ජඩ මාධ්‍ය සමන්ත කුමාරව දෙවැනි වරටත් මරා දමයි

නාරාහේපිට ශ්‍රී ලංකා වාත්තීය පුහුණු අධිකාරීයේ කළමනාකාර සහකරුවෙකු ලෙස සේවය කරමින් සිටිය දි කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය (නාකොටික් ) නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී මරා දැමු අන්තොනි සමන්ත ප්‍රිති කුමාරගේ මෘත ශරීරය අද (12) ඔහුගේ බිරිදට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් බාර දෙන ලදි .

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් ජනවාර 10 වෙනිදා නාරහේන්පිට වෘත්තීය පුහුනු අධිකාරීයෙන් කුමාර එළියට පැමිණේන තෙක් රැක සිට පැහැරගෙන ගොස් මරා දමා ඇත.

“ජනවාරි 10 වෙනිදා දහවල් 230 ට පමන දහවල් ආහාර ගැනීම සදහා නාරාහේන්පිට සේසිරි පුඩ් කඩේට ගියා .මම කෑම කා කා ඉන්න කොට සමන්ත ආවා. ඇවිල්ලා කෑම එකාක් ඇණවුම් කරලා මම හිටපු මෙිසයේ පුටුවක ඉදගෙන මගේ බත් එකේ තිබු කුකුල් මස් කැල්ලකුත් කෑවා . පස්සේ කෑම එකත් අරගෙන සමන්ත එළියට යන කොට , කොට කලිසම ඇද පුද්ගලයෙක් සමන්තගේ අතින් අල්ලා සුදු පාට ජිප් රථයකට නග්ග ගන්නවා තමන් දුටු බව” වෘත්තීය පුහුණු අධිකාරීයේ කළමනාකාර සහකරුවෙක් වන මාධව ගමගේ අප සමග පැවැසීය . කෑම කා ආයතනයට ගොස් සමන්තට දුරකතනයට කතා කළ ද දුරකතනය ක්‍රියා විරහිත වි තිබු බවත් පසුදා සේවා ආයතනය පැමිනි පසු සමන්ත අතුරුදන් වි ඇති බව තමා දැන ගත් බවත් ඔහු කිවේය .

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කුමාරව පැහැරගෙන ැරැගෙන ගොස් ඇත්තේ කොළඹ නෙළුම් කුළුණ ඉදිරිිපිට එම මත්ද්‍රව්‍ය කාර්යංශයට අයත් වධකාගාරයකටය . එහි දි ඔහුට වධහිංසා පමුනුවා පහර දි ඇති අතර සිහිසුන් නැති වු පසු නාදුනන පුද්ගලයෙකු යැයි පවසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙි . සමන්තව රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව වෙද්‍යවරුන් පවසා ඇත.

කුමාර මිය ගොස් ඇති බව වෛද්‍යවරු පැවැසිමත් සමග කලබලයට පත් වු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධානින් පරණ තිර රචනය පොඩි වෙනසක් කර ඉදිරිපත් කරන්නට උත්සහ කළ ද එය ගත් තැනම අසාර්ථක වි ඇත. මිට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් මරා දමන ලද්දේ ආයුධ පෙන්විමට ‌ගොස් , සගවා තිබු ආයුධයක් සැකකරු රැගෙන පාලිසියට වෙඩි තබන්නට ගිය අවෂථාවේ හෝ නැතිනම් පැන යන්නට උත්සහ කළ අවස්ථා වල දිය . නමුත් කුමාරව මරා දමා ඇත්තේ වධහිංසා පමුනුවා මරෙන තුරු පහර දිය . කුමාරගෙන් ප්‍රශ්න කරද්දි ඔහු වතුර ඉල්ලා ඇති බවත් පසු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙකු සමන්තට වතුර පිරවු විදුරු වතුර බෝතලයක් දි ඇති බවත් එහි දි ඔහු වතුර බෝතලයෙන් නිලධාරියෙකුට පහර දි ඇති අතර එම අවස්ථාවේ වතුර බෝතලය ගැනීමට පොර බදද්දි සමන්ත මිය ගිය බව කාර්යාංශ නිලධාරීන් පවසති .

මුල දි සමන්තගේ මළ සිරුර නාදුනන මළ සිරුරක් යැයි කොළම ජාතික රෝහලට බාර දි පැන යන්නට උත්සහ කළ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වැඩේ වැරැදුනු තැන නිලධාරියෙකුට පහර දුන් නිසා සමන්තගේ මරණය අහම්බයක් ලෙස පෙන්වීමට වැයම් කළහ . එතැනින් නොවැතුනු ඔවුන් අත්අඩංගුවට ගනිද්දි සමන්ත සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 15 ක් අත්අඩංගුවට ගත් බවත් සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු යැයි කියන පොඩි ලැසීීීගේ සමිපතමයෙකු මෙන්ම ලැසීගේ හෙරෝයින් කෙළඹට බෙද්‍රහරින ජාවාරම්කරු සමන්ත බව සමාජ ගත කරන්නට දෙරණ ඇතුළු ජඩ මාධ්‍ය ආයතන කිපයක පොලිසි සහ මත්ද්‍රව්‍ය කාර්යංශය කියන විට ලියන බඩගොස්තරවාදි මාධ්‍යවේදින් ලවා ප්‍රචාරයක් ‌කරන ලදි . නමුත් අධිකරණ වෛද්‍ය වාර්තාව සමග ජඩ මාධ්‍ය ආයතන වල සහ බඩගොස්තර මාධ්‍යවේදින්ගේ ජඩ මාධ්‍ය භාවිතාව නිරුවත් මේ වැනි සිද්ධි හරහා එළියට පනෙන්න පටන් ගෙන ඇත.

සමන්තගේ හිසට මොට ආයුධයකින් පහර දීම නිසා ඔලුවට ලේ බැස ඇත් බවත් තට්ටමට සහ අත්පා වලට පහර දිම නිසා පටක පුපුරා ගොස් අස්ථි බිදි ඇති බවත් මෙය සමාන්‍ය පහර දිමක් නොව චේතනාන්විතව සිදු කළ ප්‍රචණ්ඩ පහර දිමක් බවත් මුත්‍රා වල ශරීරයේ කිසිදු ඖෂධයක් අඩංගු නැති බවත් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන ‌වෛද්‍ය නිලධාරි යු .ඒ .කේ . තෙන්නකොන් නිකුත් කළ වාර්තාවේ සදහන්වේ .

සමන්තට මත්ද්‍රව්‍ය කාර්යංශය සහ ජඩ මාධ්‍ය ආයතන හෙරෝයින් ජාවාරම්කරුවෙකු මෙන්ම පොඩි ලැසීගේ ගොලයෙකු යැයි එල්ල කරන චෝදනාව ඔප්පු කළ නොහැකි බව අප කළ ගවේෂණ වලින් තහවුරු වි ඇත. මත්ද්‍රව්‍ය කාර්යංශය ඔහුව අත්අඩංගුවට ගත්තේ කාගේ හෝ ව්‍යාජ තොරතුරකට ද නැති නම් සමන්තගේ හතුරෙක්ගේ කොන්ත්‍රාත්තුවක් මත ද යන්න පිළිබද සැකයක් ඇත. වැරැදි තොරතුරකටත් වඩා දේශපාලන හෝ පෞද්ගලික කොන්ත්‍රාත්තුවක් මත සිදු වුවක් ද යන්න පිළිබදව ලියුම්කරුට බරපතළ සැකයක් පැනනගියි .

“මගේ සැමියා ජනවාරි 10 වෙනිදා වැඩ ඇරි ගෙදර ආවේ නැහැ . පසුදා සොයා බලද්දි දැන ගන්නට ලැබුණා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් තම සැමියාව පැහැරගෙන ගොස් මරා දමලා කියලා . අපිට දැන ගන්න ලැබුණා කොළඹ ජතික රෝහලේ මළ සිරුර තැන්පත් කරලා තියෙනවා කියලා . පස්‌සේ අපි ගිහිල්ලා බැලුවා .උන් මගේ මහත්තයාව මරූවා මදිවාට කුඩු ජාවාරම්කාරයෙක් කරලා . මගේ මහත්තයාට පෙලිසියක් පැමිනිල්ලක් වත් නැහැ .දෙරණ මාධ්‍යයෙන් කියන කොට තමා මම දැන ගත්තේ මගේ මහත්තයා කුඩු ජාවාරම්කාරයෙක් කියලා . මම දෙරණ මාධ්‍ය ආයතනයට අභියෝග කරනවා පුළුවන්නම් ඔප්පු කරන්න කියලා . මගේ මහත්තයාගේ කිර්තී නාමය විනාශ කළා . අපිට අද පාරේ බැහැලා යන්න බැහැැැ යන්න බැරි තත්ත්යයක් දෙරණ මාධ්‍ය ඇති කළා යැයි” සමන්තගේ බිරිද වන ටිකිරි හැන්දිගේ ශිරාණි දිල්රුක්ෂි ප්‍රියදර්ශනි ලංකා ස්කයි සමග පැවැසුවාය .

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් මරා දැමීමට පොලිසියට හෝ මත්ද්‍රව්‍ය කාර්යංශයට කිසිදු අයිතියක් නැත.

සමන්තගේ බිරිද සහ ඥාතීන් අද (12) බම්බලපිටියේ මානව හිමිකම් කොම්සමට ගොස් පැමිනිල්ලක් කළ අතර හෙට (13) පොලිස් මුලස්ථානයට ගොස් පැමිනිල්ලක් දැමීමට නියමිතය .

මරදාන පොලිස් ස්ථානය මගින් ‌සමන්තගේ ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන අතර කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක බි .1360 /23 යටගේ පැමිනිල්ල ගොනු කර ඇත.

සමන්ත දෙදරු පියෙක් වන අතර හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

1 thought on “ජඩ මාධ්‍ය සමන්ත කුමාරව දෙවැනි වරටත් මරා දමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *