දේශපාලන හයිය මත බුරුවාගේ වැඩේ බල්ලාට .

ඇමෝනියම් නයිට්රේට් (ammonium nitrate) ආනයනය කරන රජයේ එකම බලධරයා වු එස්.ටි.සී . (S T C) ආයතනය එම වගකීම පැහැර හරිමින් දේශපාලනය සබඳතා මත සහල් ආනයනය යෙදී සිටීමෙන් මෙරට කර්මාන්ත කඩා වැටීමට ලක්ව ඇති බව ව්‍යාපාරිකයෝ පවසති .

කළුගල් කැඩීම සඳහා භාවිතා කරන “ඇමෝනියා නයිට්‍රේට්” හිඟවීමෙන් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමට ලක්විය හැකි බවද ව්‍යාපාරිකයෝ පවසති .
ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කිරීමේ එකම බලධාරියා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා බව පවසන ඔවුන් එම සංස්ථාව මගින් ඇමෝනියම් නයිට්‍රේට් ගෙන්වීම හරි හැටි සිදු නොකරන බැවින් කර්මාන්තකරුවෝ අපහසුතාවයට ලක් වී ඇති බව ත් ,මේ හේතුවෙන් කළුගල් කර්මාන්තය,මේසන් බාස්ලා ගේ සිට ඉන්ජිනේරුවා දක්වා වූ ඉදිකිරීම් කර්මාන්තය ඇනහිටීමට ලක්විය හැකි බවද ඔවුහු පවසති .

ඔවුන් පවසා සිටියේ (stc) රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හා වානිජ නීතිගත සංස්ථාව ඇමෝනියම් නයිට්‍රේට් නයිට්‍රේට් ආනයනය පසෙක තබා ආහාර ආනයනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති බවය.

කර්මාන්ත අවශ්‍යතාවය අනුව ඇමෝනියම් නයිට්‍රේට් ලංකාව තුළ නොමැති වූවහොත් සම්පූර්ණයෙන්ම කර්මාන්ත හා ඉදිකිරීම් බිඳ වැටිය හැකි බවද බවද ඔවුහු පෙන්වා දුන්හ .

මේ සම්බන්ධයෙන් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ ඇමෝනියම් නයිට්‍රේට් ගෙන්වීම තවමත් සිදු කරන බවත්,වත්මන් ආර්ථික අභියෝග හමුවේ සහල් ආනයනය කිරීම සහන සේවාවක් ලෙස සංස්ථාව මගින් සිදුකරන බවත්
සතොස සහ Q shop වලට එම සහල් ලබා දෙන බවද ඇය කීවාය

ඇමෝනියම් නයිට්‍රේට් ගෙන්වීම සම්බන්ධයෙන් තමන්ට නිල ප්‍රකාශයක් කළ නොහැකි බවත් සභාපතිවරයා සම්බන්ධ කර දීමට කටයුතු කරන බවත් එම ප්‍රකාශිකාව වැඩ්දුරටත් පැවැසුවාය .

සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද විශේෂ ව්‍යාපාරික හමුවක් හේතුවෙන් එම ප්‍රයත්නය අසාර්ථක විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *