2023 ආහාර අර්බුදයට සුදානම් වන්නැයි ජනාධිපති ගොවින් ගෙන් ඉල්ලයි

වර්ෂ 2023 ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සුදානම් වෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගොවින් ගෙන් ඉල්ලා සිටියේය.

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් ආහාර සුක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත් කම ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය නළේය.

ජනාධිපතිවරයා මෙසේ ගොවින් ගෙන් ඉල්ලා සිටියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටළු පිළිබද ඊයේ (14) නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති සාකච්ඡාවට සහභාගි වෙමින්ය.

පාරම්පරිකව ගොවින් විසින වගා කරන ලද ඉඩම් පසුගිය කාළේ පැවැති යුද්ධය නිසා අතහැර ගොස් තිබී , යුද්ධය නිමාවිමෙන් පසුව වනජිවි දෙපාර්මේන්තුව මගින් වනරක්ෂිත ලෙස නම් කර මායිම් ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවැත ගොවින් වෙත ලබාදිම ගැන මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ .

ගොවි ජනතාවගේ ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි යල සහ මහ කන්න සාර්ථක කර ගනිමින 2023 ඇති විමට නියමිත ආහාර අර්බුදයට සුදානම් විම ගැන වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *