EPF සහ ETF කොල්ලය නතර කරුන්නැයි ආණ්ඩුවට බල කර කම්කරුවෝ විදී බසිති

EPF සහ ETF කොල්ලය වහා නතර කරන්නැයි ආණ්ඩුව බල කර අද (28) දහවල් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණය පැවැත්විණ .

වෘත්තීය සමිති එකාබද්ධ පෙරමුණ මගින් මෙම විරෝධතා උද්‌ඝෝෂණය සංවිධානය කර තිබුණි . එම විරෝධතාවයට වෘත්තීය සමිති වලට අමතරව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් සහභාගි වී සිටියේය .

අධ්‍යාපනයට සෞඛ්‍ය ප්‍රමානවත් මුදලක් අයවයෙන් වෙන්කරනු !,තැපැල් දුම්රිය විකිණීම වහා නවතනු ! අයි .එම් .එෆ් හෙනගෙඩිය කම්කරු අරමුදල් වලට එපා !සහ ගජ මිතුරන්ට බදු සහන වෘත්තීකයන්ට බදු බර යන සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශන කරමින් හා සටන් පාඨ කියමින් උද්ඝෝෂකයෝ විරෝධතාවේ නිරතවුහ .

කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් විරෝධතාවේ නිරත වු විරෝධතාකරුවන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් ගමන් කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලිසීය මැදිහත් විඑය නතර කරන කළේය.

විරෝධතා උද්ඝෝෂණය මර්දනය කිරීම සදහා හමුදාව , කැරැලි මර්දන පොලසීය සහ පොලිසීය ද කැදවා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *