මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පාස්කු වින්දිතයන් සමඟ රෝමයට.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ආරාධනයෙන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික රදගුරුතුමන්ලා ඊයේ (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් රෝමය බලා පිටත් වි ඇත .

නීතිඥයින් හා පාස්කු වින්දිතයින් රැගෙන වතිකානුවට ගිය කාදිනල් තුමා ලබන සදුදා ( 25) රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ දී පැවැත්වීමට නියමිත විශේෂ දිව්‍ය පූජාව හා යැදුම් මෙහෙයකට මෙම පිරිසක් සහභාගිවීමට නියමිතය .

කාදිනල් තුමා ප්‍රමුඛ රදගුරුතුමන්ලා උදෑසන 5ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දොහා කාටාර් බලා පිටත්ව ඇති අතර ඉන් අනතුරුව වතිකානුව බලා පිටත්වීමට නියමිතය.
කටුවාපිටිය සහ කොච්චිකඩේ ඇතුළු බෝම්බ පිපිරීම්වලින් විපතට පත්වූ වින්දිතයින් 30 දෙනෙකු ද මෙම විශේෂ දිව්‍ය පූජාවට එක් වන අතර එම පිරිස තවත් ගුවන් යානයකින් ඊයේ උදෑසන 10ට පිටත් වූ හ.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග දිවයිනේ බොහෝ රදගුරුවරුන් සහ දේවස්ථාන දෙකට සම්බන්ධ පූජකවරුන් ඊට එක්ව සිටියහ. ,

කාදිනල් හිමිපාණන්ගේ පෞද්ගලික නීතීඥවරයා වන ජනාධිපති නීතීඥ ෂම්මිල් පෙරේරා මහතාද කාදිනල්තුමා සමඟ පිටත්ව ගොස් ඇත .

2022 අප්‍රේල් 25 වන දින රෝමයේ ශාන්ත පීතර දේවස්ථානයේ වින්දිතයන් ශුද්ධෝත්තම පියතුමාට හඳුන්වා දෙනු ලබන අතර විශේෂ දේව මෙහෙය උදෑසන 10 ට පැවැත්වීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *