LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ජනාධිපතිගේ නියෝගයෙන් කිරිහල් ටෙන්ඩරය හිතවතෙකුට.

 මිල්කෝ ආයතනයට අනුබද්ධිත නුගේගොඩ දුමිරිය ස්ථානයේ පවත්වාගෙන යන සුළු අලෙවි හල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝගය මත ඔහුගේ හිතවත් ව්යාපාරියෙකුට ලබා දී ඇතැයි සමස්ථ ලංකා දුම්රිය පොදු සේවක සංගමය පවසයි .

සමස්ථ ලංකා දුම්රිය පොදු සේවක සංගමය එසේ පවසා ඇත්තේ ,මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් ය. ජනාධිපති රාජපක්ෂ ඔහුගේ ලක්ෂපති ව්යාපාරිකයෙකුට එම කිරිහල ලබා දී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කැදවන කැදවන ලද ටෙන්ඩරය ද අවලංගු කරන ලෙසට නියෝග කරමින් බව එම නිවේදනයේ සදහන් වේ.

කිරි හල සදහා මසකට රුපියල් 184896 බැගින් මාස හයකට 1294272 ක මුදලක් ගෙවන ලෙසට ප්රසම්පාදන මණ්ඩලයේ අනුමැතිය මත දුම්රිය දෙපාර්තමේන්තුව ගැනුම්කරු කැදවා බවත් කිරිහල පවතවාගෙන ගිය ව්යාපාරිකයාට එම මුදල ගෙවිමට නොහැකි විම නිසා රුපියල් 134000 මුදලකට ඉල්ලා ඇති දෙවන ඉල්ලුම්කරුට ටෙන්ඩරය දීමට දුම්රිය දෙපාර්තමේන්ව කටයුතු කරමින් සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ටෙන්ඩර පටිපාටිය උල්ලංඝණය කරමින් ඔහුගේ ව්යාපාරිකයෙකුට කිරිහල ලබා දෙනැයි නියෝග කර ඇතැය එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ .

වංචා දුෂණ නතර කිරීම රටේ මුල් පුරවැසියාගේ වගකිම වන අතර රටේ නිතී උල්ලංණය කරමින් තමන්ගේ හිතවතුන්ට ආර්ථික වාසි සැලසීමේ ජනාධිපති රාජපක්ෂ ගේ සදාචාරය ද එම නිවේදනය මගින් වැඩිදුරටත් ප්රශ්න කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Weekly Newsletter