කල්මුනේ රෝහලේ නිල ඇඳුම් ප්‍රශ්නය වර්ගවාදී දිසාවට තල්ලු කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය පරාජය කරමු !
අම්පාර දිස්ත්‍රිකයේ කල්මුනේ උතුරු මුලික රෝහලේ පිරිසිදු කිරීමේ අංශයට අලුතින් බඳවා ගත් සේවිකාවන් සඳහා රෝහලෙන් නිකුත් කර ඇති නිල ඇඳුමට අමතරව ස්කාෆ් එකාක් පැල ද වැඩ කිරීම එම රෝහලේ අධ්‍යක්ෂ සුගුනන් තහනම් කිරීම නිසා එම ප්‍රදේශයේ ජිවත් වන මුස්ලිම් ජනතාව අතර බලවත් විරෝධයක් මතු වී ඇත.
එම රෝහලේ පිරිසිදු අංශයේ සේවය කරන කාන්තාවන්ට අනිවාර්යෙන්ම රෝහලෙන් නිකුුත් කරන නිල ඇඳුම ඇඳ ගෙන වැඩ කළ යුතු වන අතර ස්කාෆ් එක තහනම්ය. නමුත් එම රෝහලේ අනෙකුත් කාර්ය වල නිතරව සිටි කාන්තාවන්ට නිල ඇඳුම අනිවාර්ය වන නමුත් ස්කාෆ් එක පැද වැඩ කළ කිරීමට රෝහල් පරිපාලනයේන් බාධාවක් නැත.
අපි වැඩ කරන්නේ චක්‍රලේඛනය අනුව චක්‍රලේඛනයට පිටතින් වැඩ කරන්න බැහැ . මේ බඳවා ගනිද්දී පොරොන්දු වුණා යුනිෆෝම් එක ඇඳ ගෙන එනවා කියා . ඇයි දැන් ප්‍රශ්න කරන්නේ යනු වෙන් එහි පරිපාලන නිලධාරී දේව අරූන් එම ප්‍රශ්නය ගැන කතා කරන්න ගිය නියෝජිතයන් හට ප්‍රකාශ කර ඇත.

කල්මුනේ රෝහලේ සේවකයන් චක්‍රලේඛනය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කිරීම සඳහා වාට්ටු වලින් එළියට පැමින ඇති අයුරු
කල්මුනේ මාධයවේදීන් මෙම ප්‍රශ්නය ගැන අගෝස්තු 10 ය කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස දැනුවත් කර තිබියදී , අගෝස්තු 11 පැවති කැබිනට් තීරන දැනුමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කල්මුනේ රෝහලේ නිල ඇඳුම් ප්‍රශ්නය නැගු අවස්ථාවේ ඒවැනි දෙයක් ගැන ඔහු දැනුවත් නැතැයි ප්‍රකාශ කර ඇත.
මෙම නිල ඇඳුම් ප්‍රශ්නය සම්බන්ධයෙන් 2022 සැප්තැම්බර් 27 වනදා සහ 2022 නොවැම්බර් 30 වන දා යනු වෙන් චක්‍රලේඛන දෙකාක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ. 2022 සැප්තැම්බර් 27වනදා නිකුත් කළ චක්‍රලේඛනයේ සඳහන් වන්නේ නිල ඇඳුමට උඩිින් තමන්ගේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවය නිරූපනය වන අයුරින් ඇදුම් ඇදිය හැකි බවයි. 20222 නොවැම්බර් 30 වනදා නිකුත් කළ චක්‍රලේඛනයේන් නිල ඇඳුමට පමනක් සීමා කර තිබේ.
එම සේවකයන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි නියෝජිතයන් පිරිසක් එම ප්‍රශ්නය ජාජබ /ජවිපෙ පාර්ල්මේන්තු මන්ත්‍රී ආදන් බාවාට යොමු කළ විට ප්‍රහ්නය විසඳා අවසන් බව පවසා ඇත. නමුත් එම නියෝජිතයන් රෝහල් පරිපාලනය මුණ ගැසුනු අවස්ථාවේ බාවාට සම්බන්ධයක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මගින් නිකුත් කර ඇති චක්‍රලේඛනය අනුව තමයි අපි වැඩ කරන්නේ යනුවෙන් රෝහල් පරිපාලනය නිලධාරියෙකු පැවසු බව එම නියෝජිතයින් අප සමඟ පැවසුහ.

සේවක අයිතිවාසිකම් වෙනුවෙන් රෝහල් පරිපාලනය සමඟ සාකච්ජාවට ගිය නියෝජිත පිරිස.
රෝහල් පරිපාලනය විසින් අගෝස්තු 14 සෞඛ්‍ය අමාත්‍යංශයට ලියුමක් මගින් දැනුම් දෙනවා එම සේවකයින් චක්‍රලේඛනය අනුව කටයුතු කරන්නේ නැතිනම් විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව රෝහලට අලුතින් බඳවා ගන්නා ලද සේවකයින් පස් දෙනාගේ රැකියා අනතුරේ හෙළා ඇත.
අක්කරේ පත්තුව, සමන්තුරේ සහ අම්පාර රෝහල් වල සේවය කරන අයගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයෝ වෙති. එම රෝහල් වල ද දෙමළ සහ සිංහල සේවකයෝ ද වැඩ කරති. නමුත් දෙමළ සම්ප්‍රදායික ඇඳුම හෝ මෝට්ටුව හෝ වෙනත් සංස්කෘතික අනන්‍යතාවය ප්‍රදර්ශනය කර ඇඳුම් හෝ ආයිත්තම් පැද සිමිට ගැන එම රෝහල් වල වෙනත් ආගම් අදහන හෝ වෙනත් ජාතිකයින් ප්‍රශ්න නොකරන තත්වයක් ඇතුලේ කල්මුනේ උතුරු රෝහලේ මතු වී ඇති තත්වය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමක් බවත් එම සේවකයින්ගේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට වෙනත් රෝහලකට මාරුකර හැරීමට ආණ්ඩුව කටයුතු කළහොත් අම්පාර දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් ඔවුන් බාර නොගැනීමට කටයුතු කරන බවත් ආණ්ඩුව මැදිහත් වී එම ප්‍රශ්නය විසඳිය යුතු බව එම රෝහල් වල සේවය කරන කම්කරුවෝ පවසා ඇත
ආණ්ඩු මෙම ප්‍රශ්නයට මුළුමනින්ම වගකිව යුතු බවත් ආණ්ඩුව එම ප්‍රශ්නය දෙමළ සහ මුස්ලිම් ජනයාට විසඳා ගැනීමට ඉඩ හැර බලා සිටින බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා හිටපු එල්.ටී.ටී.ඊ. සමාජිකයෙකු යැයි පවසමින් ප්‍රශ්නයේ සැබෑ තතු වසන් කිරීමට පිරිසක් කටයුතුකරමින් සිටින බව එම කම්කරුවෝ වැඩිදුරටත් පැවසුහ.
නිල ඇඳුම් ප්‍රශ්නයට මුහුණ පෑ සේවකයේ ඔවුන්ගේ මුලික් අයිතිවාසිකම් කඩ වී ඇතැයි අම්පාරේ මානව හිමිකම් කාර්යාලයට පැමිනිල්ලක් ද දමා ඇත.
චක්‍රලේඛනය වහා ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කර පරිපාලනය විසින් මෙහෙ වන ලද සේවකයින් පිරිසක් අද (17) උදේ රෝහල ඉදිරිපිට විරෝධතාවයක් දක්වා ඇති බවත් පසු පොලිසියෙන් පැමින එම උද්ඝෝෂණය නතර කරන්නැයි කරන ලද ඉල්ලීමක් මත එම විරෝධතාකරුවෝ එම ස්ථානයේන් නික්ම ගොස් ඇත.