ධනපති ක්‍රමය පෙරළමු ! කම්කරු – පිඩිතයින් ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු !

Let's overthrow the capitalist system! Let's build working committees of workers-educators!

ධනපති පාලක පන්තියට එරෙහි පන්ති ස්වාධීනතාවය මත පිහිටා ගොඩනගන දේශපාලන වැඩ පිළිවෙලකට භාහිරව දේශපාලන දකුණ සමඟ සහයෝගයෙන් ගොඩනඟන පීඩන යෙදීමේ හෝ සිස්ටම් චේන්ජ් ව්‍යාපාර කම්කරු, ගොවි, පීඩිත මහජනතාවගේ ස්වාධීන විප්ලවවාදී අරගලය ඉදිරියට ගැනීමට එරෙහිව පිහිටුවන අන්ත ප්‍රතිගාමී දේශපාලන මර උගුල් ය.

ලංකාවේ කොලඹ නාගරික සුලු ධනපති හා මැද පන්තික දේශපාලන නියෝජිතයින්, වෘත්තීය සමිති හා ඊනියා ලිබරල් බහුජන ව්‍යාපාර මෙම මර උගුල් ඇටවීම අලුත් වටයකිත් ඇඹරීමට සැරසී සිටින්නේ එම මහජන ව්‍යාපාරය නව ධනපති පාර්ලිමේන්තුවකට හා ව්‍යවස්ථාවකට කොටු කර ලීම සඳහාය .

මෙම ප්‍රතිගාමී දේශපාලනයට එරෙහිව අරගල පෙරට ගැනීම සඳහා දේශපාලන දකුණ බැහැර කරමින් කම්කරු, ගොවි, පීඩිත ජනතාවගේ ක්‍රියාකාරී කමිටු තනා තම පන්ති වැඩපිලිවෙල ඉදිරියට ගැනීම සඳහා පෙරමුන ගනිමු.

කප්පාදුව, ධනපති මර්දනය හා ඒකාධිපතීත්වය පරාජය කළ හැක්කේ ධනපති පාලනය අවසන් කළ හැක්කේ එවන් ස්වාධීන ව්‍යාපාරයකට පමණි.

කම්කරුවන්ගේ හා ගම්බද හා නාගරික දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී මහජන සම්මේලනයක් කැඳවීම සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවා කම්කරු පංතිය හා ගම්බඳ ජනයා එක්සත් කිරීම අවශ්‍යය.

මෙය ඉතා හදිසි හා එකම තත්‍ය වැඩපිලිවෙලයි. මෙහි පලමු පියවර ලෙස කප්පාදුවට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාව සඳහා කොලඹ ඇතුළු නාගරික පළාත්වල හා ගම්බද ප්‍රදේශ වල ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම හැර වෙනත් විකල්පයක් නැත .

නීතිඥ සංජය ජයසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *