සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරට පිළිතුරක්: සසප වාම කණ්ඩායමේ අරගලය

නන්දන නන්නෙත්ති විසිනි.

සමාජවාදී සමාන පක්ෂය විසින් පසු ගිය අප්‍රේල් 6 දින විශේෂ ලිපි 3ක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මුදා හලේ ය. ඒවා සංජය ජයසේකර හා නන්දන නන්නෙත්ති යන පක්ෂයේ නායකත්වයේ වැඩ කටයුතු කල සහෝදරවරුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපා හැරීම පිලිබඳව ය. 

එම ලිපි අතර “නන්දන නන්නෙත්තිගේ සහ සංජය ජයසේකරගේ පක්ෂ විරෝධී වැඩකටයුතු පිලිබඳ සසප මධ්‍යම කාරක සභා යෝජනාව යන නමින් ලේඛනයක් ද,‘නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබඳව සසප සාමාජිකයන් වෙත ලිපියක්‘ යනුවෙන් සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකරගේ ලිපියක් ද පලකර ඇත. 2022 නොවැම්බර් මාසයේ සම්මත කර ලද ඉහත කී මධ්‍යම කාරක සභා යෝජනාව සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරමින් හා එහි සඳහන් චෝදනාවල සැබෑ ස්වභාවය හෙලිදරව් කරමින්,  මා විසින් පක්ෂ නායකත්වය වෙත 2023 ජනවාරි මස මුල යවන ලද හා පක්ෂ තන්ත්‍රය විසින් සාමාජිකත්වයෙන් වහංගු කරන ලද ලිපිය මෙහි පල කිරිම සඳහා යොමු කරමි.

මෙම පිලිතුරු ලිපිය අප පලකරන්නේ පක්ෂ නිලධාරී තන්ත්‍රයේ බාල කූටෝපායික හැසිරිම හෙලි දරව් කිරිම සදහා සහ මෙම අහිතකර වර්ධනයන් පිටු දැකීම සඳහා අවශ්‍ය සාකච්චාවට අවකාශය විවෘත කර ගැනීම පිනිස ය.

මතුව ඇත්තේ විනය ප්‍රශ්නයක් යයි තන්ත්‍රය කරන යෝජනාව කේඩරයත්, කම්කරු පන්තියත් අත්‍යවශ්‍ය දේශපාලන සූදානම් කිරීමේ කර්තව්‍යයෙන් ඉවත හරවා ගැනීමේ ප්‍රයත්නයකි. සැබවින්ම නම්, පක්ෂ තන්ත්‍රය හා වාම කන්ඩායම අතර දිගු කාලීන දේශපාලන මතභේද පැවතිනි. 

ඒවායින් ප්‍රධාන ඒවා මෙසේ ය: 

  1. පක්ෂයේ කේඩර සහෝදරවරු පන්ති අරගලයේ ඉතාම වාසිදායක තත්ත්ව යටතේත් පක්ෂය හැර යාමේ දී දේශපාලන තක්සේරුවක් සදහා වාම කන්ඩායමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම.
  2. පක්ෂය තුල වැඩෙමින් පැවෙති මූලධර්ම හා බුද්ධි විරෝධය, පසුගාමීත්වය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ ලිපිවල වැඩෙමින් පැවති න්‍යායික හා දේශපාලන දුප්පත්කම හා තත්කාර්යවාදය සම්බන්ධ ප්‍රශ්න විසඳාගැනීමේ අරගලය පෙරට නොගැනීම.

උදා: 

  • මුස්ලිම්වරුන්ගේ මෘත දේහ බලහත්කාරයෙන් මිහිදන් කිරීමට සසප වාම කන්ඩායම දැක් වූ විරුද්ධත්වය නො තකා හැර රාජපක්ෂ අාන්ඩුවේ ප්‍රතිගාමී වර්ගවාදී උදඝෝෂනයට පක්ෂය නතු කිරීම;
  • මූලධර්ම හා විප්ලවවාදී සම්ප්‍රදාය සම්බන්ද ප්‍රශ්නවලින් පීලි පැනීම: නිදසුනක් ලෙස රංජන් රාමනායකව ‌බෞද්ධ සංස්ථාපිතය හා රාජ්‍යය එකාබද්ධව දඩයම් කරද්දී ඊට විරුද්ධ විය යුතු යයි වාම කන්ඩායම යෝජනා  කිරිම මධ්‍යම පන්තියට යටවීමක් ලෙස තන්‍ත්‍රය විසින් නම් ක⁣ර වරෝධය යටපත් කලේය. 
  1. පීඩිත ජාතීන්ගේ  ස්වයං-නීර්නය දිනා ගැනීම කම්කරු පන්තියේ ආඥාදායකත්වය යටතේ පමනක් කල හැකිය යන ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය ව්‍යාකූල කිරීමට නායකත්වය වැඩ කිරීම.
  2. ගුරු අරගලයේ දී ජෙනරල් ස්ට්‍රයිකයන් සදහා පක්ෂය හෝ පන්තිය සූදානම් නැතැයි නායකත්වය දැරූ අදහස.
  3. කොවිඩ් කාලයේ සිසුන්ගේ ආරක්ෂාව සහතික වන තුරු පාසැල් විවෘත නොකරනුයි ජාත්‍යන්තර කමිටුව ආරම්භ කල උද්ඝොෂනයෙන් පසු බැසීම.
  4. අව්‍යාජ ක්‍රියාකාරි කමිටු සදහා ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත මත පක්ෂය පදනම් කර ගැනීමට වාම කන්ඩායම දැරූ ප්‍රයත්නය. එමෙන්ම, ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම සදහා කම්කරු පන්තිය තුල කල යුතු අරගලය වෙනුවට නැති කමිටු ගැන වාර්තා ලියා තමන් ම රවටා ගැනීමට වාම කන්ඩායම පෑ විරෝධය, හා අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවක් වූ ‘කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව’ දැනුවත්ව විසුරුවා හැර නිලධරය එහි නම අවභාවිත කිරීම.
  5. පක්ෂය ගොඩ නැගීමේ හා ඒ සදහා වෙබ් අඩවිය වර්ධනය කිරීමේ දී ඊට අවශ්‍ය න්‍යායික ‌ දේශපාලනික විශ්ලේශන වර්ධනය කිරීම හා ඒවා කම්කරු පන්තියට ඒත්තු ගැන්වීමට සක්‍රීයව මැදිහත්වීම  වෙනුවට ලයික් එකතු කිරීම වැනි ප්‍රචාරකවාදී ආදේශකයන්ට නිලධරය හැරීම. 
  6. කර්තෘ මන්ඩලයේ කලා අනු කමිටුව වසර ගනනාවක් විසුරුවා හැර ලෝසවෙඅට ලංකා ශාඛාවෙන් කෙරෙන කලා විචාර හා සංස්කෘතික රචනා සඳහා වන සාකච්ජා අහුරා පක්ෂ⁣යේ එම ක්ශේෂ්ත්‍රවල ප්‍රතිපදානයන් කිරීම නොසලකා හැරීම
  7. ලෝකල් සභා, දේශපාලන මන්ඩලය හා සාමාජික රැස්වීම්  දක්වා පක්ෂ මන්ඩල තුල දේශපාලන, න්‍යායික හා සංවිධානාත්මක මතභේද සාකාච්ජා කිරිම අධිකාරාත්මක ලෙස, නිලධාරීවාදී ආකාරයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී  මධ්‍යගතවාදයට පටහැනිව, යටපත් කිරීම. පක්ෂ ප්‍රාදෙශීය ලෝකල් සභා අතර පක්ෂ සහෝදරවරුන්ට දේශපාලන හා සංවිධානාත්ක ප්‍රශ්න සාකච්ජාව තහනම් කිරීම. පක්ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රධායන් නො කතා කටයුතු කරමින් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී නිලධාරි තන්ත්‍රයක වුවමනාවන්ට පක්ෂය යටත් කිරීමට වාම කන්ඩායම දැරූ විරෝධය.
  8. අවස්ථා කීපයකදීම ව්‍යාජ වම සමග සන්ධානගත වීමට නායකත්වයේ නැඹුරුව වාම කන්ඩායම විසින් ප්‍රතික්ෂේප කිරීම.
  9. 2022 වසරේ ලෝක පන්ති අරගලයේ සන්ථිතියේ ඉහලම තුඩක් ලෙස ලංකාවේ පැන නැගි දැවැන්ත කම්කරු හා මහජන අරගලවලට විප්ලවවාදී සමාජවාදි නායකත්වය දීම සඳහා සක්‍රීය මැදිහත්වීම් නොකර එම පන්ති අරගවලින් වියෝව, එම අරගලය මධ්‍යම පන්තියට හා ව්‍යජ වමට ඩැහැගැනීමට ඉඩහැරීමේ පක්ෂ නිලධාරයේ කට්ටිවාදී විනාශකාරී  භාවිතාවට වාම කන්ඩායම එරෙහි වී ක්‍රියාමාර්ග ගැනීම.

මෙම කරුනු වල දේශපාලන අන්තර්ගතයන්  ඉදිරියේ දී සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට අප කන්ඩායම සූදානම් ය. 

මේ නිසා, මෙම ලිපිය කම්කරුවන්ට හා පීඩිතයන්ට අවශ්‍ය වැදගත් පාඩම්වලින් සමන්විත වන බව අපි විශ්වාස කරමු. මන්ද, ලෝක කම්කරු පන්තියේ, විශේෂයෙන් ලංකාව ඇතුලු දකනු ආසියාවේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳී⁣මේ දැවැන්ත ඓතිහාසික අභියෝගයට සමස්ත වැඩකරන පන්තිය මුහුන දී සිටින බැවිනි.

***

නන්දන සසප උද්ඝෝෂනයක

ප්‍රිය ජයසේකර සහෝදරයා,

මා පක්ෂයෙන් නෙරපන ලද බව දැනුම් දෙමින් ඹබ විසින්  එවන ලද 2022 නොවැම්බර් 19

දිනැති ලිපිය සම්බන්ධයෙනි.

පක්ෂ නායකත්වය විසින් ගනු ලැබ ඇත්තේ දේශපාලනිකව මෙන් ම සදාචාරාත්මකව ද පිලිගත නො හැකි හා 4වන ජාත්‍යන්තරයේ ප්‍රතිපත්තීන් හා පක්ෂයේ ව්‍යවස්ථාවමත් නො තකා හැරුනු තීන්දුවකි. ඒ සම්බන්ධයෙන් ම‌ගේ ව්රුද්ධත්වය ප්‍රකාශ කරන අතර එය නිවැරදි කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමි.

පක්ෂය පදනම් වන බොල්ෂෙවික් මූලධර්ම උල්ලංගනය කර ඇතැයි ඔබ මට චෝදනා කර ඇති අතර ඒ අනුව නෙරපා හැරීම සිදු කර ඇතැයි කියයි.ඔබේ ලිපියේ සදහන් කර ඇති පරිදි “… දේශපාලනික න්‍යායික හෝ සංවිධානාත්මක මතභේද සාකච්ඡා කල යුත්තේ පක්ෂය තුල පමනි.” එය වැලැක් වූයේ මෙම ප්‍රකාශයෙන් මට දමා ගසන ඔබම නො වේ ය යි ඔබට කිව හැකි ද? 

නායකත්වය සාකච්ඡා කිරීම සදහා ඉඩ දුන්නේ නැත. මා ලියූ ලිපි සාකච්ඡාවට බදුන් නො කලේ ය. ඒවා සාකච්චා කිරීම ලජ්ජාවක් ය යි දේශපාලන කමිටුව කිය යි. මම අවසන් වරට සහභාගී වූ මධ්‍යම කාරක සභාවේ දී මේ පිලි බද සූදානම් කරන ලද සාකච්චාවක් හා කරුනු ඉදිරිපත් කිරීම සදහා මට විනාඩි 45ක කාලයක් දෙන ලෙස ඉල්ලීමි. සංජය සහෝදරයා හැර කිසිවෙකු එය අනුමත කලේ නැත. සාමාජික රැස්වීමවලදී චෝදනා කන්දකට පිලිතුරු දීමට මට ලැබුනේ අන් සියල්ලන්ට ලබා දුන් විනාඩි පහ ය. එය සාමාජිකත්වයට හදුන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ය. ජාත්‍යන්තර කමිටුව මැදිහත් වී සම්මේලනය කල් දැමුව ද සාකච්ඡාවක් වැලැක් වීමට නාකත්වය හිතා මතා කටයුතු කලේ ය.මාස තුනකට ම පැවැත් වූයේ එකම එක සාමාජික රැස්වීමකි. එය විකෘති කිරීම්, අපහාස හා අවලාදවලින් පිරවී ය.

මගේ ලිපි සාමාජිකයන්ගෙන් වසන් කර ඒවායේ ඇතැම් කරුනු විකෘති ලෙස ඉදිරිපත් කරමින් සාමාජිකයන් මුලා කලේ ය. අවසානයේ දී ඔබ ඉතාම කුමන්ත්‍රනකාරී ලෙස 2022 ජුනි 18 දින මගේ සාමාජිකත්වය තහනම් කලේ ය.කිසිදු පරීක්ෂනයකින් හෝ සාකච්ඡාවකින් තොරව මා නෙරපා හරිනු ලැබ ඇත. මෙය කුමන්ත්‍රනයක ප්‍රතිඵලයකි.

අම්බලන්ගොඩ ලෝකල් සභාව තුල කුමන්ත්‍රනය දියත් වන විට මම  ඔබට දැනුම් දිනිමි.මැයි 19 දින මා එවූ එම ලිපිය බලන්න.එය සොයා බලා ප්‍රශනය විසදනවා වෙනුවට මාගේ සාමාජිකත්වය තහනම් කිරීම සදහා සැලසුමක් ක්‍රියාවට දැමුනි. ජුනි 18 මගේ සාමාජිකත්වය අත් හිටුවන්නේ තුන්වන සම්මේලනය තුල හා එය සූදානම් කිරීමේ දී කූටෝපායයන් යොදා ගත්තේ ය යි මා කී නිසා ය. මා ඉල්ලා සිටියේ සාකචඡාවකි.

සංජයත් මමත් ලිකිතව හා වාචිකව සාකච්ඡාවක් ඉල්ලා එක දිගට කල අරගලය ඔබ මුලුමනින් ම නො තකා හලේ ය.ඒ අතර ම සාකච්චාවකට අප සූදානම් නැතැයි සාමාජිකයන් අතර ප්‍රචාරය කරමින් අප හුදකලා කිරීමට දැනුවත් ව වැඩ කලේ ය. මේ නිසා මා අභ්‍යන්තර ප්‍රශ්න සාකච්චා කිරීමේ බොල්ෂෙවික් සම්ප්‍රදාය නො තකා පක්ෂයේ නායක සහෝදරවරු ප්‍රසිද්දියේ විවේචනය කර ඇතැයි ඔබ කරන චෝදනාව අතිෂය වංචනික ද කුහක ද වේ. මාලන් හා රොහන්ත යන සහෝදරවරු සංජය හා මා සීඅයිඒයට සම්බන්ධ කිරිමට ගත් උත්සාහය ගැන මා ගත් ආරක්ෂක පියවර නිදසුනක් ලෙස ඔබ හුවා දක්වයි. නමුත් ඔවුන් එසේ කිරීම ගැන ඔබට කියන්නට දෙයක් නැත. පරික්ෂන නැත. ඔබ දැන් උත්සාහ කරන්නේ මේ දුෂ්ට ක්‍රියාව ආරක්ෂා කිරීමට ය.

ගෝටාගෝගම ක්‍රියාකාරියෙකු වූ චාමර ජීවන්ත දෙද්දූවගේ නම් පුද්ගලයා 2009-2020 අතර කාලයේ පැෆරල් ආයතනයේ වොලන්ටියර් කෙනෙකු ලෙස සේවය කිරීම හේතුවෙන් ඔහුට සීඅයිඒ සම්බන්ධයක් ඇති බවට “News Atlas” තර්ක කර තිබිනි. ඒ නිසා ගොටාගෝගම යනු අමරිකානු තන්ත්‍ර මාරු වැඩපිලිවෙලක් ය යි එය තරක කර තිබිනි. මෙහි සදහන් දෙද්දූව සංජයගේ fb මිතුරෙක් විය. මාලන් අදාල වීඩියෝව WhatsApp මගින් ලෝකල් සාමාජිකයන් අතර බෙදා හැර එය සංජයට සීඅයිඒ සබදකම් ඇත යන දූෂමාන හා දඩයක්කාරී ප්‍රචාරයක් සදහා යොදා ගත්තේ ය. සංජය 2021 ජුලි 17 දින අදාල වීඩියෝව සමග සිය fbහි පලකල ඉතා පැහැදිලි විශ්ලේෂනයක් මගින් මාලන් පසුබැස්ස වී ය. එහෙත් රොහන්ත සංජය හා මා යන අප දෙදෙනාම මෙම චෝදනාවට යටත් කොට ප්‍රචාරය කරන ලදී. මට මේ ගැන කියන්නට තැනක් නොතිබුනේ හුදෙක් පක්ෂය තහනම් කිරීම නිසා නො ව මේවාට පක්ෂ නායකත්වයේ අනුමැතිය ලැබෙන බව අත් දැකීමෙන් තහවුරු කරගෙන පැවති නිසා ය. නිදසුනක් ලෙස තුන් වන සම්මේලනය තුල දී මා පක්ෂයට බැදෙන අය පොලිස් ඔත්තුකරුවන් ලෙස නම් කර පලවා හරින බවට රොහන්ත කල අබූත හා කුමන්ත්‍රනකාරී ප්‍රකාශය නායකත්වය නිහඩව ම අනුමත කලේ ය.

සංජය  සසප උද්ඝෝෂනයක

මේ නිසා මට මේ භයානක දඩයමෙන් ආරක්ෂා වීම සදහා පක්ෂ සාමාජිකයන්ට හා කම්කරුවන්ට දැනුම් දීමට පැවති එකම මාවත fb එක ය. දැන් ඔබ දඩයම අනික් පැත්තෙන් ඉදිරියට ගෙන යයි. නන්දන මේ සහෝදරවරුන්ට අස්ථාන චෝදනා කර ඔවුන් සහ පක්ෂය ප්‍රතිගාමීන්ගේ දඩයමට විවෘත කරන්නේ යයි ඔබ කියන්නේ ඒ අනුව ය. මෙවැනි දේ කරන මිනිසුන්ට මා මරා දැමීමට වුව පුළුවන් ය යි මම ලිවෙමි. දැන් ඔබ එය ද විකෘති ලෙස යොදා ගනිමින් මම පක්ෂය දඩයමට විවෘත කරන බවක් ඉස්මතු කරයි.

නමුත් ජයසේකර සහෝදරයා සත්‍ය සත්‍ය ම ය. විශේෂයෙන් පන්ති අරගලයේ වත්මන් කොන්දේසි තුල පක්ෂ නායකත්වය නිවැරදි වීමට සූදානම් නැත්නම් සත්‍ය ඊට එරෙහිව පෙනී සිටීම නො නැවැත්විය හැකි ය. නමුත් ඔබ කියන්නේ මෙයයි. “ අපි හැම අතින් ම නුඹ වනසනවා. නුඹ ඊට ඉඩ දිය යුතු යි. විනය යනු එය යි.” කම්කරු පනතියට නම් විනය වනාහී ධනවාදයෙන් නිදහස් වීමට අවශ්‍ය ඉදිරි දර්ශනය මත ක්‍රියාකාරී වීම සදහා වන අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් තුලින් අත්පත් කරගන්නා අවබෝධය යි. ඒ සදහා ඉඩ ප්‍රස්ථාවන් විවෘත කර ගැනීමේ මාවතයි.

ඔබ මෙය පිලිගන්නේ නැත. කතා කිරීමට ඉඩ දුන් විට (හුදෙක් විනාඩි 5ක්! අප ඉල්ලා සිටියේ කාරනා පැහැදිලි කිරීමට කාලයක්!) ප්‍රශ්නය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්නේ ය යි ඔබ කොපයෙන් පවසයි. සාමාජිකයන්ට ඔබ කියන්නේ එයයි. එහෙත් දිගු කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී, න්‍යායික හා දේශපාලන සාකච්ඡා ලිස්සා යැවීම මගින් පක්ෂයට කර ඇති හානිය ඔබට නො පෙනේ.

මා පක්ෂයේ සහෝදරවරුන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කල ප්‍රකාශ එලෙස පල කිරීම පිලිබදව පක්ෂය හෙලා දැක්කේ ය යි ඔබේ ලිපිය තව දුරටත් කියයි. ඒ කෙසේ ද? පක්ෂ මධ්‍යම කරක සභිකත්වය දරන වතු කම්කරුවෙකු සාමාන්‍ය වතු කම්කරුවෙකු වෙනුවට ප්‍රකාශ නිකුත් කිරීම ගැන සදහන් කිරීම හෝ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නමින් වෙනත් සංවිධානවල කම්කරුවන් සියය ගනනක් ඉන්නා ඡායා රූප පල කිරීම මගින් ලෝක සමාජවාදී වෙබ් අඩවියත්, පක්ෂයත් සමාජයත් රැවටීම සහ ලොසවෙඅ අප්‍රසාදයට ලක් කිරීම අනුමත කල යුතු ද? මිහිපිට නැති ක්‍රියාකාරී කමිටු ගැන වාර්තා කීයක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත ලියා යවා ඇත් ද? එයින් වෙබ් අඩවියට කරන හානිය ඉවසා සිටිය යුතු ද? මේවා කම්කරු පන්තියේ විඥානය වර්ධනය කිරීමේ ලා කවර ස්ථානයක් බජනය කරන්නේ දැයි ඔබට පැහැදිලි කල හැකි ද?

කම්කරුවන් දිනා ගැනීම සදහා අරගලය වෙනුවට පැවැත්ම සදහා මාක්ස්වාදයට හා ජාත්‍යන්තර කමිටුවට ආධුනික හා ප්‍රතිපත්ති විරහිත වෙනත් උපායන් සොයා ගැනීමට ඔබ කරන දේ යුක්ති සහගතය යි ඔබ සිතන්නේ ද?

පස් වන අවධිය ලෙස අප විසින් නම් කරනු ලැබ නියම කරගත් පිලිවෙත නො තකා අප්‍රේල් සිට මතු වූ අරගලයේ දී පක්ෂය ගෙන ගිය උදාසීන පිලිවෙත පිටුපස මෙම නො තැකීම පැවතුනු බව මට පැහැදිලිව කිව හැකි ය. මෙය සාකච්චා කිරීම අවශ්‍යය ය. ඔබට අනුව එක කොන්දේසියක් යටතේ පමනක් පක්ෂය තුල එවැනි සාකච්ඡාවකට ඉඩ ඇත. එය නායකත්වය කුමක් කලත් නො කලත් දෙකම යුක්ති සහගත කිරීම ය. ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත මත මෙම ගැටලු සාකච්චා කිරීමට ඉඩ නැත. සංජය හා මා නෙරපීම ගැන එකදු දේශපාලන හේතුවක්වත් ඔබ ඉදිරිපත් නො කරයි. එනම් අප නෙරපා දැමීම පිටුපස ඇත්තේ නිශ්චිත පන්තිමය වුවමනාවන්ට යටත් ව දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීම වැලැක් වීමයි.

තනිකරම විනය පිලිබද ප්‍රශ්න නිසා නෙරපා හැරීම කල බව ඔබ කියයි. විනය ප්‍රශ්නය කුමන දේශපාලන ප්‍රශ්නයක ප්‍රකාශනයක් ද?

අප වනාහී කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලන පක්ෂය යි. එහි මතු වන ගැඹුරු ගැටලු දේශපාලනයෙන් තොරව පැන නගින්නෙ ය යි පිලි ගන්නා තැනැත්තා ඉතා දුප්පත් විප්ලවවාදියෙකි. මේ ප්‍රශ්න ඉතා සහෝදරාත්මකව හා අව්‍යාජ ලෙස සාකච්ඡා කර නිරාකරනය කර ගැනීම අවශ්‍යය ය. එය මග හැරීම පහසුම හා විනාශකාරී ම මාවත  ය. එබැවින් නිසි පරීක්ෂනයක් හා පුලුල් සාකච්චාවක් ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයන්ගේ ද සහයෝගය ඇතිව කිරීමට මම යෝජනා කරමි. ජාත්‍යන්තර කමිටුව ඉදිරියේ මෙම ප්‍රශ්න ගැඹුරින් පැහැදිලි කරිමට මම සූදානමින් සිටිමි. ඒ හැරත් මා පක්ෂයෙන් එලියේ තැබීම මගින් මෙම ප්‍රශ්න මග හැරීමට ඔබට ඉඩ ලැබෙනු ඇතැයි නො සිතන මෙන් මම ඔබෙන් ඉල්ලමි. එලියේ සිටියත් මට හැකි හැම ශක්තියක් ම යොදා ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත රකින බව සදහන් කිරීමට මට ඉඩ දෙන්න.

ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය අනුව [කම්කරු පන්තික] නැගිටීමක් සහිත කාල පරිච්ඡේදයකට අප ඇතුල් වී ඇති බවත් අප්‍රේල් සිට මාස 4ක් ඇදුනු අරගලය ව්‍යාජ වම්මුන් විසින් පාවා දෙනු ලැබූ බවත් ඔබ කියා ඇත. අරගලය ආරම්භයේ දී ම ඔබ එය අපට අදාල එකක් නො වේ යයි එයින් ඉවත්ව සිටීමට වැඩ කලේ ය. ජාත්‍යන්තර කමිටුවේ මැදිහත්වීම නො තකා නායකත්වය දිගින් දිගටම ඇල් මැරුනු ප්‍රතිචාර දැක්වී ය. එවැනි අරගලයක පැන නැගීම විශ්වාස නො කල ඔබ ඒ සදහා සූදානමකින් හෝ සාකච්ඡාවකින් තොරව සුලු සුලු වැඩ කලේ ය. ඒවා මහා මැදිහත් වීම් ලෙස ඔබ හුවා දක්වයි. දැන් ව්‍යාජ වම්මු පාවා දී ඇතැයි කියන නායකත්වය එයින් ලබා ගත්තේ මොනවා ද හා එය ප්‍රමානවත් ද ? ඒ උපරිමය ද? අවමය ද? ඔබට තක්සේරුවක් නැති අතර අත්‍යවශ්‍ය සකච්චාව සදහා ඔබ සූදානම් නැති බවට ද මෙම නෙරපා හැරීම සාක්ෂියකි.

2012 ඉජිප්තුවේ සිදුවීමවල දී ලංකාවේ තරම් කේඩරයක් සිටියේ නම් තත්වය වෙනස් කරන බව ඩේවිඩ් නෝත් සහෝදරයා එදා කීය. ඉජිප්තුවේ සිද්ධීන් මෙහි දී ද දිග හැරුනි. අපගේ සම්මේලනය 1917 [අප්‍රේල්] සම්මේලනයට සමාන ය යි ඩේව් සහෝදරයා කීවේ ඒ අර්ථයෙන් ම ය. ඔබ එය ගත්තේ අපි ලෙනින්ගේ බොල්ශෙවික් පක්ෂය මෙන් වැඩ කර ඇතැයි සහතිකයක් ඩේව්ගෙන් ලැබුනේ යයි යන ආකාරට ය. නමුත් ඔබ ඉතිරි කරගත්තේ “අපි වැඩ කලා. ව්‍යාජ වම්මු පාවා දුන්නා” වැනි සුලු දෙයකි. අප මැදිහත් වී කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නො නැගුවේ නම් ජාත්‍යන්තර කමිටුව මැදිහත් වී සම්පාදනය කල ඉදිරි දරශනවල ප්‍රායෝගික සත්‍යතාව ගැන බලගතු නිදසුනක් පක්ෂය සතු වී නැති බව මම ඉස්තිරසාර ලෙස කියමි.

සසප ජාත්‍යන්තර කමිටුවේ මෙහෙය වීම යටතේ  වැදගත් ඉදිරි දර්ශනයක් හා ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කලේ ය.

එහෙත් එම ඉදිරි දර්ශනය සාක්ෂාත් කිරීමේ දී අපේ නම නැතිව බැහැයි කියමින් ගෝටාගම තුල මැදිහත් වී ලක්ෂ සංඛාත මහජනයාට සමීප වන්නට තිබූ අවස්ථාව මග හැර ව්‍යාජ වම්මුන්ට සිත් සේ ඒතුල වැජබෙන්නට අවස්ථාව සැලසී ය. පක්ෂයේ මැදිහත් වීම අපේක්ෂා කල කුඩා වාමාංශික කන්ඩායමක් හරහා සංජයට අවස්ථාව ලැබීමත් අපට ඉක්මනින්ම ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දිනා ගැනීමට හැකි වීමත් හාස්කමක් නො ව පක්ෂය දිගු කාලයක් ගෙන ගිය සප්‍රතිපත්තික අරගලයේ ප්‍රතිපලයකි. අප ඔවුන් දිනා ගත්තේ පක්ෂය විසින් වර්ධනය කෙරුනු ඉදිරි දර්ශනය සදහා අරගලය තුල මැදිහත් වීමේ දී ය. ඒ අතර සිටි සහෝදරවරු දශක ගනනක් පක්ෂය හදුනාගෙන සිටි අතර එහි ලිපි ලේඛන ඇසුරු කර තිබිනි. අරගලයේ අද්දැකීම් ද සහිතව සිටි මොවුන් දැඩි අසීරුතාවකින් තොරව ම දිනා ගැනීමට අපට හැකි විය.  

දැන් සංජය හා නන්දන “කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමේ අරගලයෙන් පක්ෂය ඉවතට හරවීම හා පක්ෂය දුර්වල කිරීම පිනිස මධ්‍යම පන්තික කොටස් හරහා පෙරී විත් පක්ෂය මත ක්‍රියාත්මක වන සතුරු පන්ති පීඩනයේ ප්‍රකාශනයක්” නිසා ඊට විරුද්ධ “රුදුරු සටනක්” ඔබගේ ලිපියෙන් කැදවයි. මෙය පැහැදිලි නො කෙරුනු ප්‍රකෝපකාරී ප්‍රකාශයකි. අදාල දෙදෙනාම සාකච්චාවකින් හෝ විනය පරීක්ෂනයකින් හෝ තොරව පක්ෂයෙන් නෙරපා මේ සටන කෙරෙන්නේ කෙසේ දැයි ඔබ කල්පනා කර නැත. සාමාජිකත්වය නො මග යවන හා පක්ෂය දුර්වල කරන මෙම පිලිවෙතින් පක්ෂය මුදා ගත යුතු ය.

ඔබ දිගින් දිගටම ඉතා අනතුරුදායක් ලෙස පක්ෂ ව්‍යවස්ථාව විකෘති කරයි. සාමාජිකත්වය ව්‍යාකූලත්වයේ හෙලන එය පක්ෂයේ අනාගතය ද විකෘති කරන්නේ ය. එක් අවස්ථාවක ව්‍යවස්ථාව සහමුලින්ම නොතකා හරින ඔබ තමන්ට වාසිදායක් යයි හැගුනු විට එය තමන්ට කැමති අර්ථයකින් යොදා ගනී.

පක්ෂ ව්‍යවස්ථාවේ 10 ඡේදය උපුටා ගනිමින් ඔබේ ලිපිය පවසන පරිදි සාමාජිකයෙකු “.. තමන් සාමාජිකත්වය දරන .. මන්ඩලයක තීරන උල්ලංගනය කර ඇත්නම් ද සසප හා කම්කරු පනතියේ අවශ්‍යතාවයන්ට අනර්ථකාරී යයි සැලකිය හැකි අන්දමින් කටයුතු කර ඇත්නම් ද ..හෙලා දැකීම ද තෙමසක් නො ඉක්මවන කාලයක් සදහා සාමාජිකත්වය අත්හිටුවීම හෝ නෙරපා හැරීම ඇතුලත් වන්නේ ය.” මම මෙය පිලිගනිමි.

එහෙත් එහි “ඈ” ඡේදය අනුව ඒ සදහා විනය පරීක්ෂනයක් පැවැත් වෙන බව සාමාජිකයාට ලිඛිතව දැනුම් දිය යුතු ය. විනය තීරන ගැනීමට පෙර සියලු චොදනාවලින් ආරක්ෂා වීම සදහා මන්ඩලය ඉදිරියේ පෙනී සිටීමට සාමාජිකයෙකුට අයිතිය තිබේ. ඔබ මේ සියල්ල කුනු කූඩයට දමා මෙම ඡෙදය සාමාජිකයන්ගෙන් වසන් කර ඇත. මේ අනුව පක්ෂයේ හා කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම පිලිබද ව්‍යවස්ථාවේ සදහන් කරුනමත් ඔබ විසින් උල්ලංගනය කරන්නේ ය යි මම කියමි. මේ ආකාරයට පුහුනු වන කේඩරයක් පක්ෂයේ කර්තව්‍යයන් වටහා ගන්නේ නැත. මෙවැනි වංචාවන්ට ඔබ යොමු වන්නේ කුමන දේශපාලන අවශ්‍යතාවක් නිසාදැයි දැනගැනීමට සාමාජිකයන්ට පමනක් නො ව කම්කරු පන්තියට ද අයිතියක් ඇත.

1990 මාර්තු 8 දින ඩේවිඩ් නොත් සහෝදරයා දේශපාලන කමිටුවට කල අනතුරු ඇගවීම සටහන් කරමින් මෙම ලිපිය අවසන් කිරීමට මම කැමත්තෙමි.

“අපි විකොස ගැටලු පරික්ෂා කලහොත් පක්ෂයේ මෑත අත් දැකීම් තුල අප සලකුනු කල අන්තරායන් පොදුවේ පැන නගින්නේ තම පක්ෂය ද ඇතුලුව ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාරයේ අත් දැකීම් මත දැඩිව පදනම් වී ගැනීමට අසමත් වීම තුල බව පැහැදිලි වනු ඇත.

“ඔබ භාවිතය වර්ධනය කරන්නේ ව්‍යාපාරයේ සමස්ථ අත් දැකීම් සමග ඒවායේ සම්බන්ධතාව පරික්ෂාවට බදුන් කිරීමෙන් තොරව ය. විකොස මෙම ඓතිහාසික අත් දැකීම් තුල මුලු ඇද ගැනීමට අසමත් වන ප්‍රමානයට එය පන්ති පීඩනය මගින් ජාත්‍යන්තර කමිටුවෙන් ඇතට දුවවනු ලබමින් පවතී. මෙය කිසි සේත් ම ආපසු හැරවිය නො හැකි සංතතියක් හෝ විකොස වැඩ කටයුතුවල ආදිපත්‍ය දරන ගති ලක්ෂනයක් යයි අපි කිසිසේත් නො කියමු. (අද?)

“එහෙත් අවුරුදු 50ට පෙර තමාගේ මරනයට මදකට කලින් ට්‍රොට්ස්කි සදහන් කල පරිදි ‘ සෑම සීරීමේ තුවාලයකම ඔඩු දිවීමේ හැකියාවක් ද ඇතුලත් ය. අප කල් ඇතුවම තුවාලයේ විෂබීජ හරනය කලේ නැති නම් පැසවා ඔඩු දිවීමේ ද, මරනයට පත් වීමේ ද අන්තරාය පවතී. පක්ෂය 98% හරිය. වැරදී ඇත්තේ 2% යනුවෙන් අප සිතාගතහොත් එය වැරදි ය…

“..මාක්ස්වාදියා නිරන්තරව ම වෛශයික ‌ඓතිහාසික ගමන් මගට බලපෑමට උත්සාහ කරමින් තම පිලිවෙත වඩාත් ප්‍රගාඩ ‌ඓතිහාසික සංතතීන්ට සමපාත වන තාක් දුරට, එවන් ප්‍රයත්නයන්ට සැලකිය යුතු ජයග්‍රහන අත්පත් කරගත හැකි ය.”

සහෝදරත්වයෙන්,  

නන්දන නන්නෙත්ති 

 13.01.2023

Leave a Reply

Your email address will not be published. Required fields are marked *