මහජනතාව අතර ජන්ද දැමීමේ උනන්දු අඩු වී ඇත

මෙවර පළාත් පාලන මැතිවරණයේ ජන්ද ප්‍රකාශ අද උදෑසන 7ට ආරම්භ වු අතර සවස 4ට අවසන් විමට නියමිතය.
අද (06) සවස 1ක වන විටත් දිස්ත්‍රික්ක කිපයක පමනක් ජන්දය දැමිමේ ප්‍රතිශතය 35% ඉක්මමවා තිබුණි.
මේ වන විට බදුල්ල 48%කුත් මන්නාරම 47% කුත් මොරණරාගල 45%කතු අම්පාර 43% කුත් අනුරාධපුර 40%කුත් කිනොච්චිය 40කුත් පුත්තලම 40කුත් රත්නපුර 40කුත් ගම්පහ 42කුත් යාපනය 35%කුත් කොළඹ 40% කුත් කෑගල්ල 40% කුත් මහනුවර 40%කුත් ත්‍රිකුණාමලේ 40%කුත් මාතර 41කුත් වශයෙන් ජන්දය භාවිතා කර ඇත.
වෙන මැතිවරණවලට සපේක්ෂවමේ මැතිවරනයේදි මහජනයා ජන්දය දැමිමේ උනන්දුව අඩු වි ඇති බව ජන්ද මධ්‍යස්ථාන නිලධාරීහු අප සමග පැවසුුහ.
කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑබෑ ආසනයේ බටකැත්ත උතුර ග්‍රාම සේවා වසමේ ජන්ද මධ්‍යස්ථාන 04 ක් මෙවර පිහිටුවා ඇති අතර එම ජන්ද මධ්‍යස්ථාන වල දහවල් 12 වෙද්දී ජන්දය භාවිතා කර තිබුනේ 30% ක අු ප්‍රතිශතයකි. සාරභුමි ආනන්දාරාම විහාරස්ථානයේ පිහිටු ඇති එක ජන්ද මධ්‍යස්ථානයක ලියා පදිංචි ජන්ද දායකයින් සංඛ්‍යාව 1300 වන අතර එම ජන්ද සඛ්‍යාවෙන් මේ වනවිට භාවිතා කර ඇත්තේ ජන්ද 500 කි. බටකැත්තර ඇලස් වත්ත ජන්ද මධ්‍යස්ථානයේ ලියා පදිංචි ජන්ද සංඛ්‍යාව 1381 ක් වන අතර එම ජන්ද සංඛ්‍යාවෙන් මේ වන විට භාවිතා කර ඇත්තේ 35% ප්‍රතිශතයකි. සුහද බෞද්ධ සමිතියේ පිහිටුවා ඇති ජන්ද මධ්‍යස්ථානයේ ලියා පදිංචි ජන්ද සංඛ්‍යාව 1600 ක් වන අතර එම ජන්ද ප්‍රමානයෙන් භාවිතා කර ඇත්තේ 500 කි.



