පොලිසිය සිසු පෙළපාලිය විසුරුවා හරි, අටක් අත්අඩංගුවට

The police dispersed the student demonstration and arrested seven students

ත්‍රස්තවාදී වැළැක්විමේ පනත වහා අහෝසි කරන්නැයි ආණ්ඩුවට බල කර අද (18) කැළණි විශ්ව විද්‍යාලයේ පරිශ්‍රයෙන් ආරම්භ කර, කොළඹ දක්වා යැමට පැමිණි සිසුජන විරෝධතා පා ගමන එම විශ්ව විද්‍යාලය ආසන්නයේ දී විසුරුවා හැරිමට පොලිසිය කටයුතු ක‌ළේය .

පොලිසිය මෙහිදි විශ්ව විද්‍යාල සිසුන් 07 දෙනෙක් අත්අඅංගුවට ගෙන ඇත ‍.

සිසුන් පෙළපාලියෙන් ‌කොළඹ දෙසට ගමන් කරද්දී , පොලිසිය කොළඹ දෙස සිට සිසුන පසුපස හඹාගෙන ‌ගෙන ගොස් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙි .

මෙම විරෝධතා පෙළපාලිය සංවිධාානය කරන ලද්දේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය මගින්ය.

ත්‍රස්ත පනත යටතේ සිරගත කරන ලද අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත බණ්ඩාර සහ අන්තර් විශ්ව විද්‍යාලය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්නැවේ සිරිධම්ම හිමි වහා නිදහස් කරන්නැයි විරෝධතාකරුවන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.

සිසු පෙළපාලිය කොළඹට යැම වැළැක්විම සදහා ආණ්ඩුව දහසක පමන පොලිස් බලඇණියක් කැදවා තිබු අතර ජල ප්‍රවාහන රථ දෙකාද රැගෙනවිත් තිබුණි .එම බලඇණිය කැළණි ටයර් සංස්ථාව ඉදිරිපිට ස්ථාන ගත ‌කෙරිණ .

පොලිසිය නුවර පාර පැය දෙකකට ආසන්න කාලයක් සම්පුරණයෙන් වසා තිබුණි .

පොලිසිය සිසු පෙළපාලිය විසුරුවා හැරීමෙන් පසු කැළණි විශ්ව විද්‍යාලයේ දොරටුව ඉදිරිපිට විරෝධතා රැලියක් ද පැවැවිත්විණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *