ජනාධිපති රනිල්ගේ මැරයෝ අරගලකරුවන්ට පහර දෙති

0
20230203202613_IMG_9317

මරදාන එල්ෆිස්ටන් රගහල ඉදිරිපිට ඊයේ (03) සවස ආරම්භ කළ සත්‍යග්‍රහයට මැර සහ පොලිස් ප්‍රහාරයක් එල්ල කර විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් ද සිටින බව වාර්තාවේ .

මැරයෝ සහ පොලිසිය විරෝධතාකරුවන්ට පසුපස පන්නා පොලුවලින් පහර දී තිබේ .

සත්‍යග්‍රහය තහනම් කර නැතැයි මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ සදහන් කර තිබියදීත් පොලිසිය දිගින් දිගටම සත්‍යග්‍රහනයට බාධා කරමින් , විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සහ කළේය . පසු පොලිසිය මැර පිරිසක් ලවා කලබලයක් ඇති කර විරෝධතාකරුවන්ට පහර දි පන්නා දැමුවෙිය .

මෙම මැර පිරිස එක්සත ජාතික පක්ෂයට අයත් පිරිසක්් බව වාර්තා වි ඇත.

පොලිසිය විරෝධතාකරුන් සොයා ලංකා ගුරුමැදුර සහ ශ්‍රී ලංකාවෙි සමාජවාදි පක්ෂයේ කාර්යාලය ද වටලා ඇත.

ජනාධිපති රනිල්ගේ මැරයෝ අරගලකරුවන්ට පහර දෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *