තම ස්වාමි පුරුෂයා ඝාතනය කළේ රාජපක්ෂලා ද කියලා සැකයක් ඇති වෙනවා

There is a doubt that Rajapaksa killed her husband

තම ස්වාමියා ඝාතන සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය දා අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු බෝම්බයක් බඩේ බැදගෙන පුපුරවා නොගත් නිසා, ජේයරාජ් ප්‍රනාන්දු පුල්ලේව ඝාතනය කළේ රාජපක්ෂලා යන චෝදනාව සත්‍ය විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී පුල්ලේ අප කළ විමසුමක දී ප්‍රකශ කළාය.

හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දු පුල්ලේව මේ රටේ අගමැති විමේ සිහිනයක් තිබුණු බවත් එවකට හිටපු භික්ෂුන් වහන්සේලාට ද ඔහුව අගමැති කිරීමේ යෝජනාවක් ගෙන ආ බව කී පුල්ලේ එම නිසා තම ස්වාමී පුරුෂයා මරා දැමුවාද යන්න බරපතළ සැකයක් පවතින බවත් පුල්ලේ පැවැසුවාය .

බෝම්බය රැගෙන ආ තරුණයා පොලිසිය මගින් අත්ඩංගුවට ගත් ද පසුව ඔහු රජයේ සාක්කිකාරයෙකූ කිරීම සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බව පුල්ලේ පැවසුවාය.

පුල්ලේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරී ලක්ෂමන් කුරේ ඇතුළු තිදෙනා පසුගිය දා නිදොස් කොට නිදහස් කරන ලදී .

අවුරුදු 14 කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිට පුල්ලේ ඝාතන නඩුවෙන් නිදහස් වු කුරේට හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළා යැයි යළි බන්ධනාගාර ගත කෙරිණ .

මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළා යන නඩුව පවරන්නේ අවුරුදු 14 කට පසුවය.

එම නඩුවට ඔහුට එරෙහි අධි චෝදනා පත්‍ර බාර දෙන්නේ සැප්තැම්බර් 02 වෙනිදාය.

පොලිස් අධිකාරී කුරේ ගම්පහ මහාධිකරණයෙන් නිදෝස් කොට නිදහස් කරන්නේ සැප්තැම්බර් 01 වෙනිදාය.

අධිකරණය මගින් නිදෝස් කොට නිදහස් කරන කුරේව අධිකරණ නියෝගයක් නොමැති නැවත බන්ධනාගාර කරන්නේ ත්‍රස්තවාදී වැළැක්විමේ පනත පදනම් කරගෙනය.

පොලිස් අධිකාරී කුරේට එරෙහි අවුරුදු 14 කට පසුව නැවත නඩු පැවැරිම පිටුපස රාජපක්ෂලා සිටිතැයි බරපතළ සැකයක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *