අරගල නියමුවෙක් CID කැදවයි

struggling pilot calls the CID

කොළඹ පරිගඝණක අපරාධ කොඨාශය මගින් තුමුල තිසුම් හෙට්ටිආරච්චිට කට උත්තරයක් ලබා ගැනීම සඳහා අද (14) උදේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දන්වා ඇත.

කටඋත්තරය ලබා දීම සඳහා හෙට්ටිආරච්චි තම නීතිඥවරි සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ.

හෙට්ටිආරච්චි ඔහු ගේ මුහුණු පොතේ පල කරන ලද අදහසක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා පැමිණේන්නැයි දන්වා ඇතත්, එහි පල කරන ලද කුමන අදසහක් සම්බන්ධයෙන් දැයි කොළඹ අපරාධ කොඨාශය හෙට්ටිආරච්චි දැනුවත් කර නැත.

මෝදර පොලිසිය හෙට්ටිආරච්චිට කටඋත්තරයක් ලබා ගැනිම සඳහා පොලිසියට පැමිණෙන්නැයි දන්වා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල් වුවා යැයි කියා අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු.

හෙට්ටිආරච්චි අද (14) උදේ එම නඩුවට පෙනි සිට පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *