TNL පාලනාධිකාරීය සේවකයන්ට වැටුප් නොගෙවා -පලා නොකියා පලා බෙදති
ටීඑන්එල් රූපවාහිනියේ ජනමාධ්‍යවේදීන් සහ සේවකයන්ට ජුලි මාසයේ වැටුප මේ වන තෙක් ගෙවා නැති බවත් එහි පාලනාධිකාරීය සේවකයන්ට පලා නොකියා පලා බෙදන බව එහි සේවකයෝ පවසති.
ටීඑන්එල් සහ සුප්‍රිම් නාලිකා දෙක අතර ව්‍යාපාරය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එකඟතා ගිවිසුමක් පැවති බවත් ජුලි මාසයේ සිට සුප්‍රිම් රූපවාහිනි නාලිකාව වෙනම කටයුතු කිරීමට පටන් ගැනීමත් ටීඑන්එල් නාලිකාවට මුදල් නොමැතිකමත් නිසා එම නාලිකාව වසා දැමීමට පාලනාධිකාරීය තීරණය කර ඇතැයි ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය වෙත වාර්තාවේ.
ටීඑන්එල් සහ සුප්‍රිම් නාලිකා අතර එකඟතා ගිවිසුම පැවති අවධියේ ටීඑන්එල් සේවකයන් සියලුම දෙනා හට ලබාදුන් දවල් ආහාර වේල කප්පාදු කර තෝරාගත් පිරිසකට පමනක් ටික දවසක් ලබා දී පසු නත කර දමා තිබේ. ආයතනය මගින් උදේට සහ සවසට ලබාදුන් තේ එක නතර කර ඇත. පිළියන්දල සිට දම්පේ දක්වා කාර්යක්ෂම බස් සේවයක් නොමැති නිසා ආයතනයේන් ලබාදුන් ප්‍රවාහන සේවයද නතර කර වාහන විකුණා දැමීමට පාලනාධිකාරීය කටයුතු කරමින් සිටින බවත් ආයතනය මගින් ප්‍රවාහන පහසුකම් කප්පාදු කිරීමට පෙර සේවයට වාර්තා කළ යුතුව තිබුනේ වේලාව උදේ 09.30යට වන අතර ප්‍රවාහන කප්පාදුවෙන් පසු එම වේලාව 9 කර ඇතැයි සේවකයෝ පවසති.
ටීඑන්එල් ආයතයේ සේවකයෝ 48දෙනෙකු සේවයේ නියුතුව සිටින බවත් එම සේවකයන් අතරින් EPF සහ ETF ගෙවා ඇත්තේ කොටසකට පමනක් බව එහි සෙවකයෙකු අප සමඟ පැවසීය.
සේවකයන් 48 දෙනා අතරින් ජන මාධ්‍යවේදීන් 07දෙනෙකු සිටින අතර අනෙකුත් සේවකයින් කාර්යාල සේවකයන් ,රියදුරන් සහ කාර්මික සේවකයන් වේ.
අධ්‍යක්ෂක මණ්ඩලයේ 07 දෙනෙකු සිටින අතර මහෙන් පෙරේරාත් ඊට අයත්වන අතර ඔහු මිට පෙර සේවය කළ රූපවාහි නාලිකාව වසා දැමු අතර ඒ ආකාරයේන්ම මෙම නාලිකාව ද වසා දමතැයි සේවකයන් සැක පල කරති.