LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

සිරිමගෙ ජාතික ආර්ථිකය...

තාමත් සමහරුන්ගෙ අදහස සිරිමගෙ සමාජවාදී පෝලිම් ආර්ථිකය දිගටම කරගෙන ගියානම් අද අපිට මෙහෙම වෙන්නෙ නෑ කියලා…

ඇත්තටම සිරිමා මොකක්ද කරන්ට ගියේ….
ඒ වෙනකොට සිරිමාවෝ කියන්නෙ දේශපාලන ආර්ථික දැනීම බොහෝම පහල මට්ටමක තිබුන කෙනෙක්…එයා දේශපාලනයට එන්නෙත් හිටි ගමන් සහ පරවේණි පවුල් උරුමයෙන්.
ඇය දේශපාලන ආභාෂය ලබාගෙන තිබුන එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක කියන්නෙ ලංකාව ජාතිවාදී නරාවලකට තල්ලුකරන දේශපාලන ප්‍රොජෙක්ට් එකේ පලවෙනි පස්පිඬැල්ල කපපු හාදයා…

කොහොම හරි මේ සිද්ධිය වෙන්නෙ රුසියාව සහ ඇමරිකාව අතර සීතල යුද්ධෙ තිබුන කාලේදි…
මෙතෙන්දි රුසියාවට අවශ්‍ය උනා රාජ්‍යතාන්ත්‍රික සැසි වලදි තමන්ගෙ පැත්තට අත උස්සන මොනව මොනවාහරි දූපත් ටිකක්..
සාමාන්‍යයෙන් මේවගේ එකඑකාට ඉත්තන්වීමේ ව්‍යාපෘති වලදී ලංකාව වගේ දුර්වල රටවල් තමා මේවට පහසුවෙන් අහුවෙන්නෙ..

මෙතෙන්දි ලංකාව සමාජවාදී කඳවුර වෙනුවෙන් අත උස්සනවට හිලව්වට ලංකාවට ඒ කාලේ රුසියාවෙන් චීනෙන් අරවා මෙවා හම්බ උනා…

ඔරුවල වානේ කර්මාන්ත ශාලාව, වැල්ලවත්තේ රෙදිපිලි කර්මාන්ත ශාලාව, ඊළඟට කඩදාසි,සිමෙන්ති කර්මාන්ත ශාලාවක් වගේ දේවල් ලැබුනා…
ඒ විතරක් නෙමේ ස්ටාලින්වාදී සමාජවාදය ගැන නැව් ගනන් පොතුත් නොමිලේ ලැබුනා..(කොමියුනිස්ට් පක්ෂ කාර්‍යාලේ කවුරුත් නොබලපු තාමත් ඒවගෙන් කොටසක් තියෙනවා)

කොහොම හරි මුල ඉඳලම මේ පැක්ටේරි වලට බඳවාගත්තේ ඒ අයගෙම ශ්‍රී.ල.නි.ප.පාක්ෂික ඇම්බැට්ටයෝ…ඉහල තනතුරු ඥාති සංග්‍රහ සඳහා වෙන් උනා…
කොහොම හරි ලංකාවටම ආවේණික පසුගාමී තත්වයත් එක්ක පස්සෙ පස්සෙ මේ වානේ කම්හලේ කම්බි ටොන් එකක් හදන්ට යන මිල පිටින් ගෙන්වනවා වගේ හත් අට ගුණයකට සමාන උනා..ඒවගේම මේ නිමි යකඩවල කොලිටියත් ඉතාම පහල තත්වයකයි තිබුනේ..

රෙදිපිලි කර්මාන්තවල තත්වයත් මේ විදියමයි…
මේවගේ අවුට් පුට් එකත් හරිම දුර්වල මටටමකයි තිබුණේ.
රටේ සමස්ත පරිභෝජන අවශ්‍යතාවලින් දහයෙන් පන්ගුවක්වත් මේවගෙන් ලැබුනද මම දන්නෙ නෑ..

කොහොම හරි දවස් කීපයක් රස්තියාදුවෙලා පෝලිමේ ඉඳලා ගන්න සරම් රෙද්ද මූට්ටු කරලා ඇන්දම යට අවයව හෙල්ලෙනවා දැල් සරම් රෙද්ද විනිවිද පේනවා..
ඒ කාලේ අපේ තාත්තා මේ සරම්වලට කිව්වෙ ගාන්ටාර මාක් සරම් කියලා…
ඒ සරම් දහවතාවක් හේදුවත් ඒකෙ තියෙන ඉසරදේ හැදෙන බූමි තෙල් ගඳ නම් යන්නෙ නෑ…

ඇත්තටම සිරිමා එදා කෙරුවේ ලංකාවේ කොමිනියුනිස්ට් පක්ෂෙ දීපු ලනුයි රුසියාව දීපු ලනුයි බන්ඩාරනායක කලින් දීලා තිබුන ලනුයි ඔක්කොම ලනු කලවමට ගිලලා රුසියාවේ පිස්සුව මෙහෙ කෙලින්ට ගිය එක….

ඒ කාලෙ ගොඩක් තැන්වල රෙදි නැති නිසාම අවුරුදු පහ හය වෙනකම්ම කොල්ලො හිටියෙ හෙළුවෙන් ..කෙල්ලො නම් ජංගි කොටයක් ඇඳගෙන හිටියා..
වට්ටක්ක ගෙඩියක් ඇතුලේ හාල් පුරවලා හාල් ටිකක් හන්ගන් ගිය මනුස්සයෙක්ව පොලීසියෙන් අල්ලලා නඩුදාලා හිරේ යවපු කතාවක් අම්ම කියනවා මට ඇහිලා තියෙනවා..

ඒ කාලේ මිනිස්සු කෙහෙල් ගහේ බඩේ තම්බලා කාලා වේල දෙක පිරිමහ ගත්තා..
කෙහෙල් අල කෑවා …
හුඹස් මැටි පෙනෙරෙන් හලලා හකුරු හදලා තේ බිව්වා කියලා අම්මා කියලා තියෙනවා..
අද කවුරුත් කන්නෙ නැතිව ගස් යට කුණුවෙලා යන ලාවුලු ගැට අඹරලා මලවගෙන මිනිස්සු එදා කෑවා…
සමහර ගෙඩි වර්ග අත් හදා බලන්ට කාලා ඒවා විෂ වෙලා මිනිස්සු මැරුණ අවස්ථා ගැනත් මම අහලා තියෙනව …
හරියට මාවෝ සේතුං චීනේ හදපු සාගත කාලෙදි වගේ….

බඩ ගින්න මන්දපෝෂණය සහ පොතපත නැතිකම ආර්ථික ප්‍රශ්න නිසා එදා ළමුන්ගෙ අධ්‍යාපනයත් බාගෙට කඩාවැටුනා….
පාන්ඩුව (ළමා මන්දපෝෂණය ) ජාතික රෝගයක් බවට පත් උනා..දුර්වල ප්‍රතිශක්තිය සහ පිරිහුන ළමා සෞඛ්‍ය නිසා පනු රෝග වසංගතයක් වෙලයි එදා තිබුනෙ..

අන්තිමේදී සිරිමගේ සමාජවාදයෙන් උනේ අනාගත යුගයට මන්දපෝෂිත සහ ලෝකෙත් එක්ක අප්ඩේට් වෙච්ච නැති නුගත් එහෙයි පරම්පරාවක් හැදිච්ච එක විතරයි…
අවසානයේ ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම රැකියා වියුක්තිය වාර්තාවෙන්නෙ සිරිමගෙ පාලනයේ අග බාගයේ…
එදා අවුරුදු ගනනාවක් රට එක තැන තිබුනේ..ගම්වලට විදුලිය ගියේ නෑ…
පාලම් මංමාවත් හැදුනේ නෑ….
ඒක ඇත්තු දාලාවත් ආපහු අදින්ට බැරි වැරදිච්ච ඉතිහාසයක්…

පුළුවන් පුළුවන් හැම තැනම අල මඤ්ඤොක්කා වගාකරපල්ලා කියන එක අත ළඟ පත්තුවෙන සාගතයකට නම් උත්තරයක් වෙන්න ඇති..
හැබැයි ඒක නැෂනල් පොලිසි එකක් කරගන්නවා කියන්නෙ ගෝත්‍රික වැඩක්…
මේ වෙනකොට තමන්ට ඕන සියල්ල තමන්ම ඇතුලෙම වගාකරගෙන කන ගෝත්‍රික ස්වයං පෝෂිත ක්‍රමය වැද්දෝගාවවත් නෑ..

මේ ව්‍යාපෘතියේ ඊළඟට කරපු දෙයක් තමා පොදු ප්‍රවාහන ජනසතු කරනවා කියලා රජය යටතට ගත්ත ඒක..
ඊළඟට ඒවට උනෙත් ඒ අයගේ දේශපාලන ඇම්බැට්ටයන්ගෙන් ඒවා පුරවපු එක..
ඒ කාලෙ සී.ටී.බී.එක කියන්නෙ ආන්න්ඩුවේ නිලනොලත් මැරයෝ පවත්වාගෙන ගිය ආයතනයක්…අවසානයේදී ඒක දූෂණ වංචා ඉහවහා ගිය හොරගුහාවක් සහ දේශපාලන ගුබ්බෑයමක් උනා..
අන්තිමේදී සී.ටි.බී.එක නඩත්තු කරන්න ඒකේ ආදායම වගේ පස් ගුණයක් ව්තර පිටින් දාන්ට උනා….

රටක් ඇතුලේ නිෂ්පාදනය කරන යම් භාණ්ඩයක් රට ඇතුලෙ නිශ්පාදනය කරන්ට යන පිරිවැයෙන් හතරෙන් පන්ගුවකටත් වඩා අඩු මිලට පිටින් ගන්න පුළුවන් නම් කරන්ට ඕන ඒක පිටින් ගෙන්වන එක…
ඊළඟ කරන්න ඕන ඒකට ගෙවන්න අවශ්‍ය විදේශ මුදල් හොයන වෙන ක්‍රමයක් හදන එක..
එක්කෝ ව්ගෝලීය ශ්‍රම වෙළඳපොලට දේශීය ශ්‍රමිකයන්ට යන්ට අවශ්‍ය පහසුකම් සපයන එක..නැත්නම් ගෝලීය දියුණු ආයෝජකයන්ට මෙහෙට එන්ට පහසුකම් සපයන එක වගේ දේවල්..
එහෙම නැතිව මරාගෙන මැරෙන ජාතික ආර්ථිකයක එල්ලිලා පාඩු පිට ඒකම ඒකම කරන එක නෙමේ..

සිරිමාගේ සමාජවාදී ආර්ථිකය මේ වෙනකම් මෙහෙ තිබුනා නම් මේක සුරපුරයක් වෙන එක කෙසේ වෙතත් මේ වෙනකොට මිනිස්සු බඩගින්නට ගෙවල්වල මැරෙන මිනී හිටන් තම්බන් කන තත්වෙට රට යන්ට තිබ්බා…

සිරිමා යනකොට ට්‍රෙෂරියේ තිබුන පොඩි මුදලත් මේ ලොංපෝල් කර්මාන්ත වලින් හම්බකරපුවා නෙමේ..
ඒකෙන් ටිකක් කෙලපු පිස්සුවට හිලව්වට රුසියාවෙන් දීපුවා…අනිත් හරිය රටේ ජනතාව බඩගින්නෙ තියලා , හෙළුවෙන් තියලා බෙහෙත් නැතිව මැරෙන්ට ඇරෙලා,ළමයි මන්දපෝෂණයට දාලා ඉතිරිකරපුවා…