ෂැංග්‍රීලා හෝටලයේ සව් කළ සංනිවේදන බාධකය මහ ජන වීරෝධය හමුවේ අකුලා ගනී.

 ෂැංග්රීලා හෝටල් භූමියේ ඊයේ (15) සවි කළ සංනිවේදන බාධකය උද්ඝෝෂකයන් ගේ වීරෝධ හමුවේ ඉවත් කර ගැනීමට ඩයලොග් ආයතනයට සිදු විය . රාජපක්ෂ ආණ්ඩුව පන්නා දැමීම සදහා ගාලුමෝදර පිටියට රැස් වු දහස් ගණන් ජනතාගේ දුරකතන අවහිර කිරීම සඳහා එම කුළුණ ඉදි කළ බව එම හෝටලයේ ආරක්ෂක නිලධාරීයෙක් ජනතා වීරෝධය හමුවේ පිළිගත්තේය . ජන අරගලයේ නිරත ජනතාවට 4 ජි බි 5 ජී .බි පහසුකම් දෙන මුවාවෙන් කුළුණ ඉදි කිරිමට ඩයලෝග් ආයතනය උත්සාහයක නිරත විය . ජන අරගලයේ නියැලි සිටින ජනතාවට ඩයලෝග් ආයතනය පහසුකම් සලසන්නේ නම් , ගාලුමෝදර පිටියේ එම කුළුණ ඉදිකරනවා වෙනුවට එය ෂැග්රීලා හෝටලයේ ඇයි දැයි උද්ඝෝෂකයින් ප්රශ්න කර සිටිහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *