1848 කැරැල්ල යටත් විජිත පලකයින්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව සමාන්‍ය ජනයාගේ නැගීටිමක්
MINOLTA DIGITAL CAMERA
ප්‍රියන්ත සිල්වා විසිනි.
මෙරට යටපත් කළ යටත් විජිත පාලකයින්ගේ නීති රීති බොහෝමයක් ස්වදේශීක ශ්‍රී ලාංකීකයන් ජනතාව ප්‍රතික්ෂේප කළහ .ඔවුන්ට ආගන්තුක වූ එම අණ පනත් වලට එරෙහිව අවස්ථා ගණනාවකදීම ඔවුහූ නැගී සිටියහ .1848 දී ඇති වූ කැරළිකාරිත්වයට හේතු වන්නේ ද එවැනි පසුතලයකි.
1830 ගනන් වන විට ලාංකාගේ බ්‍රිතානය යටත් විජිත ආර්ථිකය විදේශ වෙළදාමෙන් පාඩු ලබන දිශාවකට තල්ලු වෙමින් පැවුණි. කෝපි වගාවේ බිඳ වැටීම මත අපනයන ආදායම් පහල යමින් තිබුණි.
මේ පිළිබඳ විමසා බැලීමට 1833 දී කොල්බෲක් කැමරන් ප්රතිසාංස්කරණ ලාංකාවට හඳුන්වා දුණි . නව ප්රතිසාංස්කරණ මගින් ආර්ථිකය නගා සිටුවීමටත් ඒ සඳහා අවශ්‍ය ඍජු පහසුකම් සැපයීමටත් අවශය කටයුුතු යටත් විජිත ආණ්ඩුව විසින් සිදු කර ලදි.
එතෙක් පැවති රාජකාරි ක්‍රමය වෙනුවට වගාව නගා සිටුවීමට අවශ්‍ය මාං මාවත් සැකසීම හා කැළෑ හෙළි කිරීමට ජනතාව යොමු කිරීම සඳහා පාලකයෝ ක්‍රියාත්මක වූහ . මේ ක්‍රමය ලක්දිව වැසියන්ට නුහුරු නුපුරුදු අත්දැකීමක් විය. මෙම ක්‍රමය පැහැරින්නන්ට දඩුවම් නියම කිරීමක්ද යටත් විජිත ආණ්ඩුව විසින් සිදු කර ලදි.මීට අමතර ලක් වැසියන්ට නුහුරු නුපුරුදු බදු වර්ග රාශීයක රජය විසින් පනවන ලදි.තුවක්කු බද්ද,ඔරු බද්ද ,කරත්ත බද්ද ,ඇඟ බද්ද,මරාල බද්ද වැනි බදු වර්ග රාශියක් මීට ඇුතුළත් විය.
එසේ වුවද , දේශිය කෘෂිකර්මාන්ත නගා සිටුවීමේ වැඩ සටහන් ක්‍රියාත්මක නොවුණි. වැව් අමුණු ප්රතිසාංස්කරණ කටයුුතු සිදු නොවුනු අතර මේ නිසා වී වගා කිරීමේ පහසුකම් මග හැරී ගියේය . ස්ව්‍යංපෝෂිත ග්‍රාමීය කෘෂි ආර්ථිකය අඩපණ විය.
මේ බව මහනුවර ඒජන්ත වෙත දන්වා සිටීමට ගිය පිරිසට පහර දී විසුරුවා හැරීමට ආණ්ඩඩුව කටයුුතු කළේය. රටේ විවිධ ස්ථානවල නොසන්සුන් තත්ත්වයන් හට ගැනීමට මෙය හේතු විය. මෙම ස්භාවය මැඩ පැවැත්වීමට ආණ්ඩුව විසින් යුධ නීතිය පනවන ලදි. බදුල්ලේ කච්චේරියේ ඉදිරි පිටට පැමිණි පිරිසක් සිය දැඩි විරෝධය රජයට ප්‍රකාශ කළහ. දිවයිනේ ස්ථාන කීපයකම කැරලිකාරී තත්ත්වයන් පැණ නැගුණි.
මාතලේ පැවති නොසන්සුන් බව තියුණු කැරළිකාරී ස්භාවයක් බවට පරිවර්තනය විය.පෑලියගොඩ ඩේවිඩ් නොහොත් ගොන්ගාලේගොඩ බණ්ඩා මීට නායකත්වය දුන් අතර මොරටුවේ පුරන් අප්පපු නොහොත් විරහැන්දිගේ ප්‍රැන්සිස් ෆර්ඩිනැන්ඩු හගුරන්කෙත ඩින්ගිරිරාළ මේ සටනේ ප්‍රමුඛයෝ වූ .ස්වදේශිකයින්ගේ මෙම නැගී සිටීම මාතලේ සටන නමින් ඉතිහාසගේ සටහන් වේ. මෙය ස්වරූපයෙන්ම පීඩාකාරිත්වයට එරෙහිව පැන නැගුණු අගලයකි. ගිරානේගම නායක හිමි,කඩහපොල හිමි මෙම සටනේ තවත් ක්‍රියාධරයෝ වූහ .
කුරුණෑගල,තමන්කඩුව,නුවකලාවිය වැනි ප්‍රදේශවල උග්‍ර සටන් ඇවිලී ගිය අතර ඇතැම් ප්‍රදේශ කැරලිකරුවන් අතට පත් විය. පැතිරී ගිය සටන් මර්දනය කිරීමේ අසීරු අවස්ථාවකට යටත් විජිත රාජය මුහුණ දුන්නේය.
පුරන් අප්පපුගේ ප්රධානත්වගයන් සංවිධානය වූ පිරිසක් මාතගේ ‘මැක්ගඩාවේ කොටුවට පහර දුන් බවද පැවසේ.ඇතැම් ප්‍රදේශ සටන් කරුවන්ගේ පාලන බලයට යටපත් විය.දඹුු විහාරයේ හිරානේගම හිමි විසින් පෑලියගොඩ ඩේව්ඩ් නමැති මෙම සටන් නායකයා ‘ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් රාජාභිෂේක කර ලදි. මෙම සමස්ථ ක්‍රියාදාමය අතිශය විචිත්‍රවත් සිදුවීම මෙම අවස්ථාව ලෙස සැළකිය හැකිය . මෙම සටනට, ප්‍රභූ හා උසස් යැයි සම්මත කණ්ඩඩායම් වලින් ලැබුනේ අවම දායකත්වයකි.කැපී පෙනෙන සයෝගයක් ලබා දුන්නේ නැත.සටනේ ප්රමුඛ කාර්ය භාර්ය හා නායකත්වයක් උසුලන ලද්දේ පහතරට ජනතාව විසිනි.ඇතැම් රදළ ප්‍රභූ පිරිස් පැවති යටත් විජිත ආණ්ඩුවට සහය පල කරන ලද බව කියැවේ
.යටත් විජිත ආණ්ඩුව මර්දන නීති පනවමින් අතිරේක බල ඇණි යොදවමින් කැරළි මර්දනයට කටයුුතු කළේය . යටත් විජිත ආණ්ඩුවේ පුහුණු බල ඇණි,අත්දැකීම්,ශිල්පීය උපක්‍රම දේශීය සටන් කරුවන්ගේ තත්ත්වයට වඩා ඉහල මට්ටමක පැවතුනි.විවිධ ප්‍රදේශ වල සටන් කරමින් සිටි දේශීය සටන් කරුවන් අතර අන්තර් සම්බන්ධතාවය බොහෝ අවස්ථාවල ගිලිහී ගියේය.මැනවින් පුහුණු වූ නවීන අවි ආයුධ වලින් සන්නද්ධ වූ බ්‍රිතානය හමුදා වලට මුහුණ දීමේ අසීරුතාවයට දේශී කැරලිකරුවෝ මුහුණ දුන්හ .සටන් කරුවන්ගේ සංවිධානාත්මක ස්වරූපය ක්‍රමයෙන් බිඳ වැටුණි. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ස්වදේශිකයින්ගේ සටන බිඳ වැටීමයි.
සටනේ ප්‍රධානීන් දිවයිනේ විවිධ ස්ථානවලදී අත්අඩංගුවට ගන්නා ලදි.ප්රමුඛ නායකයින්ට මරණ දඬුවම නියම විය.සටනට සහභාගී වූ සටන් කරුවන්ට හා සහභාගී වුයේ යැයි සැක සහිත වූවන්ටද විවිධ දඬුවම් පමුනු වන ලදි.පැවති ආණ්ඩුවේ බල අධිකාරිත්වය පෙන්වමින් කැරළිකාරිත්වය සහාසික ලෙස මර්දනය කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. කෙටි කලකදී සටන බිඳ වැටුණද පැවති පීඩාකාරිත්වය හමුවේ ශක්තිමත් ආණ්ඩුවකට එරෙහිව නැගී සිටීමට මේ මෙම ස්වදේශිකයෝ ධ්යෛීමත් වීම ඉතිහාසයේ තීරණාත්මක සිදු වීමකි.
මෙම සටන පැන නැගුනේ ඌව වේලස්ස අරගලකාරයට වර්ෂ 30 කට පසුවය.එම සටනේ ස්වරූපයන්ට වඩා පැහැදිලි වෙනස්කම් මෙම කැරළිකාරිත්වය තුළ තිබුණි. එසේ වුවද යටත් විජිත පාලනයේ පීඩාකාරිත්වයට එරෙහිව නැගී සිටීමේ සලකුළුණු මෙම අරගලය තුළ පැහැදිලිවම දක්නට ලැබුණි.