ආණඩුව ජල ගාස්තු සීයට 90% කින් ඉහල දමයි

Government increases water charges by 500%

ජල ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ අනුව ජල ගාස්තුව සියයට 70% ත් 90 අතර ප්‍රතිශතයකින් ඉහළ දමා ඇත .

ජල ගාස්තු ඉහළ දැමීම ජනතාවට බරක් නොවන ආකරයට ක්‍රියාත්මක කිරීමට උපරිමයෙන් කටයුතු කළ බවත් එහිදී අඩු ආදායම් ලාභීන් පිළිබඳව ද අවධානය යොමු කළ බවත් ජලසම්පාදන මණ්ඩලයේ ඉහළ නිලධාරියකු පැවසීය.

මේ වන විට රුපියල් 50ක්ව පවතින ස්ථාවර ජල ගාස්තුව රුපියල් 300 දක්වා ඉහළ දැමෙන අතර, ඒ අනුව, ජල පාරිභෝගිකයකු වෙනුවෙන් මාසිකව ලබාදෙන ජල ලීටර් 5000ක් වෙනුවෙන් රුපියල් 300ක් අය කිරීමට නියමිතය.

මාසිකව ජල ලීටර් 5000ට වඩා පරිභෝජනය කරන ජල පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ජල ගාස්තුවක් අය කරන බව ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *