ශ්‍රී.ල.නි.ප අටකට විනය පරීක්ෂණ ?

Disciplinary investigations for eight Sri Lankan MPs?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණයට විරුද්ධව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගත් මන්ත්‍රිවරුන් අට දෙනාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එම පක්ෂයේ නායක සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තීන්දු කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින් තීරණය කර තිබුණේ ආණ්ඩුවේ කිසිදු ඇමැති ධූරයක් ලබා නොගැනීමටය. ඒ සඳහා මධ්‍යම කාරක සභාවේද අනුමැතිය ලැබී තිබුණි.

මධ්‍යම කාරක සභා තීරණයට එරෙහිව යමින් , නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මන්ත්‍රිවරුන් කැබිනට් ඇමැති ධූර ලබා ගත් අතර රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රිවරු රාජ්‍ය ඇමැති ධූර ලබා ගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනට ලැබී ඇති බලතලවලට අනුව ඉදිරි දිනවලදී මෙම මන්ත්‍රීවරුන් අට දෙනාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව පසුගියදා සංශෝධනය කළ අතර පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගැනීමේ බලය පක්ෂ නායකත්වයට හිමිව පවතී.

මේ අතර දුමින්ද දිසානායකටද ආණ්ඩුවේ ඇමති ධූරයක් හිමිවීමට ඉඩකඩ ඇතැයි දේශපාලන තලයේ කතාබහට ලක්වෙමින් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *