SLV log අයිතිකරු අත්අඩංගුවට

එස් .එල් .වී .ලොග් යුටියුබ් නාලිකාවේ අසිතිකරු වන බෲනෝ දිවාකාර අද (31) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කටඋත්තරයක් ලබා ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට අද පැමිණෙන්නැයි කළ දැනුම් දීමකට අනුව දිවාකර එහි ගිය අවස්ථාවේදීය .

බුදුන්ට අපහාස කළා යැයි කියන නතාෂා එදිරිසුරියගේ( Stander up comedy) ප්‍රහසන වැඩ සටහනක් එස් .එල් .වී. ලොග් යුටියුබ් නාලිකාව මගින් විකාශනය කළා යන චෝදනාව මත අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් දිවිකාරව අත්අඩංගුවටගෙන ඇත .

එදිරිසුරියගේ නිර්මාණය මගින් බුදුන්ට අපහාස කළා යැයි කියා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් විසින් ඇයව මැයි 26 වන දා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්හ .පසු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *