මහජන මුදල් කොල්ල කෑ සභාපති ගෙදර යවන්නැයි බැංකු සේවකයින් ආණ්ඩුවට බල කරති

Immediately remove the chairman of the Bank of Ceylon, who is misusing public funds, and start a forensic audit Protect public money!

මහජන මුදල් අවභාවිතා කළ ලංකා බැංකුවේ සභාපති වහා ඉවත් කර ,වෝහාරික විගණයක් අරඹනු යැයි බල කර ලංකා බැංකු සේවක සංගමය ඊයේ (27) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම උද්ඝෝෂණය සඳහා ලංකා බැංකු සංගමයේ සමාජිකයින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති ගේ දුෂණ වංචා හෙළි කරන ලෙසට හා වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම වහා නතර කරන්නැයි උද්ඝෝෂකයින් ආණ්ඩුවට බල සිටියහ.

මොකක්ද මේ – මේ බලවේගේ

බැංකු අපේ – බලවේගේ
එදත් අදත් – හෙට දවසෙත්
බැංකු රකින – බලවේගය

මොකක්ද මේ – විරෝදේ
සේවක අපේ – විරෝදේ
නායකයින් – හිරකළාට
බැංකු අපේ – විරෝදේ

හතර දෙසින් – වරෙල්ලා
රොද බැදගෙන – වරෙල්ලා
පහන් ටැඹේ – හොර දෙටුවා
පන්නන්ට – ,වරෙල්ලා

සභාපතිගේ – මහ වංචා

හෙළි කළ වුන් මර්දනයට

සේවකයිනි ඉඩ දෙනවාද

යන්න තවත් මේ ක්‍රමයට

මොන බලයත් ජන බලයට

යටයි ඒක – දැනගනිල්ලා

හොරු එළවන – බලය හමුවේ

රෙදි නැතිව – දුවපල්ලා

යන සටන් පාඨා කියමින් උද්ඝෝෂකයින් පැයකට ආසන්න කාලයක් විරෝධතා උද්ඝෝෂණයේ නිරත වුහ .

Protect public money !
Initiate a forensic audit
Protect public money !
Initiate a forensic audit
Protect public money !

1 thought on “මහජන මුදල් කොල්ල කෑ සභාපති ගෙදර යවන්නැයි බැංකු සේවකයින් ආණ්ඩුවට බල කරති

  1. මහජන මුදල් කොල්ල කෑ සභාපති ගෙදර යවන්නැයි බැංකු සේවකයින් ආණ්ඩුවට බල කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *