LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය මගඩියක්.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්රධාන වෛද්ය නිලධාරිනිය ලෙස පෙනීසිටින වෛද්ය වරිය විසින් රැපියල් කෝටි 25 ක පමණ වත්කම් අයතා ලෙස උපයා ඇතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත ලිපියක් මඟින් දන්වා ඇත.

මෙම වෛද්යවරිය බන්ධනාගාර රෝහලේ ප්රධාන වෛද්යවරිය ලෙස පෙනීසිටියද ඊට අවශ්ය කිසිඳු සුදුසුකමක් සපුරා නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ. රෝගීන් නොවන සිරකරුවන් හට රෝගීන් ලෙස සහතික ලබා දෙමින් බන්ධනාගාර රෝහලවෙත සිරකරුවන් යොමුකරමින් අල්ලස් ලබාගන්නා ඇය සැබෑ රෝගී සිරකරුවන් බන්ධනාගාරය තුලම මිය යන්නට ඉඩ හරින බවටද එම ලිපිය මඟින් චෝදනා කර ඇත.

මෙම වෛද්යවරියට මෙවැනි අක්රමිකතා සිදුකිරීම සඳහා සෞඛ්ය අමාත්යාංශයේ උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙනවාදැයි යන්න පිළිබඳවත් , ඇයගේ දූෂණ වංචා පිළිබඳවත් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ අත්සනින් යුතුව යොමුකර ඇති ලිපියේ වැඩි දුරටත් සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Weekly Newsletter