කොස්ගෙඩ පොලිසිය තරුණයෙකුට පහර දී මරා දමයි

කොස්ගෙඩ පොලිසිය තරුණයෙකුට පහර දී මරා දමයි

කොස්ගොඩ පොලීසිය මගින් මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන්ත් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ හතර මංසන්දියේ පදිංචි තරිදු සිරිවර්ධන ද සොයිසා නැමැති තරුණයෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 27 කි.

මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (01) පස්වරුවේ වන අතර පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ ඇති වු අසනී තත්වයක් නිසා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු සැකකරු මිය බව පොලිසිය පවසයි.

තමා පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් පුතාට පහරදුන් බව මිය ගිය තරුණයාගේ පියා මාධ්‍යයට පවසා තිබුණි.

පොලිසිය පවසන්නේ සැකකරු පොලිස් සිර මැදිරියේ රදවා සිටියදී ක්ලාන්තයෙන් පෙලුනු නිසා රෝහල් ගත කළ බවත් රෝහල් ගත කිරිමෙන් අනතුරුව සැකකරු මිය බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *