ජනාධිපති මන්දරයට ඇතුල් වුවාට නීති දෙකාක් -ජනාධිපති නීතිඥ සාලිය පිරිස්

ත්‍රස්තවාදය වැළැක්විම පනත යටතේ රදවාගෙන සිට බන්ධනාගාර ගත කළ අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) අධිකරණයට හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් ටි .එන් .එල් .මහාවත්ත මහත්මිය බන්ධනාගාර දෙපාර්මේන්තුවට අද (12) නියෝග ක‌ළාය .

මහේස්ත්‍රාත්වරිය මුදලිගේ තවදුරටත් බන්ධනාගාර ගත කන්නැයි නියෝග කළේ නීතිපතිගේ උපදෙස් ලැබෙන තෙක්ය .

මේ නඩුව කොළඹට කැදවන්න තිරණය කළේ අපි. මේ නඩුව ඇදගෙන යන්න අපට අවශ්‍ය නැහැ . විමර්ශන වලින් 60% හැටක පමන ප්‍රමාණයක් තමයි අවසන් වෙලා තියෙන්නේ . තවදුරට.ත් පරික්ෂණ කරන්නට ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි සෝලිස්ටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණය හමුවේ කරුණු දැක්විය .

මාස හතරකට ආසන්න කාලයක් රදවාගෙන සිට 60% නම් විමර්ශන සිදු කර තිබෙන්නේ තව ‌කොතරම් කාලයක් යනවා දැයි මුදලිගේ වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අතර ජනාධිපති මන්දිරයට ඇතුල් වුවා යැයි අත්අඩංගුවට ගත් අයට සමාන්‍ය නීතිය යටතේ කටයුතු කරද්දි , තම සේවාදායකට පමනක් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ චෝදනා ගොනු කරන්නේ ඇයි දැයි අධිකරණය හමුවේ පුශ්න කළේය .

මගේ සේවාදායකයාට එරෙහිව ගොනු කර ඇත චෝදනා වැටෙන්නේ සමාන්‍ය නීතිය යටතේ නැතිනම් ත්‍රස්තවාදය වැළැක්විිමේ පනත යටතේ දැයි සොයා බලා අප නියම කිරීමේ බලයක් මහේස්ත්‍රාත්වරයාට ඇතැයි පෙන්වාදුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *