Warning
: Undefined array key "options" in
/home/eagleeye/public_html/wp-content/plugins/elementor-pro/modules/theme-builder/widgets/site-logo.php
on line
102
පෞද්ගලික පාසල් සම්බන්ධයෙන් රජයේ වගවීමක් නැහැ | lankaskynews
+94-775282133
infolankaskynews@gmail.com
LANKASKYNEWS
LANKASKYNEWS
LANKASKYNEWS
Sri Lanka No 1 News
Provider
Provider
Provider
Provider
Home
පුවත් විශේෂාංග
ව්‍යාපාර පුවත්
ක්‍රීඩා
දේශපාලන
විදෙස්
වෙනත්
වීඩියෝ
About-Us
Menu
Home
පුවත් විශේෂාංග
ව්‍යාපාර පුවත්
ක්‍රීඩා
දේශපාලන
විදෙස්
වෙනත්
වීඩියෝ
About-Us
පෞද්ගලික පාසල් සම්බන්ධයෙන් රජයේ වගවීමක් නැහැ
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිසිඳු ජාත්‍යන්තර පාසලක් රජය මගින් පාලනයක් හෝ නියාමනයක් සිදු නොකෙරෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් හෙළි කර සිටියි. එසේම ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර පාසල් සම්බන්ධ නිවැරදි දත්ත පද්ධතියක් අධ්‍යාපන අමාත්‍යංශය සතුව නොමැති බවද එම විගණන වාර්තාව වැඩිදුරටත් හෙළකර සිටියි.
ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි ආයතන නොවන හෙයින් ඒවා නියාමනය කිරීමේ නෛතික බාධාවන් පවතින බව ද එම වාර්තාව පෙන්වා දී ඇත.
1961 අංක 8 දරණ උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වගන්තිය අනුව වයස අවුරුදු 5-14 වයස් සීමාවේ පසුවන දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික පාසල් ආරම්භ කළ නොහැක. ඒ හේතුවෙන් සමාගම් පනත යටතේ සමාගමක් වශයෙන් හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර වශයෙන් මෙම ජාත්‍ය්‍යන්තර පාසල් නම් ආයතන විශේෂය ලියාපදිංචි කෙරේ.
රජය මගින් පාලනයක් හෝ නියාමනයක් සිදු නොවන බැවින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බැහැර කරමින් ව්‍යාපාරික පරමාර්ථයෙන් එම ආයතන පවත්වාගෙන යාමට ඉඩකඩ ලැබි තිබෙන අතර ඒ හේතුවෙන් අධ්‍යාපනයේ ප්‍රමිතිය සියලු පාසල් අතර ඒකාකාරීව පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ ද ඇහිරී ඇති බව එම විගණන වාර්තාවේ තවදුරටත් සදහන් කර තිබේ.
ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර පාසල් සම්බන්ධ නිවැරදි දත්ත පද්ධතියක් අධ්‍යාපන අමාත්‍යංශය සතුව නොමැති අතර අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2015 වසරේදී පළ කරන ලද පුවත්පත් දැන්වීමට ලද තොරතුරු අනුව දළ වශයෙන් ජාත්‍යන්තර පාසල් 391 ක් පමණ පවතින බවට අධ්‍යපාන අමාත්‍යංශයේ පෞද්ගලික පාසල් අංශයේ අධ්‍යක්ෂවරයා දන්වා සිටියත් මෙම පාසල් සත්‍ය වශයෙන් ම පවතී ද යන්න පිළිබඳ මෙතෙක් භෞතිකව කිසිදු තහවුරුවක් සිදුකර නොමැත.
ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ ජාත්‍යන්තර පාසල් 7 ක් සඳහා අවසර අනුමැතිය ලබා දී අතර මෙම අනුමත කිරීමේ දී ආයෝජන මණ්ඩලය විසින් සළකා බලන ලද්දේ විදේශීය ආයෝජකයකු විසින් ශ්‍රී ලංකාවට කරනු ලබන ආයෝජනකය ක දී සළකා බනු ලබන කොන්දේසි පමණක් බව එම විගණන වාර්තාවේ සඳහන් ය.
මිට අමතරව 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සමාගමක් ලෙස පාසල් 21 ක් ලියාපදිංචි වී ඇති අතර සමාගමක් ලියාපදිංචියේ දී සළකා බලන නිර්ණායකයන්ට අමතරව පාසලක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය අනෙකුත් නිර්ණායක හා ප්‍රමිතීන් පිළිබඳ අවධානය යොමු නොවන ලෙස පිහිටුවා තිබිම හා කිසිදු අයුරකින් නියාමනයක් සිදු නොවීම තුළ හුදෙක් ව්‍යාපාර වශයෙන් ලියාපදිංචි වීම හා ව්‍යාපාරික අරමුණු ඇතිව පවත්වාගෙන යමින් තිබෙන බව ද එම විගණන වාර්තාවේ සඳහන්ය.
උණුසුම් පුවත්
News
ගිවිසුමකට එළඹෙන තුරු හෝමුස් අවහිරයි – ඩොනල් ට්‍රම්ප් යළිත් අනතුරු අගවයි!
skynews
April 21, 2026
0
Politics
කාල් මාක්ස් යැයි සිතා ලාල් කියෙව්වේ ඇඩම් ස්මිත්ද?
skynews
April 20, 2026
0
News
හෝමුස් සමුද්‍ර සන්දිය හරහා ගමන් කළ ඉරාන භාණ්ඩ වැවකට ඇමරිකාව පහර දෙයි.
skynews
April 20, 2026
0
News
කාශ්මීර වැසියන් ඉරාන ජනතාවට සහෝදරත්වයේ දැත් දිගු කරති !
skynews
April 20, 2026
0
News
හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්රිආරචචිව රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර
skynews
April 20, 2026
0
+94775282133
infolankaskynews@gmail.com
features
ව්‍යාපාර
ක්‍රීඩා
වීඩියෝ
Get STARTED
සංචාරක
විදේශ
දේශපාලන
COMPANY
About Us
Contact Us
Services
Weekly Newsletter
Name
Email
Subscribe