ජනතාව පලවා හැරි ගෝඨාට අති විශාල වරප්‍රසාද

Exorbitant privileges for Gota, driven out by the people

ජනතාව විසින් පලවා හැරීමෙන් මාස දෙකකට ආසන්න කාලයකට පසුව මෙරටට ගෙන්වාගන්නා ලද ගෝටාබය රාජපක්ෂට සුවිසාල ආරක්ෂාවක් සහ මූල්‍යම වරප්‍රසාද ඇතුළු වරප්‍රසාද රැසක් මහජන මුදලින් ලබාදීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ.

මෙම වරප්‍රසාද අතර කොළඹ 07 මලලසේකර මාවතේ අංක 01 දරන රජයේ නිල නිවාසය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුර ඇතුළු මෙතෙක් දැරූ තනතුරු වෙනුවෙනු ජනාධිපති විශ්‍රාම වැටුපට අමතරව රුපියල් ලක්ෂ 04කට අධික මූල්‍යමය වරප්‍රසාද මාසිකව ලබාදෙමින් තිබේ.

මීට අමතරව ගෝටාබය රාජපක්ෂ වෙනුවෙන් විශාල කාර්යමණ්ඩලයක්, වාහන සංචිතයක්, ලිපිද්‍රව්‍ය සහ සංග්‍රහ වියදම් ඇතුළු වෙනත් වරප්‍රසාද රැසක් මහජන මුදලින් ලබා දීමට නියමිතය.

මෙයට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කම් ගුණරත්න විසින් නිර්දේශකරනු ලබන තත්කාලීනව වෙනස්වන ආරක්ෂක බලඇනියක් වෙනුවෙන් හමුදාවේ ඉහළම නිලධාරියෙකු යටතේ මේ වනවිට අනුඛණ්ඩයක් ලබා දී තිබේ.

මේ සියල්ල අටවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක සේනා විධායක ලෙස අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *