LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ගෝඨා ගෝ ගම අරගලකරුවන් තිදෙනෙක් CID කැඳවයි.

සමාජ ක්‍රියාකාරීන් මෙන්ම අරගලකරුවන් වන ඩිලාන් සේනාරත්න සහා අනුරුද්ධ බණ්ඩාර යන අය කොඹළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ ( 04) කැඳවා තිබුණි .

මැයි 09 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැරයෝ ගෝඨා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයෙකු වන කසුන් ගමගේ අරගලකරු ද ඊයේ (04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කැඳවාන ලදි .

සේනාරත්නව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ , ඔහු විසින් සමාජගත කරන ලද විඩීයෝ පටයක පුද්ගලයන් ගේ නම් සඳහන් කරමින් ඔවුන්ට පහාර දෙන්නැයි කරන ප්‍රකාශය සම්බන්ධයෙනි .

බණ්ඩාර විසින් මුහුණු පොතට දමන ලද වැකියක ප්‍රශ්නයක් ඇතැයි ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් කැඳවා ඇත .

ගෝඨා ගෝ ගමට පහාර දීමට පැමිණි මැරයන් ගෙන් මේ වන විට පොලිසිය අත්අඩංගුවට අරගෙන ඇත්තේ , තිහකට ආසන්න පිරිසකි .

ගෝඨා ගෝ ගමට පහාරදීමට පැමිණි මැරයන් වළක්වනවා වෙනුවට හිටපු ඇමති සනත් නිශාන්ත නැමැති මැරයා සමඟ ගෝඨා ගෝ ගමට ඇතුල් වු බස්නාහිර පළාත් හාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගන්නැයි මහජනතාව කියද්දීත් නිහඩව සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අරගලකරුවන් ගේ වැරැදි සොයමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා බිය ගැන්විමට උත්සහා කරයි .