දේශපාලනඥයින්ගේ වරප්‍රසාද කප්පාදු කරමු !

Will we put an end to the misuse of politicians' quarters and vehicles?

ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ නිවාසවල රජයේ වියදමින් සපයා තිබෙන සියලුම ගෘහ භාණ්ඩ සහ අන්‍ය බඩු බාහිරාදිය පිළිබඳව ඉන්වෙන්ටරියක් රජයේ සැපයීම් අධ්‍යක්ෂ නිවැරදිව පිළියෙල කොට තබාගත යුතුය. ඔහු යටත් පිරිසෙන් අවුරුදු දෙකකට වරක්වත් ඒ ගෘහ භාණ්ඩ සහ බඩු බාහිරාදිය පරික්ෂා කොට අඩුපාඩු පිළිබඳව ලැයිස්තුවක් පිළියෙල කල යුතුය.

ඉන්පසු ඒ අඩුපාඩු ගැන වගකිව යුතු තැනැත්තා ඒවායේ අලාභය ගෙවිය යුතුය. “ පාවිච්චියේදී සාමාන්‍යයෙන් සිදුවන අබලන්වීම” යන්නට පිඟන් කෝප්ප හෝ එවැනි කුඩා වූද, බිදෙන සුළු වූද, බඩු කැඩී බිඳී යෑම හෝ අඩුපාඩු වීම හෝ ඇතුළත් කළ හැකිය.

එහෙත් හැකි තරම් දුරට පූර්ව අත්දැකීම් පදනම් කරගෙන ඒ ආකාරයට ඉඩදෙන ප්‍රමාණය සම්බන්ධයෙන් සාධාරණ සීමාවක් පැනවිය යුතුය‍‍. ජනාධිපතිතුමා හෝ අග්‍රාමාත්‍යතුමා හෝ තනතුරෙන් ඉවත් වන විටද යටකී පරිද්දෙන් පරික්ෂාවක් කල යුතුය.
මෙසේ සඳහන් වන්නේ ආයතන සංග්‍රහයේ 18 පරිච්ඡේදයේ ඇති නිල නිවාස සම්බන්ධ නඩත්තු කිරීම යටතේය ඉහත
සඳහන් කල ඉන්වෙන්ටරි පරික්ෂාව කතානායකවරයාගේ නිල නිවස සම්බන්ධයෙන්ද අදාළ බව එහි සඳහන් වේ.

ඒ යටතේ ඊට පෙර සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ හා කතානායකවරයාගේ නිල නිවාස සෑම විටම නිසි ලෙසද මනා තත්වයකින්ද රජයේ වියදමින් නඩතුතු කළ යුතුය යන්නය. එසේම ඒවාට අවශ්‍ය ගෘහ භාණ්ඩද විසිතුරු භාණ්ඩ හා මේස සැරසිලි භාණ්ඩද පිඟන් කෝප හා වීදුරු, හැඳි, ගෑරුප්පු පිහියා හා මුළුතැන්ගේ බඳුන්ද රජයේ වියදමින් සෑහෙන ප්‍රමාණයක් සැපයිය යුතුය යන්නය‍‍.

රජයේ වියදමින් සපයන සියලු ගෘහ භාණ්ඩ සහ අන්‍ය බඩුබාහිරාදිය අංග සම්පූර්ණව තබාගත යුතු බවද රජයේ නිවාසවල පදිංචිව සිටින කාලයේදී යම්කිසි කෙනෙකු අතින් යම්කිසි භාණ්ඩයක් නැති වුවහොත් හෝ පාවිච්චියේදී සාමාන්‍යයෙන් සිදුවන අබලන් වීමකින් හැර අන් ලෙසකින් කැඩුනහොත් හැර ඒ තැනැත්තන් එහි අලාභ ගෙවිය යුතුය යන්නය. එය ජනාධිපතිවරයාට අගමැතිවරයාට කතානායකවරයාට හා අග්‍ර විනිහ්චායකාරවරයාටද අදාළ ස්වකීය නිල නිවාස වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් කතානායකවරයාගෙන් හා අග්‍ර විනිශ්චයකාරවරයාගෙන් කිසිම කුලියක් අය නොකළ යුතු බව එහි සඳහන් කර ඇති අතර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගෘහ භාණ්ඩ කුලිය වශයෙන් අග්‍ර විනිශ්චයකාරවරයාගේ වැටුපෙන් සියයට 1ක් ගෙවිය යුතු බවය.

ජලය විදුලිබලය සහ ගෑස් සඳහා ගෙවීම රජයේ නිවාසවල පදිංචි නිලධාරියා ගෙවිය යුතුය යන්න ආයතන සංග්‍රහයේ 19
පරිච්ඡේදය යටතේ ඇති රජයේ නිවාස සම්බන්ධයෙන් සඳහන් කර ඇත. එකී බලශක්ති අවශ්‍යතා සම්බන්ධයෙන් රජයේ
නිල නිවාස හිමි ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා හා අග්‍ර විනිශ්චයකාරවරයා ගෙවීම් කළ යුතුද යන්න
එහි සඳහන් නොවන අතර ඒ නිසාම එය නිශ්චිත නැත.

ඉහත සඳහන් කරන ලද කරුණුත් සමඟ ආයතන සංග්‍රහය අපට මේ මොහොතේ වැදගත් වන්නේ වෙන කිසිවක් නිසා නොව එහි ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ අදහස් පලකිරීමේ අයිතිය සීමා කිරීමට ආණ්ඩුව ගත් උත්සාහය නිසාය. ආණ්ඩුවේ එම උත්සාහයට රාජ්‍ය සේවක වෘත්තීය සමිතිවලින් මෙන්ම අදහස් පලකිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලින් හා පුද්ගලයින්ගෙන් බලවත් විරෝධයක් එල්ල වූ අතර රාජ්‍ය සේවකයින්ගේ අදහස් පලකිරිම ඒ ආකාරයට සීමා කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුද ගෙනහැර දක්වනු ලැබීය. රජයේ නිල නිවාස හෝ රජයේ නිවාස ලැබෙන්නේ රාජ්‍ය සේවකයින්ටම පමණක් නොවේ. ඉහත සඳහන් ක)කඑත දේශපාලන
හා එසේ නොවන තනතුරු ලාභීන්ට මෙන්ම මැති ඇමතිවරුන්ටද රජයේ නිවාස ලැබේ.

ඉහතින් සඳහන් කර ඇති ආයතන සංග්‍රයේ සඳහන් කර ඇති ආකාරයට එකී නිල නිවාසවල ගීහ භාණ්ඩ සම්බන්ධයෙන්
ඉන්වෙන්ටරි පර්ක්ෂා කිරීම් සිදුවනවාද යන්න අවිනිශ්චිතය. මන්ද ඒ එහි සඳහන් කර ඇති ආකාරයට ගෘහ භාන්ඩ
නැතිවීමක් සම්බන්ධයෙන් එම නිවාස භාවිතා කළ අයගෙන් අය කිරීමක් සිදුකර ඇති ආකාරයක් අප මෙතෙක් දැක නැති
නිසාය. මෙහිදී දේශපාලනඥයින් නොවන අපට පොදු මහජනයා ලෙස වඩාත් වැදගත් වන්නේ රජයේ නිල නිවාස හෝ
රජයේ නිවාස යන පොදු මහජන දේපල අවභාවිතා වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය.

එය ඇත්තටම දේශපාලනඥයින්ට ලබාදෙන වාහන පහසුකම් තත්වයට අද පත්වී ඇති ආකාරයක් පෙන්නුම් කරයි.
1977 න් පසු ජේආර් ජයවර්ධන ඇති කළ වරදාන ලබාදීමේ ක්‍රමයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබා ගැනීමේ බලපත්‍රයක් නිකුත් කලේ නැත. ගෝල්ෆේහි පාර්ලිමේන්තුව සඳහා කෝච්චියේ පැමිණිමට ඔවුන්ට ලැබුණේ වොරන්ට් එකක් හෙවත් බලපත්‍රයක් පමණය. පාර්ලිමේන්තු සභාවාරය සඳහා කෝච්චියේ ආවද තම තමන්ගේ පෞද්ගලික වාහනයේ ආවද මන්ත්‍රීවරුන්ට ඉන් එහා දෙයක් ලැබුනේ නැත. ඊට අමතරව පිට ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වීම සඳහා ශ්‍රාවස්තියේ නැවතීමේ පහසුකම්ය. මන්ත්‍රී වාහන බලපත්‍රය යන්න අද මන්ත්‍රීවරුන්ට මුදල් සොයා ගත හැකි ඉල්ලමකි. ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙතරම් අවප්‍රමාණය වී නොතිබි කාලයේ පවා එම බලපත්‍රයක් විකිණිය හැකි වටිනාකම රුපියල් කෝටි ගණනක් විය. අවුරුදු පහෙන් පහට වාහන බලපත්‍ර ලැබෙන නිසා එම බලපත්‍ර බොහෝ විට විකුණිනි. ඊටත් අමතරව ඇමතිවරයෙකු නියෝජ්‍ය ඇමතිවරයෙකු රාජ්‍ය ඇමතිවරයෙකු හෝ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වීම නිසා රජයෙන් නිල වාහන පහසුකම් ලැබෙන නිසාද බලපත්‍රය විකිණීම සඳහා අවකාශ සැලසුණි.

මෙම වාහන බලපත්‍රය ඇත්ත වශයෙන්ම සැළකිය යුත්තේ මන්ත්‍රීවරයෙක්ට ලබාදෙන නිල වාහනයක තත්වයෙන්ය. මන්ද එම බලපත්‍රය ඔවුන්ට ලබාදෙන්නේම පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණීම ඇතුළු මහජන කටයුතු පහසු කරලීම සඳහා වන බැවින්ය. එහෙත් බලපත්‍රයක් මගින් වාහන ලබා ගත්තද ඒ සඳහා මුදල් ගෙවිය යුත්තේ මන්ත්‍රීවරයා බැවින් එම අදහසට එකඟ විය නොහැකි බව යම්කිසිවකු කිව හැකිය. එහෙත් ඇතත් තත්වය වන්නේ මන්ත්‍රීවරයාට අදාල කටයුතු කර ගැනීම වෙනුවෙන් මෙම බලපත්‍රය ලබාදෙන බවය. එම බලපත්‍රයක් මගින් ලබාදෙන බදු රහිත පහසුකමේ අගය බලපත්‍රයේ
සඳහන් කර ඇති අගය මෙන් කිහිප ගුණයකි. නිල වාහන හිමි සමහර රජයේ නිලධාරීන් ඒ සඳහා තමන්ගේම වාහනය
යොදාගෙන ඒ සඳහා කුලී හෝ වෙනත් දීමනාවක් ලබා ගන්නා තත්වයකට ඕනෑ නම් මෙම අවස්ථාව සමාන කළ හැකිය.

ඒ නිසාම ලියුම්කරුගේ යෝජනාව වන්නේ මන්ත්‍රීවරයෙකු වශයෙන් වාහන බලපත්‍රයක් ලබා ගන්නා කිසිඳු මන්ත්‍රීවරයෙකුට ඔවුන් ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් හෝ අධීක්ෂ්ණ මන්ත්‍රීවරුන් වශයෙන් පත්වීම් ලබද්දී වාහන පහසුකම් ලබා නොදිය යුතු බවය. මන්ද බලපත්‍රයක් ලෙස නිල වාහනයකට අදාල පහසුකම් ඔවුන්ට ලබාදී ඇති නිසාය)ඃ39ත එහිදීත් එම තර්කය ප්‍රතික්ෂේප කරමින් බලපත්‍රයේ වාහනය තමන්ගේ පුද්ගලික වාහනයක් යැයි කියන්නේ නම් ඔවුන්ට කිය යුතු තව දෙයක් වන්නේ ඇමතිවරයෙකුගේ රාජකාරියට අයත් නැති ඔවුන්ගේ පෞද්ගලික හා දේශපාලන කටයුතු කිසිවකට රජයේ නිල වාහනය භාවිතා කිරීම රාජ්‍ය දේපල අවභාවිත කිරීමක් බවය. නිල වාහන තිබිය හැක්කේ එකක් වුව මේ අය නිල වාහන කිහිපයක්ම භාවිතා කරන බව අප දන්නා සත්‍යයය රජයේ නිල නිවාස සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගේ හැසිරීමද ඉහත සඳහන් කළ වාහන අවභාවිත කිරීමට වෙනස් නැත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු නිල නිවාස නොලැබෙන්නේ බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනේ මන්ත්‍රීවරුන්ට පමණය. අනෙක් මන්ත්‍රීවරු සියල්ලටම එකී පහසුකම ලැබේ. සමහරුන් බස්නාහිර පළාතෙන් පිට දිස්ත්‍රික්කයකින් මුලින් තේරී පත්වී පාර්ලිමේන්තුට පැමිණ ලබාගත් නිල නිවාස බස්නාහිර පළාතෙන් තේරී පත් වුවද ලබාදෙන්නේ නැත. බස්නාහිර පළාතෙන් පිට දිස්ත්‍රික්කයකින් තේරී පත්වී පාර්ලිමේන්තු නිල නිවාසයකුත් ලබාගෙන ඉන්පසු කුමන හෝ ඇමතිවරයෙකු බවට පත්වීමේදීත් එකී තනතුරට අදාළ තවත් නිල නිවාසයක් ලබා ගැනීම සිදුකරයි. පාර්ලිමේන්තු නිල නිවාසය ඥාතියෙකුට හෝ ආරක්ෂක නිලධාරීන් සඳහා ලබදෙයි. මෙයද රාජ්‍ය දේපල අවභාවිත කිරීමකි. නිල නිවාස දෙකක් කිසිවකුට භාවිතා ක)කඑත නොහැකි වීම එයට හේතුවය.

තවදුරටත් අප සැළකිල්ලට ගත යුතු එහි අනෙක් කාරණය වන්නේ නිල නිවාස පහසුකම් ලබාදීම සිදුවන්නේ කොළඹ හෝ ඒ
අවට තමන්ටම කියා නිවසක් නැති පුද්ගලයින්ට වීමය. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අදාළ විය යුතු අතර එසේ නොවේ යැයි කීමද රාජ්‍ය දේපල අවභාවිතයට උඩගෙඩි දීමකි. ගෝල්ෆේස්හි සාමකාමී අරගලකරුවන්ට පහර දීමෙන් පසු මැයි 09 වැනිදා හා ඊට පසුදා රටපුරා ඇති වූ විශේෂයෙන් ආණ්ඩුවේ දේශපාලනඥයින් ඉලක්ක කරමින් ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියාවලදී දේශපාලනඥයින් බොහෝ දෙනෙකුගේ නිවාසවලට අලහභානි සිදුවී තිබුණි. මෙසේ අලහභානි සිදුවූ බස්නාහිර පළාතට පිටින් තේරී පත්වූ සමහර මන්ත්‍රීවරුන්ට කොළඹ හා ඒ අවට පෞද්ගලික නිවාස තිබී ඇති බව අනාවරණය වුණි. එවැනි අයට
පාර්ලිමේන්තු නිල නිවාස ලබාදීම හා කුමන හෝ ඇමතිවරයෙක් ලෙස නිල නිවාස ලබාදීමද රාජ්‍ය දේපල අවභාවිත

කිරීමක් විය යුතුය)ුමදඑත මන්ද ඔවුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට හෝ අමාත්‍යාංශවල රාජකාරියට පැමිණීමට
හැකි දුරකින් පෞද්ගලික නිවාස තිබෙනා බැවින්ය. පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියේ ඊ කුළුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ඒකක 101ක් සිදුවූයේ එසේ නිවාස හානියට පත් මන්ත්‍රීවරුන් වෙනුවෙන්ය. අවශ්‍ය නම් එම නිවාස මන්ත්‍රීවරුන්ට මිලදී ගත හැකි බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස 2022 මැයි 30 දින සහිතව ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබුණි. එම මන්ත්‍රීවරුන් අතරින් යම් පිරිසක් එම නිවාස මිලදී ගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන නිල නිවාසයකට ඔවුන් සුදුසුකම් ලබන්නේ නැත. එමෙන්ම එම නිවාස නිල නිවාස ලෙස ස්ථීරවම භාවිතයට ගන්නේ නම් ඔවුන්ද කුමන හෝ තවදුරටත් ඇමතිවරයෙකු ලෙස නිල නිවාසයකට හිමිකම් කිවයුතු නැත. එහෙත් අප රටේ මෙතෙක් සිදුවූයේ හා සිදුවෙමින් පවතින්නේ එහි අනෙක් පැත්තය. මන්ත්‍රීවරුන් නිල වාහන කිහිපයක් භාවිතා කරනවා මෙන්ම නිල නිවාස එකකට වැඩි සංඛ්‍යාවක් භාවිතයට ගැනීමය.

රාජ්‍ය සේවකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීම සඳහා භාවිතා කිරීමට සැරසෙන ආයතන සංග්‍රහයට අනුව නම්
රජයේ නිල නිවාස ඇත්තේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කතානායකවරයාට හා අග්‍ර විනිශ්චයකාරවරයාට පමණය. අනෙකුත් රජයේ නිවාස නිල නිවාස නොව රජයේ නිවාසය. එහි තේරුම වන්නේ එකී නිවාස ස්ථීර වශයෙන්ම යම් තනතුරකට වෙන්කර නැති බවය. ඇමතිවරුන්ට නිල නිවාස නාමයෙන් ලබාදෙන නිවාස ස්ථීර වශයෙන්ම එක් විෂයක
ඇමතිවරයෙක්ට වෙන්වී නැත්තේ ඒ නිසාය. එකම අමාත්‍යාංශයකට පත්වන ඇමතිවරුන් විවිධ නිවාස ලැබෙන්නේ ඒ
නිසාය.ඉහත සඳහන් කල නිල නිවාස සම්බන්ධයෙන් මෙන් මන්ත්‍රී නිවාසවලට හා ඇමති නිවාසවලට ගෘහ භාණ්ඩ රජයෙන්
සැපයීමේ හැකියාවක් නැත. එහෙත් අප දන්නා යථාර්ථය වන්නේ ඇමති නිවාසවල ගෘහ භාණ්ඩ ඇතුළු බොහෝ පහසුකම් එකී අමාත්‍යාංශවලින් සපුරා ගන්නා බවය. අලුත් රටක් නිර්මාණය කර ගැනීමේදී අප වෙනස් කර ගත යුත්තේ නිවැරදි කල යුත්තේ හා වැළැක්විය යුත්තේ රාජ්‍ය දේපල වන නිල වාහන හා නිල නිවාස අවභාවිත කරමින් පවතින මෙම දේශපාලන සංස්කෘතියය.

(උපුටා ගැනීම – අනිදදා පුවත්පත – ලසන්ත රුහුණගේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *