලින්වාදි ,මාඕවාදි , සහ ව්‍යාජ වම්මුන් ගේ පාවාදිම් මෙම පරාජයන්ට හේතු වි ඇත .

කොළඹ ක්‍රියාකාරී කමිටුව පිහිටු වන්නේ මෙම නායකත්ව අර්බුදය විසදීමටත් ඉදිරියේ පැනනගින අරගලයන්ට මඟ පෙන්විමටත්ය .

කොළඹ පමණක් නොව කම්කරු නිවහන් ප්‍රදේශ වල සහ ගම්බද ප්‍රදේශ වල ක්‍රියාකාරී කමිටු පිහිටු වන්නැයි කම්කරු පීඩිත ජනයා ගෙන් ඉල්ලමු .

කොළඹ ක්‍රියාකාරී කමිටුව පහත ඉල්ලීම් මත සටන් වදියි .

උද්ඝෝෂණයන් අත් අඩංගුවට ගැනීම නතර කරනු !

සියලුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු !

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත ,අත්‍යාවශ්‍ය මහජන සේවා පනත ඇතුලු සියලු මර්දන නීති අහෝසී කරනු !

ධනපති වාර්ගික ව්‍යවස්ථා එපා !

කප්පාදු ,බදු බර හා පුද්ගලීකරණය ඉල්ලා සිටින ලෝක බැංකු, අයිඑම්එෆ් නියෝග ප්‍රතික්ෂේප කරනු !

ධනපතියන්ගේ ණය මහජයා මත පටවන විදේශ ණය ගෙවිම ප්‍රතික්ෂේප කරනු !

දුගීන් ,සුලු ගොවින් සහ ධීවරයන් හා කුඩා ව්‍යාපාර හිමියන්ගේ ණය අහෝසී කරනු !

රැකියා වැටුප් කප්පාදුව නතර කරනු !

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් වටා පෙළ ගැසෙමු !

කොළඹ ක්‍රියාකාරී කමිටුව මගින් සභාපති ,ලේකම් සහ භාණ්ඩාගාරික ඇතුළු නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නා ලදී .

ක්‍රියාකාරී කමිටුවට හා එක්වන්න .

විමසීම් – 0721364304

Leave a Reply

Your email address will not be published. Required fields are marked *