මිලේච්ජ ධනවාදය පවතින තාක් පාතාල කල්ලි ,මත්‍ ජාවාරම සහ අල්මේදා වැන්නවුන් බිහි වීම ද නතර කළ නොහැක

0
WhatsApp Image 2026-08-25 at 19.40.49

පසුගියදා කොන්ක්‍රීට් කනුවක බැද ගිංඟේ පාවෙමින් තිබියදී පොද්දල පොලිස් වසමට අයත් වක්වැල්ල පාලම අසල රැදී තිබි මළ සිරුරක් ගොඩ ගැනුණි.පසුව එම මළ සිරුර  අහුන්ගල්ල ලෝකස් වත්තේ පදිංචිකරුවෙකු වන තාරුකාර විරාජ් රශ්මික සිල්වා නොහොත් අල්මේදාගේ බව හඳුනා ගත්තේය. අල්මේදාට අමානුෂික ලෙස පහරදීම නිසා ඔහුගේ මුහුණ කළු වී විකෘතිව තිබුණි.  ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් අල්මේදාව කුරුණෑගල මවතගමදී පැහැර ගෙන ගාල්ලට රැගෙනවිත් තිබේ. අහුන්ගල්ලේ ලොකු පැටිගේ ප්‍රධාන වෙඩික්කරු වන අල්මේදාව විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය මගින් ප්‍රචාර කළේය.

ඔහු මරාදැමිමෙන් පසු  ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේදී යකඩයා කොහේ දැයි තමාගෙන් අල්මේදා ගැන විමසු බවත් පසුව ඔහුව පෙන්නා හදුනනවාදැයි විමසු බව හේවාගේ විහඟ දෙනෙත් ජයසිංහ නැමැත්තා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම් දෙන ලදී.

අල්මේදාව අත්අඩංගුවට ගත් ගාල්ල අපරාධ කොට්ඨාශයට කොස්ගොඩ සුජි සහ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය කෝටි දෙකක මුදලට ලබා දී ඇති බවත් කරන්දෙණිය සුද්දාගේ ගෝලයෝ අල්මේදාව අමානුෂික ලෙස වධ බන්ධනයන්ට ලක් කර මරා දමා කොන්ක්‍රීට් කනුවක ගැට ගසා ගිංගඟට දැමු බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. මිට පෙර රත්මලනේ කුඩු අංජු පෑලියගොඩ අපරාධ කොඨාශයට ලවා රත්මලානේ රෝහා මර වන්නේ කෝටි පහකට කොන්ත්‍රාත්තුවකටය. එම ගනුදෙනුව පිටුපස සිටියේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ය. පොලිස් විශේෂ කාර්ය බලකාය ඉන්දිකව ප්‍රභාත්ව කොට්ටේගොඩ දී පැහැර ගෙනවිත් ආයුධ පෙන්වීමට යැයි අහුන්ගල්ලට රැගෙන ගොස් නළලට වෙඩි ඝාතනය කරන ලද්දේ කොස්ගොඩ සුජිගේ කොන්ත්‍රාත්තුවකටය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා නීතිඥ වරුණ ජයසුන්දරට ද චෝදනා එල්ල විිය.

අල්මේදාව අත්අඩංගුවට ගත්තේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් බව තහවුරුවී තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය එම කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ රමේෂ් ලක්ෂාන් සහ ප්‍රසාද් දිසානායක යන සැකකරුවන් මේ වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන බද්දේගම අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. තවත් උසස් නිලධාරීන් පිිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද වාර්තාවේ. එම සිදු වීම වන අවස්ථාවේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය භාරව සිටියේ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරාට සහ දකුණ පළාත භාර සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට ද  ස්ථාන මාරුවක් ලැබිණ.

කුරුණෑගල මාවත ගම ප්‍රදේශයේදී පැහැර ගත් අල්මේදාව ගාල්ල අපරාධ කොට්ඨාශයේ ලක්ෂාන් සහ දිසානායක යන සැකකරුවන්  යතුරු පැදියක නංවාගෙන ටික දුරක් පැමින පොලිස් දෙපාර්මේන්තුවට අයත් 251 -3034 වාහනයේ දමා ගෙන ගාල්ලට රැගෙනවිත්  ඇත.‍

අල්මේදා අම්බලන්ගොඩ අහුන්ගල්ලේ ලෝකස් වත්ත අංක 453/ඊ යන ලිපිනයේ පදිංචි කරුවෙකු වන අතර ඔහුව ඝාතනය කරන විට වයස අවුරුදු (40) හතලියකි. අල්මේදා පවුලේ ප්‍රථමයා වන අතර ඔහුට සහෝදරයන් දෙදනෙකු සහ සහෝදරියක් සිටී. අල්මේදාගේ පිය පොලිස් දෙපාර්මේන්තුවට අනුයුක්තව සේවය කළ සැරවන්වරයෙකි. ඔහු විශ්‍රාම ගැනීමට පෙර කොල්ලුපිටිය පොලිසියේ සේවය කොට ඇත. අල්මේදා අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලයට ගොස් ඇති අතර සමාන්‍ය පෙළ දක්වා ඉගනුම බලා ඇත. සමාන්‍ය පෙළෙන් පසු ඔහු හික්කඩුවේ හෝටයකට රැකියාවකට ගොස් තිබේ. පැපොල් සෑදිමෙන් පසු ඔහු හෝටෙල් රස්සාවට සමුදුන් අල්මේදා නත්තන්ඩියේ පදිංචිව සිටි ලොකු බාප්පලාගේ නිවසට ගොස් ඇත. බාප්පා නත්තන්ඩියේ පොල් වත්තක රැක බලා ගෙන සිට ඇත. අල්මේදා එම පොල් වත්තේ රියදුරේකු වශයෙන් සේවය කළ බව ඔහුගේ මව පවසයි .පසු අල්මේදා බාප්පාගේ දුව සමඟ විවාහ වී ඇත. මුලින්ම ගංජා සමඟ ඔහුව අත්අඩගුවට ගන්නේ මාරවිල පොලිසියෙනි. පසුව අවස්ථා කිපයක් ඔහු මේ ආකාරයෙන්  බන්ධනාගාරගත විය. අල්මේදා බන්ධනාගාරගයේ සිට පැමිනෙන විට බිරිඳ දරුවනුත් රැගෙන ගොස් සිටියාය. අල්මේදා දෙදරු පියෙකි. බිරිඳ දරුවනුත් රැගෙන යැමෙන් පසු ඔහු නැවත අහුන්ගල්ලට ගොස් ඇත. අල්මේදා අහුන්ගල්ලට පැමිනෙන විට හොරෝයින් වලට ඇබ්බැහි වී නොසිටි බවත් හෙරෝයින් වලට ඇබ්බැහි වුයේ ගාල්ල බන්ධනාගාරයේදී බව ඔහුගේ මව අප සමඟ පැවසුවාය . ඔහු හෙරෝයින් වලට ඇබ්බැහි වු පසු ගමේ ඇදවිද පොල් පවා කඩන තත්වයට පත් වි ඇත.

මිලේච්ජ ධනවාදය පවතින තාක් පාතාල කල්ලි ,මත්‍ ජාවාරම සහ අල්මේදා වැන්නවුන් බිහි වීම ද නතර කළ නොහැක

අල්මේදා පාසැල් ක්‍රීකට් කණ්ඩායමට මෙන්ම රගර් කණ්ඩායමට බැදී සෙල්ලම් කළ දක්ෂ ක්‍රීඩයෙකු බව  මව පැවසුවේ කදුළු සඟවගෙන උතුරා ගිය දරු සෙනෙහසිනි. ඔහු අහුන්ගල්ලේ වන් වෝයිස් (One voice) ක්‍රීඩා කණ්ඩායේම සිටි අති දක්ෂ ක්‍රීඩයෙකු බව එම ක්‍රීඩා සමාජයට තරඟ කරන තරුණයෙකු අප සමඟ පැවසීය. ඔහුගේ දක්ෂතවය වර්ණාකමින් තරුණයෙකු පැවසුවේ  පාන්දු වාර හයකින් (06) සමන්විත තරඟයකදී හයේ (06) පහරවල් 18 ලබා ගත් බවයි . රශ්මික සිල්වාට අහුන්ගල්ලේ තරුණයෝ අල්මේදා නම්න් අමන්ත්‍රණය කර ඇත්තේ ඔහු ඉන්දියවේ දේශීය ක්‍රීකට් ක්‍රීඩකයෙකු වු කෙවින් ඩි අල්මේදා මෙන් දක්ෂ ලෙස ක්‍රීඩා කරන බැවින්ය.

අල්මේදා මේ මිලේච්ජ ධනවාදයේ නිෂ්පාදිතයකි.අල්මේදා වැන්නවුන් මර දැමීම මේ ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි. දවසින් දවස ඔහු වැන්නවුන් පැටව් ගසනු ඇත. අල්මේදාලා බිහි කළ සමාජ ආර්ථික හා දේශපාන ක්‍රමය වෙනස් කළ යුතුය. එය කළ හැක්කේ කම්කරු පන්තියටම පමණි.

පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නියැලී සිටින අති බහුතරයක් දෙනා දරිද්‍රතා රේඛවේ පහලම අඩියේ සිටින පවුල් වල දරුවෝ වෙති. තවත් සමහර දරුවෝ නාගරික පැල්පත් ආශ්‍රීතව හැදුනු වැඩුනු අය වෙති. ඔවුන්ව පාදඩ නිර්ධනයෝ නමින් ද හදුන්වති. ඔවුන්ට නිශ්චිත අරමුණක් සහ ඉලක්කයක් නැත. එදිනෙදා ජිවිතය ගැට ගසා ගැනීම සදහා ඔවුන් ඔිනැම පැත්තකට සේදු වනු ඇත. නාවල නිහාල් සහ ශීරන් බාසීක් වැනි ඉහල මධ්‍යම පාන්තිකයන් මෙන්ම මැද පාන්තිකයන් පිරිස් ද පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ ගැට ගැසි ඇත. මොහුන් අත සල්ලි ගැවසුන ද විවිධ සමාජ හැලහැප්පීන් මත පාදඩ ක්‍රියාකාරකම් වලට ඇදවැටුනුනෝ වෙති.

පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් සෑමවිටම සේවය කළේ ,පාලකයින් කම්කරු -පීඩිත ජනයාට එරෙහිව ගෙන යන මර්දනයට රුකුල් දීමකි. ඊනියා යුක්තිය සහ ඉවත්වෙනු මෙහෙයුම් මගින් ආණ්ඩුවට ඇවැසි විධියට තරුණයන් බන්ධනාගාර වලට ගාල් කිරීමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ කප්පාදු වැඩ පිළිවෙල එරෙහි වන ජනයා ත්‍රස්ත කර තබා ගැනීමත් එම මෙහෙයුම් වල යටි අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *