වාරියපොල ටයිනි ටොස් පෙර පාසල කළු කඩයක්

වාරියපොල පියුම්ගල්ල ප්‍රදේශයේ” “ටයිනි ටෝස් ” පෞද්ගලික පෙර පාසලේ වසර අවසානයේ පැවැත්වෙන විවිධ ප්‍රසංගයට රුපියල් ‌දෝලොස්දහක් (12.000) ගෙවන්න බැරි ළමුන් ඉවත් කර ගන්නැයි එම පාසලේ ගුරුතුමිය දෙමවිපියන්ට පවසා ඇත.

පසුගිය මාසයේ එක් දරුවෙකුගෙන් රුපියල් 6000 ක මුදලක් අය කරගෙන ඇති අතර ඊට අමතරව ගැහැණු දරුවෙකුගෙන් ඇදුම් සදහා යැයි කියා රුපියල් 5700 ක මුදලක් ලබා‌ගත් බව දෙමව්පියේ ලංකා ස්කයි වෙබ් අඩවිය වෙත පැවැසුහ .

ප්‍රසංගය සදහා රුපියල්ය 12.000 වෙන්නට නොහැකි බව දෙමව්පියන් ගුරුවරියට දැනුම්දුන් පසු රුපියල් දහක් දෙදහක් අරගෙන පවත්වාගෙන යන ගමේගොඩේ පාසලක් නොව පෞද්ගලික පාසලක් වන බවත් මුදල් ගෙවන්න බැරි දෙමව්පියන්ට ළමුුුුන්ව ඉවත් කරගන්නැයි ගුරුවරිය පවසා ඇත. මුදල්‌ ගෙවා ගත නොහැකි දෙමවිපියන් විසින් අකමැත්තෙන් වුව ද ළමුන් ඉවත් කරගෙන තිබේ .

ගුරුවරියගේ මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නැයි මුදල්ම නොමැති කම නිසා අසාධාරණයට ලක් වු දරුවන්ගේ දෙමව්පියන් වාරියපොල ප්‍රදේශීය ලේකම් සහ වාරියපොල ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දී ඇත.

1 thought on “වාරියපොල ටයිනි ටොස් පෙර පාසල කළු කඩයක්

  1. මගේ දුවේ යුක්තිය කවද හෝ දිනනවා
    බැංකුවෙන් තටු කපා මාසෙ අන්තිමට එන
    පඩිපතේ සැහැල්ලුව දුවේ නුඹ දන්නේ නෑ
    අනියමින් සත පහක් නොසොයනා මිනිසුන්ට
    දොළොස් දාහක් මහමෙරක් වගේ දුවේ අද
    යුක්තියෙන් පැරදිච්ච වී කුරුල්ලෝ නොවේ අප
    කිරි සෙනෙහෙ හඬන නෙතු දවනවා
    අපේ හිත් අසරණව හිඳිනවා
    මගේ දුවේ යුක්තිය කවද හෝ දිනනවා
    – ශක්තික සත්කුමාර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *